මේ පෝස්ට් එක ලිංගිකව එකතු වෙන වෙලාවට පිරිමි අයට ශුක්‍රාණු පිට වෙන එක අනවශ්‍ය විදියට පරක්කු වෙන එක ගැන. Delayed ejaculation කියලා කියන්නේ. ඉක්මනට යන කට්ටියට හිතෙන්න පුළුවන් ඕක යන එක පරක්කු වෙන එක හොඳයිනේ, වැඩි වෙලාවක් කරන්න පුළුවන්නේ කියලා. ඒත් ඇත්තම කතාව ඒක නෙමේ. මේ හේතුව හින්දා සමහරුන්ට ලිංගික සම්බන්ධ එපා වෙන තැනටම එනවා. ලිංගික අප්‍රාණිකත්වය වගේ ප්‍රශ්නත් එන්න පුළුවන්. තමන්ට විතරක් නෙමේ තමන්ගේ සහකාරියටත් ඕක ප්‍රශ්නයක් වෙනවා. මොකද එයා හිතන්න ගන්නවා පිරිමි කෙනාට යන්න පරක්කු වෙන්නේ එයාගේ තියෙන මොකක් හරි අවුලක් හින්දා කියලා. එයා මට ආස නැද්ද වගේ එව්වා සහකාරිය ට හිතෙන්න ගන්නවා.
ශුක්‍රාණු යන එක පරක්කු වෙනවා කිව්වට ඔය පරක්කු වෙන කාලය එක එක්කෙනා කරන්න කැමති වෙලාව අනුව වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පරක්කු වෙන වෙලාව ඉලක්කමකින් කියනවා නම් විනාඩි 30 ට වඩා යනවා නම් Delayed ejaculation කියලා සළකන්න පුළුවන්.
පිරිමි කෙනෙක් ගේ නම් ලිංගික සමබන්ධයකදී දැනෙන සතුටේ උපරිමයට ගියාට පස්සේ තමා ඔය ශුක්‍රාණු පිට වෙන එක වෙන්නේ. හැබැයි ඔය උපරිම උත්තේජන මට්ටම කියන එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්.
පෝන් වීඩියෝ බලන අයගේ එහෙම ඔය උත්තේජන මට්ටම ගොඩක් වැඩියි. ඒ වගේම ස්වයං වින්දනය නිතර කරන අයගෙත් උත්තේජන මට්ටම ගොඩක් වැඩියි.
ඉතින් ඔය විදියේ ඉහල උත්තේජන මට්ටමක් තියෙන අයට සාමාන්‍ය ලිංගික සංසර්ගයකින් ඒ උපරිම උත්තේජන මට්ටමට යන්න බෑ. මොකද එයාලා හුරු වෙලා තියෙන්නේ එහෙම නෙමේ. ඒ හින්දා ශුක්‍රාණු පිට වෙන එක සෑහෙන්න පරක්කු වෙන්න පුළුවන්.
මේ ප්‍රශ්නේ තියෙන තරුණ වයස් වල වැඩි දෙනෙක්ගේ ඕකට හේතුව ශාරීරික ප්‍රශ්න වලටත් වඩා මානසික තත්ත්ව තමා. මේ වගේ මානසික තත්ව හින්දා ශුක්‍රාණු පිට වෙන එක පරක්කු වෙන්න පුළුවන් අයගේ ලිස්ට් එකක් පහළ දාලා තියෙනවා. ඔයාටත් මේ ප්‍රශ්නේ තියෙනවා නම් බලන්න පොඩ්ඩක් ඔයා මේ ලිස්ට් වල ඉන්නවද කියලා. ප්‍රශ්නෙන් මිදෙන්න ඒක උදව් වෙනවා.
▶ පළවෙනි පාර කරන අය
කෙනෙක්ගේ පළවෙනි ලිංගික අත්දැකීම කියන්නේ සම්පුර්ණයෙන්ම වෙනස්, ආගන්තුක අත්දකිමක්නේ. ඉතින් ඒ ගැන තියෙන උනන්දුව වැඩි හින්දම ඒ වෙලාවේ එක එක දේවල් ගැන හිතන්න ගිහින් අවධානය වෙනස් වෙලා ශුක්‍රාණු පිට වෙන එක පරක්කු වෙන්න පුළුවන්.
▶ ළමයෙක් හදන්න හිතාගෙන කරන අය
ලිංගික තෘප්තිය වෙනුවට ලිංගිකව එකතු වෙනවා වෙනුවට, ළමයෙක් හදන එක ඔලුවේ තියාගෙන එකතු වෙන්න ගියොත් ලිංගිකව එකතු වෙන එකේ අරමුණ වෙනස් වෙන හින්දා මොළය විසින් ශුක්‍රාණු එන එක පරක්කු කරවන්න පුළුවන්, ඒ හින්දා ඒ අයට කියන්න තියෙන්නේ ළමයෙක් හදන එක අරමුණ කර ගන්නේ නැතුව, ඒ වෙලාවේ දැනෙන සංවේදන ගැන විතරක් හිතන්න.
