මේ දවස් වල ලංකාවේ හිටපු පාලකයා අයින් වෙලා, අලුත් පාලකයෙක් පත් කර ගන්න අරගලයක් යන වෙලාවක්. මේ පෝස්ට් එක ලියන වෙලාවේ එහෙමයි, ඔයාලා මේක කියවන වෙලාව වෙද්දී මොනා වෙලා තියෙයිද දන්නේ නෑ. හොඳයි කියලා හිතලා මිනිස්සු ඡන්දය දුන්නට, බලයට ආවට පස්සේ තමා ගොඩක් දෙනෙක්ගේ ඇත්තම කැරැට්ටුව එළියට එන්නේ. මේ ලෝකේ කළු හෝ සුදු කියලා මිනිස්සු නෑ. ඉන්නේ ඔය දෙකම කළවම් වෙලා තියෙන අළු මිනිස්සු.
ඉතින් රටේ ඔය වෙන දේවල් දකිද්දී මට හිතුනා එකිනෙකට සම්පුර්ණයෙන් වෙනස් චරිත දෙකක් ගැන මිනිස්සු වැඩිය නොදන්න පැත්ත ගැන කියන්න.
👉 ජාතියේ පියා කිව්වම ඉස්කෝලෙ යන පොඩි ළමයා පවා දන්නවා ඒ ඉන්දියාවේ මහත්මා ගාන්ධි කියලා. ජාතියක නිදහස දිනා ගන්න සාමකාමී අරගලයක් කරපු වීරයෙක් විදියට තමයි ගාන්ධිව සළකන්නේ. හැබැයි ගාන්ධි ගේ වැඩි දෙනා නොදකින, නොදන්න පැත්තක් තියෙනවා.
ගාන්ධි වයස අවුරුදු 13 දී තමා විවාහ වෙලා තියෙන්නේ. විවාහ වෙලා අවුරුදු 2 කට පස්සේ ගාන්ධි ගේ තාත්තා ලෙඩ ඇඳේ අවසන් හුස්ම හෙලන්න යන වෙලාවේ ගාන්ධි තාත්තා ලඟට වෙලා උඩ තට්ටුවේ ඉඳලා තියෙනවා. ඔය ඉන්න අතර වාරයේ ගාන්ධිට එයාගේ බිරිඳ එක්ක ලි0ගිකව එකතු වෙන්න ඕනා කියලා කැමැත්තක් පහළ වෙනවා. තාත්තා අවසන් හුස්ම හෙළන අතරේ ගාන්ධි පහළ තට්ටුවට ගිහින් බිරිඳ එක්ක ලි0ගිකව එකතු වෙනවා.
තමන්ගේ තාත්තා අවසන් හුස්ම හෙළන වෙලාවේ තමන් තාත්තා එක්ක ඉන්නේ නැතුව බිරිඳ එක්ක ලි0ගිකව එකතු වුණා කියන වරදකාරී හැඟීම පස්සේ කාලෙක ගාන්ධි ගේ හිතේ වද දෙන්න ගන්නවා. ඒ හින්දා ගාන්ධි බිරිඳ එක්ක එකතු වෙන එකත් නවත්තලා පස්සේ කාලෙක බ්‍රහ්මචාරි වුණා කියලා තමා කියන්නේ.
වයස 38 වෙද්දී එයා බ්‍රහ්මචර්යා ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන්න පටන් ගන්නවා. නමට බ්‍රහ්මචර්යා වුණාට ගාන්ධි ගේ ආශ්‍රමය ඇතුළේ ඒ කාලෙදිත් එක එක දේවල් වෙලා තියෙනවා.
එයාගේ ආශ්රමයේ හිටිය තරුණ වයස් වල ගැහැණු, පිරිමි ළමයි නිරුව_ත්ව එකට තමා නාන්නේ, නිදා ගන්නේ. හැබැයි එයාලට ලි0ගිකව එකතු වෙන එක තහනම්. ඕක ගාන්ධි ගේ ආශ්‍රම යේ තිබ්බ එක නීතියක්. ගාන්ධි ට අනුව බ්‍රහ්මචර්යාව ඔප්පු කරන්න විදිය තමයි ඒක.
