පිරිමි හිංසනය ලොවට කියූ ජොනී ඩෙප් : Amber Hurd VS Johnny Depp Lawsuit



ගොඩක් දෙනෙක් බලාගෙන හිටිය විදියට අප්‍රේල් මුල ඉඳන් ඇදුන ජොනී ඩෙප් සහ එයාගේ කලින් බිරිඳගේ නඩුව ඊයේ ජොනී දින්නා. ඔය සේරම පටන් ගත්තේ 2018 දී ඇම්බර් එයාව ගෘහස්ථ හිංසනයට ලක් වුනා කියලා The Washington Post පත්තරේට කරලා තිබ්බ ප්‍රකාශයක් හින්දා.

ඕක අල්ලගෙන තමා ජොනී නඩුව දැම්මේ. මේ බොරු ප්‍රකාශය හින්දා එයාගේ වෘත්තීය ජීවිතේට හානි වුනා කියලා. ඔන්න ඔය කතාව හින්දා තමා ජොනී රඟපාන්න හිටිය "Pirates of the Caribbean" ෆිල්ම් වල 6 වෙනි ෆිල්ම් එකත් ඩිස්නි සමාගම විසින් ජොනී ට නැති කලේ.

පිරිමි කෙනෙක් ගේ අතින් ගැහැණු කෙනෙක්ට මොකක් හරි කරදරයක් උනාම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව හැමෝම ඒ ගැහැණු කෙනාගේ පැත්ත ගන්න එක තමා සාමාන්‍යයෙන් වැඩියෙන්ම වෙන්නේ. ඉතින් ඒ පිරිමියා ප්‍රසිද්ධ කෙනෙකුත් උනාම ඔය ප්‍රශ්නේ තවත් දරුණුවට යනවා. ඕක තමා ජොනී ටත් උනේ.

ඒත් මම හිතුවේ නෑ මේ නඩුව ජොනී ට දිනන්න පුළුවන් වෙයි කියලා.

එහෙම හිතන්න එක හේතුවක් තමා ජොනී නඩුව දැම්මේ එයාව abuse උනා කියලා ඔප්පු කරන්න නෙමේ. ජොනී ට කරන්න තිබ්බේ ඇම්බර්ව abuse කරා කියලා කියන ඇම්බර් ගේ චෝදනාව බොරුයි කියලා ඔප්පු කරන්න.
abuse කරනවා කියන එක ශාරීරික වද හිංසා වෙන්නම ඕන නෑ. වචනෙන් උනත්, මානසිකව උනත් කෙනෙක්ව abuse කරන්න පුළුවන්.

අනිත් හේතුව තමා ඔය ආටිකල් එකේ කොහෙවත් ජොනී ගේ නමක් ගෑවිලා තිබ්බේ නෑ. අනික එකේ abuse කරපු විදියක් වත් ඒ කිසිම දෙයක් ගැන විස්තරයක් තිබ්බේ නෑ.

ඔය දේවල් හින්දා මම හිතුවෙම නෑ ජොනී ට නඩුව දිනන්න නම් පුළුවන් වෙයි කියලා. සමහර විට නඩුව දින්නේ නැතත් ජොනී ට එයාගේ කතාව ලෝකෙට කියන්න අවස්තාවක් හම්බෙන හින්දා නඩුව දාන්න ඇති.

මේ නඩුවේදී ජොනී ගෙන් නීතිඥ වරියක් අහනවා ඔයාට මේ ප්‍රශ්නේ හින්දා මොනාද නැති වෙලා තියෙන්නේ කියලා. ජොනී ටික වෙලාවක් නිහඬව ඉඳලා කියනවා "මට නැති වෙන්න කිසි දෙයක් නෑ කියලා"