▶ ළමයෙක් හදන්නේ නෑ කියලා හිතාගෙන කරන අය
ශුක්‍රාණු ගැහැණු කෙනාගේ ඇතුලේ යන්න කලින් එළියට ගන්න පුළුවන්නේ කියලා හිතාගෙන කොන්ඩම් එකක් වත් නොදා කරන බක පණ්ඩිත අය ඉන්නවනේ. එහෙම කරනවා කියලා හිතාගෙන කරද්දී සමහරුන්ගේ ඔළුවේ වැඩ කරන්නේ ශුක්‍රාණු පිට කරන එක ගැන නෙමේ, ශුක්‍රාණු යන්න කලින් එළියට ගන්න එක. එහෙම අයටත් එකතු වෙන වෙලාවට ඒ ගැන අවධානය නැති වෙන හින්දා ශුක්‍රාණු යන එක පරක්කු වෙන්න පුළුවන්.
▶ “ඇන්නා පැන්නා” වරු
ඒ වරුන්ට සම්බන්ධයක් පටන් ගන්න උවමනාවක් නෑ. එයාලා කවුරු හරි එක්ක යාලු වෙන්නේ අර වැඩේ කර ගන්නම විතරයි. එතකොට එහෙම කෙනෙක්ට ඕක කරන වෙලාවට, කරලා ඉවර වෙලා මෙයාව කොහොමද අතාරින්නෙ කියලත් හිතෙන්න ගන්නවනේ. තව කට්ටිය ඉන්නවා සම්බන්ධයක් නවත්තන්න කලින් අන්තිම පාරට තව එක පාරක් කරලා නවත්තන්න ඕන කියලා හිතාගෙන කරන අය. ඉතින් ඔය වගේ අයටත් ඒ මොහොත ගැන තියෙන අවධානය නැති වෙන හින්දා ශුක්‍රාණු පිට වෙන එක පරක්කු වෙන ප්‍රශ්නේ එන්න පුළුවන්.
▶ ලෙඩ හැදෙයිද දන්නේ නෑ කියලා හිතේ බයෙන්/ සැකෙන් කරන අය
▶ Relationship ප්‍රශ්න තියෙන අය
සමහරුන්ට මේ ප්‍රශ්නේ තියෙන්නේ එක්කෙනෙක් එක්ක කරද්දී විතරයි. අනිත් අය එක්ක කරද්දී අපූරුවට යනවා. Situational ejaculation කියලා කියනවා ඒකට. ඒ අය එක්ක තියෙන relationship එකේ ගැටළු හේතුව වෙන්න පුළුවන් මේකට. දෙන්නා අතර සන්නිවේදනයේ ප්‍රශ්න, එයාව අවිශ්වාසයි නම්, එයා එක්ක තරහින් ඉන්නවා නම්, ඒ වගේ හේතු හින්දත් Delayed ejaculation එන්න පුළුවන්.
▶ තමන් ගැන අඩු තක්සේරුවක් තියන් ඉන්න අය/ තමන්ව විනිශ්චය (judge) කරන අය
“මට හරියට කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ, එයාගේ කලින් කොල්ලා තරම් මට කරන්න බැරි වෙයිද දන්නේ නෑ.” වගේ දේවල් හිතේ වද දෙනවා නම් ඒවත් මේකට හේතුවක් වෙන්න පුළුවන්.
▶ තමන්ගේ සහකාරිය ගෙන් දුරස් වෙලා ගොඩක් කාලයක් ඉන්න අය
රට ගිහින් අවුරුදු ගානක් ඉඳලා ඇවිත් තමන්ගේ සහකාරිය එක්ක එකතු වෙන්න යද්දී එහෙම මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. දුර හිටිය කාලේ තම තමන්ගේ ලිංගික චර්යා වල වෙනස්කම්, ඒ දවස් වල ස්වයං වින්දනයට පුරුදු වුන එක එක ක්‍රම වගේ දේවල් ඒකට හේතුව වෙන්න පුළුවන්.
▶ ආගමික, සංස්කෘතික විශ්වාස තියෙන අය
එක එක ආගමික, සංස්කෘතික විශ්වාස හින්දත් මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ගැහැණු කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙන එක, ස්වයං වින්දනය කරන එක වරදක් කියලා ආගම් වලින්, තමන්ගේ සංස්කෘතියෙන් කියනවා නම් ඒ දේවල් ඔලුවේ තියන් ලිංගිකව එකතු වෙන කෙනෙක්ට තමන් ගැන වරදකාරි හැඟීමක් එන්න පුළුවන්. ඉතින් එවෙලෙට එන වරදකාරි හැඟීම හින්දත් ශුක්‍රාණු පිට වෙන එක පරක්කු වෙන්න පුළුවන්.