ගාන්ධිගේ වෛද්‍යවරියක් වුන සුශිලා ත් ගාන්ධි එක්ක එකට නිරුව_ත්ව නාන එක සහ නිදාගන්න එක කරලා තියෙනවා. ඒ වෙද්දී සුශිලාගේ වයස 33යි, ගාන්ධි ට 77යි. “අනිත් නායකයෝ වගේම තමන්ට ඕන විදියට එයා එයාගෙම නීති හදා ගත්තා” කියලා කළකිරුණු සුශිලා පස්සේ කාලෙක ගාන්ධි ගැන කියලා තිබ්බා.
ඉන්දියාවේ කැරළි වැඩි වීගෙන එනකොට ගාන්ධි එයාගේ මිණිබිරිය වුන “මනූ” ට කියලා තියෙනවා ඔයත් ඇවිත් අපිත් එක්ක එකතු වෙන්න, නැත්නම් මුස්ලිම් අන්තවාදීන් ඔයාලව මරයි කියලා.
ඒ විදියට වයස 18ක් වුන මිණිබිරිය “මනූ” වත් ගෙන්නාගෙන තියෙනවා එයාගේ ආශ්රමයට.
ඔය විදියටම ගාන්ධි ගේ මුණුබුරා ගේ බිරිඳ උන “අභා” ව තමන්ගේ ආශ්රමයට ගෙන්නාගෙන තියෙනවා. ඒ වෙද්දී අභා ගේ වයසත් 18 යි.
පෝස්ට් එකේ දාලා තියෙන ෆොටෝ එකේ ගාන්ධි ට දෙපැත්තෙන් ඉන්නේ මනූ සහ අභා තමා.
ගාන්ධි ට වයස 78 වෙද්දී ඔය උඩ කිව්ව දෙන්නා එක්කම එකම වෙලාවේ නිරුව_ත්ව ගාන්ධි නිදාගෙන ඉඳලා තියෙනවා. වයස වැඩි වෙනවත් එක්කම ඔය විදියට නිරුව_ත්ව නිදා ගන්න සහ ස්නානය කරන ගැහැණු ගණන වැඩි වුනා කියලා තමා කියන්නේ. නාකි විසේ කියලා හිතෙනව නේද?
ඔච්චර දේවල් කරලත් ගාන්ධි එයාගේ බ්‍රහ්මචර්යාව සාධාරණීකරණය කළේ මෙහෙමයි, “මම නිරුව_ත් ගැහැණු එක්ක ස්නානය කළත්, මම නිරුව_ත් ගැහැණු එක්ක නිදා ගත්තත් මම මගේ මනස පාලනය කරගෙන කිසිම වෙලාවක ලි0ගිකව එකතු නොවී ඉන්නවා” කියලා. හැබැයි ඒක ගාන්ධිට තිබ්බ විකෘති ලි0ගික ආශාවක් විදියටත් කෙනෙක්ට පෙන්නන්න පුළුවන්.
ඔය කතා ඒ දවස් වල ඉන්දියාවේ මිනිස්සු හිස් මුදුනේ තියන් පිළිඅරගෙන ඇදහුවා.
ඉන්දියාවේ පවා ඉස්කෝල වල ළමයින්ගේ ඔළු වල දෙවි කෙනෙක් වගේ මවන චරිතයක් තමා ගාන්ධි කියන්නේ. ගාන්ධිගේ හොඳ පැත්ත ගැන ලියවුණු ගැන පොත්, චිත්‍රපටි පවා සෑහෙන ගාණක් තියෙනවා. ඒත් ගාන්ධි ත් perfect මිනිහෙක් නෙමේ.
👉 ඒ තමා ජාතියේ පියා. දැන් කියන්න යන්නේ අනිත් චරිතය ගැන, ලංකාවේ හිටපු ජාතික ත්ර.ස්ත_වාදියෙක් ගැන. තහනම් ත්ර.ස්ත_වාදි සංවිධාන නායකයෙක් හින්දා මම දන්නේ නෑ මෙයාගේ නම ෆේස්බුක් එකේ දාන්න මාක් අයියා අවසර දෙනවද කියලා. නම ඕනේ නෑ මෙයාව ඔයාලා දන්නවා.