+ nothing less than everything

ඔය නඩුවේ ගිය වීඩියෝ ඔයාලා බැලුවා නම් දකින්න ඇති ජොනී කිසිම වෙලාවක ඇම්බර් දිහා බැලුවේ නෑ. ජොනී ඉඳගෙන හිටිය තැන ඉස්සරහටම ඇවිත් මුහුණ මුහුණ බලන් ඇම්බර් නීතිඥයන් අහන ප්‍රශ්න වලට උත්තර දෙද්දීත් ජොනී බිම බලාගෙනම තමා හිටියේ. ඉතින් ඔය අස්සේ මේ ගෑණි කිව්වා "එයා වැරද්දක් කරා, එයා බොරු කියනවා. ඒකයි එයාට මම දිහා බලන්න බැරි" කියලා 

+ Because he is guilty, he knows he is lying. Otherwise, why can’t he look at me?

ඊට පස්සේ ජොනී ගේ පැත්තේ නීතිඥවරියක් ඔන්න ඔය කේස් එක ආයේ ඇදලා ගත්තා. නීතිඥ වරිය ඇම්බර් ගෙන් අහනවා 

"ජොනී ඔයා දිහා එකම එක පාරක් වත් මේ නඩුව පටන් ගත්ත දවසේ ඉඳන් බැලුවේ නෑ නේද? ඔයා දන්නවනේ ඇයි ජොනී ඔයා දිහා බලන්නේ නැත්තේ කියලා. ජොනී ඔයාට පොරොන්දුවක් දීලා තියෙනවා නේද ඔයාට ආයේ කවදාවත් එයාගේ ඇස් දෙක දකින්න වෙන්නේ නෑ කියලා."

+ Mr. depp hasn't looked at you once this entire trial hasn't he? you know exactly why Mr. depp won't look. He promised you never you would never see his eyes again isn't that true

උත්තරේ විදියට "එයා එහෙම දෙයක් කිව්වා කියලා මට නම් මතක නෑ" කියලා ඇම්බර් කියනවා. ඊට පස්සේ නීතිඥ වරිය පරණ හඬ පටයක් play කරලා උසාවියට පෙන්නනවා. ඒකෙ තිබ්බේ රණ්ඩුවක් ඉවර වෙලා ජොනී ඇම්බර් ට කියන දෙයක්.

"අපි දෙන්නා ආයේ කවදාවත් හමු වෙන එකක් නෑ. ඔයාට මගේ ඇස් දෙක ආයේ කවදාවත් දකින්න වෙන්නේ නෑ."

+ No, we’ll never see each other again. We will never… Not my fu**ing eyes. You will not see my eyes again.

ඕක play කරලා "එයාගේ ඇස් දෙක දකින්න වෙන්නේ නෑ කියන පොරොන්දුව ජොනී ඒ විදියටම රැක්කා නේද" කියලා නීතිඥවරිය ඇම්බර් ගෙන් ඇහුවා. 

ඇම්බර් සහ ජොනී අතරේ ගිය තවත් එක විශේෂ හඬ පටයක් ජොනී ගේ නීතිඥ වරු උසාවියට ඉදිරිපත් කළා. ඒකෙ ඇම්බර් ජොනී ට මෙහෙම කියනවා.

"ලෝකෙට කියන්න ජොනී, සුදු ජාතික පිරිමියෙක් වෙච්ච ජොනී ඩෙප් වන මම ගෘහස්ථ හිංසනයට ගොදුරු වෙලා ඉන්නේ කියලා කියන්න.
ඔයා කියන දේවල් විශ්වාස කරන්නේ කවුද කියලා බලන්න, කී දෙනෙක් ඔයාගේ පැත්ත ගන්නවද කියලා බලන්න."

+ Tell the world, Johnny, tell them,'Johnny Depp, I, a man, I'm a victim too of domestic violence. and see how many people believe or side with you."