▶ තව ස්ට්‍රෙස් එක, සාංකාව, ඩිප්රේෂන් වගේ මානසික ගැටළුත් මේකට හේතු වෙනවා.
මානසික තත්ත්ව විතරක් නෙමේ ඇඟේ එක එක සෞඛ්‍ය තත්ව හින්දත් මේ ප්‍රශ්නෙට මුහුණ දෙන අය ඉන්නවා.
▶ ස්නායු රෝග, දියවැඩියාව වගේ නිදන්ගත රෝග, මොකක් හරි හේතුවක් හින්දා පුරස්ථි ග්‍රන්ථි වලට කරපු ශල්‍යකර්මයකින් ස්නායු හානි වෙලා තියෙනවා නම්, තයිරොයිඩ් ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වය අඩු වෙලා තියෙනවා නම්, හෝමෝන වල අසමතුලිතතා තියෙනවා නම්, ටෙස්ටෙස්ටරෝන් හෝමෝන මදි කම (hypogonadism), ශුසුම්නාවේ ස්නායු හානි වෙලා තියෙනවා නම් වගේ තව එක එක ප්‍රශ්න ගොඩක් මේකට හේතු වෙන්න පුළුවන්.
▶ තව එක සෞඛ්‍ය තත්වයක් තියෙනවා Retrograde ejaculation කියලා. ඒ කියන්නේ ශුක්‍රාණු ඇගෙන් එලියට යනවා වෙනුවට ආපහු ඇඟ ඇතුළටම යන එක. එතැනදී වෙන්නේ ශුක්‍රාණු පුරුෂ ලිංගය හරහා එළියට යනවා වෙනුවට ශුක්‍රාණු ටික යන්නේ මුත්රාශයට. එයාලා සුරතාන්තයට පත් වෙනවා. ඒත් ශුක්‍රාණු පිට කරන්නේ නෑ.
▶ ඒ විතරක් නෙමේ සමහර බොන ඖෂධ වර්ග හින්දත් සමහරුන්ට ශුක්‍රාණු පිට වෙන එක පරක්කු වෙන ප්‍රශ්නේ එනවා.
Antidepressant (මේක mental disorder වලට එහෙම දෙන බේතක්), අධි රුධිර පීඩනයට දෙන බෙහෙත් වගේ ඖෂධ ලිස්ට් එකක්ම තියෙනවා.
එතකොට මේ ප්‍රශ්නේ තියෙන කෙනෙක්ට ප්‍රතිකාර විදියට මොනාද කරන්න පුළුවන්.
ඔය උඩ කිව්ව හේතු ටික කියෙව්වා නම් තේරෙන්න ඇති මේ ප්‍රශ්නේ කෙනෙක්ට එන්න පුළුවන් හේතු බර ගානක් තියෙනවා කියලා.
ඒ හින්දම සිද්ධාලේප වගේ ඕන එක්කෙනෙක්ට හරියන එක ප්‍රතිකාරයක් කියලා නෑ. එක එක්කෙනාගේ අලගිය තැන්, මුල ගිය තැන් සේරම හොයලා මේ ප්‍රශ්නේ එන්න බලපාලා තියෙන හේතුව හොයාගෙන, ඒ අනුව තමා දෙන ප්‍රතිකාරය තීරණය වෙන්නේ.
උදාහරණයක් විදියට ඔයාට මේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයා බොන වෙන මොකක් හරි බෙහෙතක් හින්දා නම් ඒ බෙහෙත වෙනුවට වෙනත් බෙහෙතක් මාරු කරනවා වගේ දේවල් කරනවා. ප්‍රශ්නෙට හේතුව ඇඟේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝන අඩු කම නම් ඒවට වෙනම ටෙස්ටෙස්ටරෝන් තෙරපි කරනවා. වෛද්‍ය ප්‍රතිකාර විදියට ගොඩක් දෙනෙක්ට මනෝ ලිංගික චිකිත්සක ක්‍රම (Sex therapy) පාවිච්චි කරනවා. ප්‍රතිකාර විදියට දෙන ඖෂධත් තියෙනවා.
ඉතින් මේ විදියේ ප්‍රශ්නයක් තියෙනවා ගෙදරදීම මුලින්ම කරන්න පුළුවන් දේ තමා ඉස්සෙල්ලා දෙන්නා එක්ක කතා කර ගන්න. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා ඉස්සෙල්ලා දෙන්නා දැන ගන්න. ඊට පස්සේ වෛද්‍ය ප්‍රතිකාර වලට යන්න.
#XeducationSL