හරි විදියට බැක් සයිඩ් කරන්න උපදෙස් 15 ක් : 15 tips for better Anal sex

 


බැක්සයිඩ් කරන්න ආස කට්ටියක් ඉන්නවා, ආස නැති කට්ටියක් ඉන්නවා. 

තව කට්ටියක් ඉන්නවා, තාම එක පාරක් වත් ඕක කරලා නැති හින්දා බැක්සයිඩ් කරාම තමන්ට ආස හිතෙයිද කියලවත් නොදන්න කට්ටියකුත්. එහෙම කට්ටිය තමන් ඕකට ආසයිද බලන්න කරලා බලන්නම වෙනවා.


ගුද මාර්ගය කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ අවසාන කොටස. Colon, Rectum, Anus කියලා කොටස් 3ක් තමා ඕක කෙලවරේ තියෙන්නේ. ගුද මාර්ගය කියන්නේ ලිංගික සංසර්ගය කරන්නම කියලා හැදුණු අවයවයක් නෙමේ. ඇතුලේ තියෙන දෙයක් එළියට දාන්න මිසක් එළියෙන් දෙයක් ඇතුළට යන්න ඒක හැදිලා නෑ. ඒ වගේම යෝනි මාර්ගය වගේ ගුද මාර්ගය ඇතුලේ ස්වභාවික ලිහිසිකාරක ගතිය නෑ. ඒ හින්දම ගුද සංසර්ගය කරද්දී ඇති වෙන ඝර්ෂණය හින්දා ගුද මාර්ගය ඇතුලේ ඇහැට පෙන්නේ නැති කැපීම්, සිරීම් වගේ ඒවා වෙනවා. ඔය හින්දා ලිංගික තරල වලට ඇඟට ඇතුල් වෙන්න ලේසිම පාරක් හැදෙනවා. ඒ හින්දා ගුද සංසර්ගයෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග බෝ වෙන අවදානම යෝනි මාර්ග සංසර්ගයටත් වඩා සෑහෙන වැඩියි. ඔය හේතු හින්දා කවුරු හරි ඕක කරනවා නම් බොහොම පරිස්සමින් කරන්න ඕනා.


📌බැක් සයිඩ් කළාම රිදෙනවද? ඒකෙන් සුරතාන්තයට එන්න පුළුවන්ද?


දෙවෙනි ප්‍රශ්නෙට ඉස්සෙල්ලම උත්තරේ දුන්නොත්, ඔව්. බැක්සයිඩ් කරලා අනිවාර්යයෙන්ම සුරතාන්තයට පත් වෙන්න ලොකු අවස්තාවක් තියෙනවා.

ගුද මාර්ගයේ එළියයේ කෙළවර හරියට වෙන්න ස්නායු අන්ත්‍ර සෑහෙන ගානක් පැක් වෙලා තියෙනවා. එතනට දැනෙන සංවේදන ගොඩක් ප්‍රභලයි. 

ලිංගික ප්‍රදේශයේ සංවේදන ගැන පණිවිඩ යවන ස්නායුවක් තියෙනවා pudendal nerve කියලා. ඕකෙන් එක ස්නායු කෑල්ලක් ගුද මාර්ගයටත් සම්බන්ධ වෙනවා. ඒකට කියන්නේ inferior rectal nerve කියලා. ඊට අමතරව ගුද මාර්ගයේ තව ඇතුළට වෙන්න inferior hypogastric plexus කියලා ස්නායු සැපයුමක් තියෙනවා. ඔයතරම් ස්නායු තියෙන හින්දා ගුද මාර්ගයේ තියෙන අධි සංවේදීබව හින්දම යෝනි මාර්ග සංසර්ගයක් කරන්නේ නැතුව උනත් ගුද සංසර්ගයෙන් ගැහැණු කෙනෙක්ට සුරතාන්තයට පත් වෙන්න පුළුවන්. (පිරිමින්ටත් පුළුවන්) සමහරුන්ට සුරතාන්තයට යන්න තියෙන හොඳම විදිය/ එකම විදියත් ගුද සංසර්ගය වෙන අවස්ථාත් තියෙනවා. ගුද සංසර්ගයේ තව වාසියක් තමා කවුරු කාටද කරන්න ඕන කියලා නෑ. දෙන්නගෙන් කාට උනත් කරගෙන සුරතාන්තයක් ලබන්න උනත් පුළුවන්.