දෙන්නා ඕස්ට්‍රේලියාවේ ගිහින් හිටිය කාලෙක මත්පැන් බෝතලයක් ඇම්බර් ගේ අරක අස්සේ ඔබලා එයාව දුෂණය කරන්න හැදුවා කියලත් ඇම්බර් ඉකි ගගහා අඬ අඬා උසාවියේ කිව්වා. ඒත් වැඩේ කියන්නේ එක කඳුළු බින්දුවක් වත් ඇම්බර් ගේ ඇස් වලින් නම් ආවේ නෑ. ඒ වගේම නීතිඥ වරු ප්‍රශ්න ඇහුවම ගොඩක් වෙලාවට ඇම්බර් උත්තර දුන්නේ ප්‍රශ්නේ අහපු නීතිඥ වරයා දිහා බලලා නෙමේ. ජූරිය දිහා බලලා. තමන් වරදක් කලේ නෑ කියලා ජූරියට අඟවන්න ඇම්බර් ඕවර් ඇක්ටින් පොඩ්ඩක් දාන්න ගියා මම හිතන්නේ.

මේ නඩුව යද්දී දෙන්නා කලින්ම දික්කසාද වෙලා හිටියේ. දික්කසාද වන්දි විදියට හම්බුන ඩොලර් මිලියන 7ක සල්ලි ටික පුන්‍යයායතනයකට පරිත්‍යාග කරා කියලා ඇම්බර් ඉන්ටවිව් එකක කියලා තිබ්බා. ජොනී ගේ දේවල් සත 5ක් වත් එපා වගේ ලයින් එකක් තමා එයා දීලා තිබ්බේ.  
කොහොම හරි බැලින්නම් ඉන්ටවිව් එකේ කිව්ව විදියට දික්කසාද සල්ලි ටික සේරම පරිත්‍යාග කරලා තිබ්බෙත් නෑ. 
ඒ දීලා තිබ්බ ගානෙනුත් ඩොලර් ලක්ෂ 8.5 ක් ඇම්බර් ගේ නමින් පරිත්‍යාග කරලා තිබ්බේ ලෝකේ අංක එකේ ධනවතා වෙන Elon Musk. (Elon Musk මේ කතාවට පැටලෙන තව හොඳ තැනක් තියෙනවා පල්ලෙහා.)

තව ජොනී ඇඳේ නිදියන පැත්තේ ඇම්බර් 💩 දාලා තිබ්බා කියලත් ජොනී උසාවිය ඉස්සරහා කිව්වා. හැබැයි ඇම්බර් නම් කිව්වේ ඒක එයා කරපු දෙයක් නෙමේ. ඒකට බල්ලා තමා වගකියන්න ඕනා කියලා. සතෙක්ට එච්චර 💩 යන්නේ නෑ කියලා තමා ජොනී කිව්වේ.

දවසක් ඇම්බර් බෝතලෙකින් ගහපු පාරක් හින්දා ජොනී ගේ අතේ ඇඟිල්ලක කෑල්ලක් කැපිලා ගිහින් තියෙනවා. එදා වෙච්ච රණ්ඩුව නවත්ත ගන්න ඇම්බර් ගෙන් බේරෙන්න ජොනී මාර ගේමක් දීලා තියෙනවා.

"මම බාත්රුම් එකකට යනවා. ගිහින් බිම ඉඳගෙන ඉන්නවා. බෑම් බෑම් බෑම් ගාලා ඔයා ගහනවා. ඔයා එනවා. මම එළියට එනවා. ආයේ රණ්ඩු වෙනවා. මම ඔයාගෙන් බේරෙන්න ආයේ වෙන බාත්රුම් එකකට හරි කාමරේකට හරි යනවා. නොක් නොක් කියලා දොරට ගහනවා. බෑම් බෑම් බෑම් ගාලා ගහනවා. ඔයා ආයේ එනවා."

+ i go to the into the bathroom and sit on the floor bam bam bam here. you come. i come out. fight fight fight 
split again. i go to another bathroom or a bedroom or something. knock knock knock. bang bang bang
you kept coming to get me"

+ I did not punch you, I was hitting you කියලත් ඇම්බර් ගේ හඬපටයක තිබ්බා. ඒ කියන්නේ ඇම්බර්ම කියනවා එයා ජොනී ට ගැහුවා කියලා.