මේ ටික උපුටා ගන්නේ විශ්‍රාමික මේජර් ජෙනරාල්, වර්තමාන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ලිව්ව රණමග ඔස්සේ නන්දිකඩාල් පොතෙන්. ඒකෙ තියෙන ටිකක් ඒ විදියටම දාන්නම්. මට මොකුත් අතින් දාන්න දෙයක් නෑ. කියවලා බලන්න.
“මම පුද්ගලිකවම ප්‍ර_ _ රන්ගේ පහත් ගණයේ ප්‍රතිපත්ති හා කුරිරු මිලේච්ඡ ගතිගුණ හෙලා දුටු මුත් මා අගය කරන ගති ලක්ෂණද කිහිපයක් ඔහු තුල තිබිණ. අප දන්නා තරමින් ඔහු සිය බිරිඳට හා දරු පවුලට මහත් සේ ආදරය කළේය. අවසන් සටනේදී ඔහුගේ හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ චායාරුප දහස් ගණනක් අප සොයා ගත් අතර ඔහු සිය දරු පවුලට කෙතරම් ආදරය කළාද යන්න ඒවායින් ඉතා පැහැදිළි විය.
එල්. _ _ සංවිධානය මඟින් ම රා.ගෙන මැ රෙ.න බෝ ම්බ.කරුවන් සිය ගණනක් සිය ඉලක්ක වෙත යොමු කල අතර එම ම රාගෙ.න මැ රෙ.න බෝ ම්බ.කරුවන් අතර කාන්තාවන් රාශියක් විය. තම නායකයාගේ අණ වචනයට ගරු කොට ඔහුගේ අණ පිළිපදිමින් එම අණ අනුව තම ජිවිතයම පුජා කරන ම රා.ගෙන මැ රෙ.න කාන්තාවක් හට නැති විමට දෙයක් නැත. එමෙන්ම මාගේ හැඟීමට අනුව එවන් ම රාගෙ.න මැ රෙ.න කාන්තාවක් සිය ජීවිතය තම නායකයාගේ අණ වචනයට ගරු කොට පුජා කරන්නේ නම්, තම නායකයාට පුජා කළ නොහැකි වෙනත් දෙයක් ඇගේ සිරුර තුල නොතිබිය හැකිය. එවන් හැකියාවක් ඇති අවස්ථා කොතරම් තිබුණද ප්‍ර_ _ රන් කිසිදා කිසිවෙකුවත් විසින් ස්ත්‍රීන් පිළිබඳ කාම ලෝලියෙකු හෝ ස්ත්‍රී දුෂකයෙකු ලෙස දැක හෝ හඳුන්වා දී නැත.
අප අවසන් සටනේදී සොයා ගත් ප්‍ර_ _ රන් සහභාගී වූ උත්සව අවස්ථාවල චායාරුප දහස් ගණන අතර තිබු එක් චායාරුපයක හෝ ප්‍ර_ _ රන් මත්පැන් වීදුරුවක් අතැතිව සිටින චායාරුපයක් සොයා ගැනීමට අපට නොහැකි විය. ඔහු කිසි ලෙසකත් ස්ත්රීන්ට ලොල් වූ අයෙකු, ස්ත්‍රී දුෂකයෙකු හෝ සුරා සොඩෙකු ලෙස හැඳින්විය හැකි සාක්ෂි කිසිවක් මාගේ දැනුමේ හැටියට මේ දක්වා හමු වී නැත. ඔහුට දෙමළ ජනතාව කොතරම් ගරු කරන්නේ දැයි කිවහොත් ඔහුට අවංකවම දෝෂාරෝපණය කරන කිසිවෙකු දෙමළ ප්‍රජාව තුළ මේ දක්වා මා හට හමු වී නොමැත.”
එක්කෙනක් අපි හිතන් ඉන්න විදියට සුදු චරිතයක්, හැබැයි එයාගේ චරිතයේ කළු පැත්තක් තියෙනවා.
අනිත් කෙනා අපි හිතන් හිටිය විදියට කළු චරිතයක්, හැබැයි එයාගේ චරිතයේත් සුදු පැත්තක් තියෙනවා.
අපි හැමෝගෙන චරිත එහෙමයි.
ඇත්ත සැමදා සදාචාරයෙන් තොරයි. විවේචනාත්මකව හොයලා බලලා හරි දේ/ හරි කෙනා තෝරා ගන්න.
#XeducationSL