ඒ විතරක් නෙමේ ගුද මාර්ගය සහ යෝනි මාර්ගයේ අතර තියෙන G- spot එක වෙන් වෙලා තියෙන්නේ ඔය දෙක අතර මැද්දේ තියෙන හරිම චූටි පටකයකින්. ඉතින් ගුද මාර්ගය ඇතුළට දාලා කරන වෙලාවට, ඇතුළට දාද්දි ගුද මාර්ගය පිම්බිලා ඔය අතරමැද්දේ තියෙන පටකයේ වදිනවා. ඒකෙන් G- spot එකේ ස්පර්ශ වෙනවා. අන්න ඒ හින්දා සමහර ගැහැණු අයට යෝනි මාර්ග සංසර්ගයකිනුත් ගන්න බැරි විදියේ ලිංගික තෘප්තියක් බැක්සයිඩ් කරලා ගන්න පුළුවන්.

ගැහැණු අයට විතරක් නෙමේ පිරිමි අයටත් ඔය දේ ඔහොමම වෙනවා. ඒ උනාට පිරිමි අයගේ G- spot එකක් නෑනේ. ඒක තියෙන හරියේ පිරිමින්ගේ තියෙන්නේ Prostate එක. කරපු සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා ගැහැණු අයටත් වඩා පිරිමි අය ගුද සංසර්ගයෙන් සුරතාන්තයන් ලබනවා කියලා.


📌 ඕක කරන්න කලින් ඉස්සෙල්ලම ගුද මාර්ගයේ ඇතුළ හැදිලා තියෙන විදිය බලමු.


ගුද මාර්ගය හැදිලා තියෙන්නේ වළලු වගේ මාංශපේශි වර්ග දෙකකින්. ඔය මාංශපේශි 2.5-4cm වගේ දුරක් යනකම් ඇතුළට වෙන්න තියෙනවා. ඕවගෙන් බාහිර මාංශපේශිය තමා external anal sphincter. ඒක තමා ගුද මාර්ගය අල්ලද්දී, මොනා හරි ඇතුළට දාන්න යද්දී වගේ අතට අහු වෙන්නේ. ඒ වගේ මාංශපේශි වලට skeletal muscle කියලා තමා කියන්නේ. ඒ කියන්නේ හිතා මතාම පාලනය කරන්න පුළුවන් විදියේ මාංශපේශි. (උදාහරණයක් විදියට ඔයාගේ අතේ තියෙන මාංශපේශි හැකිලුවොත් අත නමන්න පුළුවන්.) අන්න ඒ වගේ ගොඩක් දෙනෙක්ට ඔය ගුද මාර්ගය කෙළවරේ තියෙන බාහිර මාංශපේශිය හිතලා මිරිකන්න සහ ලිහිල් කරන එක කරන්න පුළුවන්. මේක කියවන ගමන් කරලා බලන්න. ඔයාටත් කරන්න පුළුවන්.


එතකොට අපි කතා කරන ගුද මාර්ගයේ දෙවෙනි මාංශපේශි කොටස තමා අභ්‍යන්තර මාංශපේශි internal anal sphincter. මේවා හරිම මෘදුයි. ඇඟේ ලේ නහර, ඇහේ කළු ඉංගිරියාව වගේ තැන් වල තියෙන්නෙත් මේ ජාතියේ මාංශපේශි තමා. ඒවා පාලනය කරන එක ගැන ඔයාට හිතන්න වත් ඕන නෑ. ඒ දේවල් ස්නායු පද්ධතියෙන් ගාණට වෙලාවට හසුරුවනවා. හුස්ම ගන්න එක හිතලා කරන්නේ නෑ. ඒක ඉබේම වෙනවනේ. අන්න ඒ වගේ තමා. හැබැයි ඔයා කළබල වෙලා, බය වෙලා ඉන්න වෙලාවකට ඒ හදිසි අවස්ථාවට දෙන ප්‍රතිචාරය විදියට ස්නායු පද්ධතිය විසින් හුස්ම ගන්න වේගය වැඩි කරවනවා වගේ දේවල් කරනවා. 