ඒ දවස් වල ජොනී ගේ ගෙදර අසල්වැසියා වුන Joshua කියලා කෙනෙක්, මේ නඩුවේදී සාක්ෂි දුන්නා. "ජොනී රෑට ගෙදර නැති වෙලාවට 30 දෙනෙක්ටත් වඩා ජොනී ගේ ගෙදරට එන්න ඇති කියලා" එයා කිව්වා. ඒ සාක්ෂි දීපු කෙනාගේ වයිෆ් ඇම්බර් ගේ හොඳම යාලුවෙක්. ඉතින් සාක්ෂි දුන්න Joshua ගේ වයිෆ් එයාට කියලා තියෙනවා ඇම්බර් ගැන එක එක දේවල්. Joshua තමන්ගේ වයිෆ් ඇම්බර් ගැන කිව්ව දේවල් සාක්ෂි හැටියට උසාවියට කිව්වා. 
ඒ කිව්ව විදියට ජොනී ව බැඳලා ඉන්න කාලේදීම Cara Delevingne කියලා නිරුපිකාවක් එක්ක ඇම්බර් ගේ සම්බන්ධයක් තිබිලා තියෙනවා. (Cara කියන්නේ ගැහැණු කෙනෙක් හොඳේ) ඒක නෙමේ හොඳම හරිය. ඇම්බර්, Cara සහ Elon Musk කියන තුන්දෙනාම රැයක් එකට ගත කරලා තියෙනවා කියලත් කිව්වා. ඒ කිව්ව විදියට ත්‍රිසම් එකක් ගිහින් තියෙනවා.

කොහොම හරි තව සෑහෙන දෙනෙක් දුන්න සාක්ෂි, හඬ පට, වීඩියෝ, ෆොටෝ උසාවියට ඉදිරිපත් උනා. අවසානයේ ඇම්බර් ව ගෘහස්ථ හිංසනයට ලක් කලේ නෑ කියලා උසාවියේදී ඔප්පු කරන්න ජොනී ට පුළුවන් වුනා. වන්දි විදියට ඩොලර් මිලියන 15ක් ඇම්බර් ජොනී ට ගෙවන්න ඕනා කියලා උසාවිය නියම කළා.

සල්ලි වලටත් වඩා තමන්ට කරපු චෝදනා බොරු කියලා ඔප්පු කරලා නඩුවත් දිනපු හින්දා ජොනීට නැති උන දේවල් ආපහු දැන් කලින්ටත් වඩා ලැබෙයි. මම නම් බලන් ඉන්නේ Pirate of the Caribbean 6 වෙනි ෆිල්ම් එකේ ජොනී ඉන්නවා දකින්න. ඒත් මම හිතන් නෑ ජොනී ආපහු එයාව ප්‍රතික්ෂේප කරපු ඩිස්නි සමාගම එක්ක එකතු වෙලා ඔය ෆිල්ම් එක කරයි කියලා. මොකද නඩුවේ එක පාරක් නීතිඥ වරයෙක් අහනවා "ඔයාට ඩොලර් මිලියන ලක්ෂ 3ක් දුන්නත් Pirates of the Caribbean ෆිල්ම් එකක රඟපාන්නේ නෑ නේද" කියලා. 

+ That is true කියලා ජොනී උත්තර දුන්නා. 

මේ නඩුවෙන් තේරෙන එක දෙයක් තමා පිරිමියෙක් කොච්චර කඩවසම් උනත්, කොච්චර සල්ලි තිබ්බත්, කොච්චර ජනප්‍රිය උනත් හරි හමන් සහකාරියක් නැත්නම් ඒ ජීවිතෙන් කිසි වැඩක් නෑ කියන එක.

#XeducationSL 

Previous Post Next Post