පරණ ග්‍රීක පිළිම වල අඹලා තිබ්බ පිරිමි රූප, සික්ස් පැක් එහෙම ඇවිත්, අත් වල නහර එළියට පැනලා, සුපිරි ඇඟවල් තියෙන අය. හැබැයි ඔය හැම එකකම වගේ පුරුෂ ලිංගය විතරක් හෙනම පොඩියි. ඉතින් ඔය ඇඟවල් වල හැටියට ඇයි ඕක විතරක් පොඩි කියන ප්‍රශ්නේ මට පොඩි කාලේ ඉඳන්ම තිබ්බා.
ඕක ගැන හොයලා බලද්දී හම්බුන දේ තමා, හැඟීම් පාලනය කරගෙන, තාර්කිකව හිතන්න පුළුවන් පිරිමින්ව තමා ඒ කාලේ නියම පිරිමියා විදියට සලකලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමා සයිස් එකෙන් අඩු, කෙලින් වෙලාත් නැති පුරුෂ ලිංග එයාලා ඒ ප්‍රතිමා වලට දාලා තියෙන්නේ.
මොකද ඒ කාලේ මිනිස්සු හිතුවේ විශාල පුරුෂ ලිංගයක් තියෙනවා කියන්නේ ඒ කෙනාට හැඟීම් හරියට පාලනය කර ගන්න බැරි, අශිෂ්ඨ කෙනෙක් විදියට.
ඒ කාලේ හිටියා කියන පොසයිඩ්න්, සීයුස්, හර්කියුලිස් වගේ සුපිරි ග්‍රීක දෙවිවරු, වීරයෝ වගේ චරිත වල පිළිම හැම එකකම පුරුෂ ලිංගය හරිම පොඩියි.
ඉතින් එයාලට පෙන්නන්න ඕන උන දේවල් තමා ඒ කාලේ හිටිය "සුපිරි පිරිමි" කියලා සලකපු මිනිස්සු එයාලගේ හැඟීම් පාලනය කර ගන්න පුළුවන්, තාර්කිකව හිතන බොහොම ශිෂ්ඨ සම්පන්න මිනිස්සු කියලා.
ඉතින් ඔයාටත් පොඩි ගැජට් එකක් නම් තියෙන්නේ ඔන්න දැන් කියන්න දෙයක් තියෙනවා.
"ග්‍රීසියේ හිටිය වීරයෝ වගේ මගෙත් අරක පොඩි උනාට මොළේ ලොකුයි."
#XeducationSL