හදිසි අවස්ථා වලට ප්‍රතිචාර දක්වන්න ඔය වගේම දේවල් ගුද මාර්ගයේ තියෙන අභ්‍යන්තර මාංශපේශිත් කරනවා. ඔයා ඉන්නේ බය වෙලා නම්, තරහා ගිහින් නම් ගුද මාර්ගයේ අභ්‍යන්තර මාංශපේශි තද වෙනවා. ඔය ගුද මාර්ගයේ අභ්‍යන්තර මාංශපේශි තද වෙන සිද්දිය බල්ලන්ගේ පුසන්ගේත් ඒ විදියටම වෙනවා. ඒ හින්දා තමා සමහර බල්ලෝ බලු වලියකදී බය උනාම නැට්ට කකුල් දෙක අස්සේ ගහ ගන්නේ. කොයි වෙලේ බැලුවත් මල පැනලා ඉන්න අයට ඉංග්‍රීසි වලින් “tight ass” කියලා කියන්නෙත් ඔය හින්දම වෙන්න ඇති.

හරි උඩ ටික කියෙව්වා නම් දැන් ඔයාලා ගුද මාර්ගයේ මාංශපේශි වැඩ කරන විදිය ඔයාලා දන්නවා. දැන් බලමු බැක්සයිඩ් කරන්න ඔය දැනුම පාවිච්චි කරන විදිය. 


👉 ඔයා කළබල වෙලා, බය වෙලා ඉන්නේ මොන හේතුවක් හින්දද කියන එක ඔයාගේ ඇඟට අදාළ නෑ. විභාගයක් හින්දා වෙන්න පුළුවන්, සල්ලි ප්‍රශ්නයක්  හින්දා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බැක් සයිඩ් කරද්දී රිදෙයිද දන්නේ නෑ කියලා ඔයා බය වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන් (විශේෂයෙන්ම කලින් වෙච්ච හරිම වේදනාකාරි බැක්සයිඩ් අත්දැකීමක් හින්දත් බැක්සයිඩ් කරන්න බය එන්න පුළුවන්). ඔය මොන හේතුව හින්දා උනත් ඔය හේතු සේරටම ඇඟ එකම විදියට වගේ තමා ප්‍රතිචාර දක්වන්නේ. උඩ කිව්වා වගේ බය වෙලා, කළබල වෙලා ඉන්නවා නම් වැඩේ කරන්න බැරි වෙන විදියටම ගුද මාර්ගයේ අභ්‍යන්තර මාංශපේශි තද වෙනවා. ඔය වගේ වෙලාවක ඔයාට බැක්සයිඩ් කරන්න ඕන නම්, කරන්න ඕනා ඔයාගේ පාට්නර් ට කියලා ඔය තද උන මාංශපේශි අරින්න හදන එක නෙමේ. එයාට සන්සුන් වෙන්න උදව් කරන එක. එතකොට එයාගේ ඇඟ බලෙන් අරින්න හදන එක ඉබේම ලිහිල් කරලා දෙයි.


👉 මාංශපේශි ලිහිල් කර ගන්න එකට අමතරව එතන තියෙන සම ගැනත් බලා ගන්න ඕනා. ගුද මාර්ගයේ තියෙන මාංශපේශිත් හරියට තොල් වල මාංශපේශි තරම්ම වගේ සංවේදියි. (ගැහැණු උදවියගේ මූණේ තියෙන තොල් දෙක වගේම අනිත් තොල් දෙකත් ඒ වගේ තමා). ඒ වගේ සංවේදී තැනකට ලිහිසිකාරක ගොඩක් පාවිච්චි කරන්න ඕන ඒ හින්දා තමා. ඒ හින්දා කිසිම වෙලාවක අමුවටම කරන්න යන්න එපා.

