කාට හැන්ගුවත් දත් දොස්තරට ඕක හංගන්න බෑ : You CAN'T Hide BJ from the Dentist!

 

දැන් ඔය *ට ගන්නවා කියන එක ගොඩක් අය කරනවනේ. ඒක කරන එකේ වරදක් නෑ. ඒක බොහොම ආරක්‍ෂිත ක්‍රමයක්. කොහොම හරි ඕක කරා කියලා දැන ගන්නේ ගත්ත කෙනයි දුන්න කෙනයි විතරක් උනාට දන්ත වෛද්‍යවරයෙක්ට පුළුවන් ඕනනම් ඔයා මොනාද කරේ කියලා හොයා ගන්න. කාට හැන්ගුවත් දත් දොස්තරට ඕක හංගන්න බෑ. 


පෝස්ට් එකේ *ට ගන්නවා කියලා දිගටම කියන්න බෑ. ඒ හින්දා ලොලිපොප් කනවා කියලා කියන්නම්. හාද. 

ඉඳලා හිටලා ලොලිපොප් එකක් කන එක ඒ තරම් දෙයක් නෙමේ. ඒත් කිහිප පාරක්ම ඕක කටේ දාගෙන උරනවා නම් තමා ඕක හොයන්න පුළුවන් වෙන්නේ. නිතර නිතර ලොලිපොප් කෑවාම Palatal Petechiae කියන තත්වය ඇති වෙනවා. ඒ කියන්නේ ලොලිපොප් කද්දී ලොලිපොප් එක කට ඇතුලට ගිහින් වැදිලා කටේ උඩු තල්ලේ (soft palate) කොටසක් තැලෙනවා. පොඩි පැල්ලමක් වගේ සළකුණක් හිටිනවා.


ඒකෙන් දන්ත වෛද්‍ය වරයාට හොයන්න පුළුවන් ඔයා ලොලිපොප් කාලා තියෙනවද කියලා. ජීවිතේ කවදා හරි ඕක කරලා තියෙනවද කියලා හොයන්න බෑ. මාස ගානකට කලින් වැඩේ වෙලා තියෙනවද කියලා හොයන්නත් බෑ. ඒ වගේම එක පාරක් විතරක් ඕක කරා කියලා එහෙම සළකුණක් හිටින්නෙත් නෑ. බෑ. ඒත් කීප පාරක් ළඟ ළඟ වැඩේ වෙලා තියෙනවා නම් ගොඩක් වෙලාවට කියන්න පුළුවන් මොකද්ද වෙලා තියෙන්නේ කියලා.


ඔය කතාව 2018 කරපු Case Report එකකින් සනාථ උනා. (Fellatio-associated erythema of the soft palate: an incidental finding during a routine dental evaluation) 

ඒකෙදි වයස අවුරුදු 47 ක පිරිමි කෙනෙක් එයාගේ කටේ උඩු තල්ලේ තුවාලයක් හින්දා ඒක පෙන්නන්න ක්ලිනික් එකට ඇවිත් තියෙනවා. මුඛ කුහරය පරික්ෂා කරලා බලද්දී ඒ කෙනාගේ උඩු තල්ලේ රවුම් හැඩයේ පැල්ලමක් වගේ එකක් තිබිලා තියෙනවා. එත් ඒ පැල්ලම ආවේ කොහොමද කියන එක ගැන එයා හරියට දැනගෙන ඉඳලත් නෑ. පස්සේ ඒ ගැන හොයලා බලද්දී ඒ පිරිමි කෙනා පිළිඅරගෙන තියෙනවා එයා පිරිමි අය එක්ක සෙක්ස් කරලා තියෙනවා කියලා. පිරිමින්ගේ ඒවා කටේ දාගෙන කරලා තියෙනවා කියලා. ක්ලිනික් එකට එන්න දවස් 3 කට කලින් තමා අන්තිම ලොලිපොප් එක කාලා තියෙන්නේ. 


එහෙමයි කියලා දැන් නිතර නිතර ලොලිපොප් කන අය ඩෙන්ටල් ක්ලිනික් එකට අකමැති වෙන්න ඕනා නෑ. මොකද දන්ත වෛද්‍යවරු ඔය පැල්ලම ඔයාගේ තියෙනවද කියලා හොය හොයා ඉන්නේ නෑ. ඔයා මොනාද කලේ, කා එක්කද කලේ, කවද්ද කලේ කියන එක දන්ත වෛද්‍යවරයාට අදාළ නෑ. එයා ඒ දේවල් ගැන වද වෙන්න යන්නෙත් නෑ. 

ඒත් ඊළඟට දත් ටික පරික්ෂා කරන්න යන දවසට ඔයා කටේ දා ගත්ත දේවල් වෙන කවුරුත් දැන ගන්න ඕනේ නැත්නම් ඩෙන්ටල් එකට යන්න දවස් කිහිපයකට කලින් කටේ දා ගන්න එක නවත්තන්න. දවස් කිහිපයකින් වගේ ඔය පැල්ලම නැති වෙලා යනවා.


දැන් මේක කියවලා අපේ කොල්ලෝ ටික දත් දොස්තරලා වෙන්න යන්නත් එපා හොඳේ. 


#XeducationSL

Previous Post Next Post