යෝනි මාර්ග සංසර්ගය වගේ නෙමේ ගුද සංසර්ගය කරන්න ලිහිසිකාරක ගොඩක් ඕන වෙනවා. යෝනි මාර්ගය ලිංගික උත්තේජනයක් ආවම සංසර්ගයට ලැස්ති වෙන්න කියලා තෙත් උනාට ගුද මාර්ගය එහෙම වෙන්නේ නෑ. වියළි බව වැඩි උනාම ගුද සංසර්ගය කියන්නේ හරිම වේදනාකාරී දෙයක් වෙනවා. ලිහිසිකාරක පාවිච්චි කරන ඒකෙන් වේදනාව අඩු කරන එක වගේම දෙන්නගෙම ලිංගික උත්තේජනයත් වැඩි කරනවා. ජල ද්‍රාවි (water based lubricant) එකක් පාවිච්චි කරන්න, වතුර වලින්ම සම්පුර්ණයෙන්ම හෝදලා යවන්නත් පුළුවන්නේ.


👉 රිදෙන්නේ නැතුව ගුද සංසර්ගය තෘප්තිමත් කර ගන්න තව දෙන්න තියෙන ලොකුම ටිප් එකක් තමා මාංශ පේශි ලිහිල් කර ගන්න එක. ඒක ඒ තරම් කරන්න අමාරු වැඩක් නෙමේ. දිග, ගැඹුරු හුස්මවල් හිමින් ගන්න එක ඒකට ගොඩක් උදව් වෙනවා. පාට්නර් ටත් පුළුවන් ඔයා එක්කම ඒ විදියට හුස්ම ගන්න. ඇතුළට දාන්න ඉන්න කෙනා relax වෙලා ඉන්න තරමට ඇතුළට ගන්න කෙනාටත් වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. උත්තේජනය වැඩි වීගෙන එද්දිත් ශ්‍රෝණිය (pelvic floor) අවට මාංශපේශි ලිහිල් වෙනවා. ඒ හින්දා හුස්ම ගන්න එක සහ ලිංගික උත්තේජනය ගැන හිතන්න.


එතකොට තව ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා ඕක කරද්දී ඉතින් 💩 ගෑවෙන්නේ නැද්ද කියන එක. මෙහෙමයි ඔතනින් පිච්ච මල් එන්නේ නෑනේ. ප්‍රතිලාභ වැඩියි නම් අවදානමත් වැඩියි තමා. ඒකත් ඉස්සෙල්ලා දැන ගෙන වැඩේ පටන් ගන්න. හැබැයි ගුද මාර්ගය හරියට පිරිසිදු කර ගත්තොත් ඔය ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන්නේ නෑ.


👉 වතුර ගුද මාර්ගයට දාලා පිරිසිදු කර ගන්න පුළුවන්, ඕකට anal douche කියලා ගැජට් එකක් ගන්න තියෙනවා. ලංකාවෙත් හොයා ගන්න පුළුවන්. රබර් වලින් වගේ අමුද්‍රව්‍යකින් හදලා තියෙන්නේ. බැක්සයිඩ් කරන්න කලින් ගුද මාර්ගය වතුරෙන් පිරිසිදු කර ගන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඕක පාවිච්චි කරද්දී මුලින්ම කරන්න තියෙන්නේ anal douche එකට වතුර පුරවලා ගුද මාර්ගයට ඇතුල් කරලා ඒක මිරිකන එක. එතකොට ගුද මාර්ගයට යන වතුර ටික ගුද මාර්ගය පිරිසිදු කරගෙන එළියට පිට වෙනවා. ඔය විදියට කිහිප පාරක් කරාට පස්සේ එළියට එන වතුර දිහා දැක්කම තමන්ට තේරෙනවා ගුද මාර්ගය දැන් අවශ්‍ය තරම් පිරිසිදු වෙලා තියෙන්නේ කියලා. බැක් සයිඩ් කරන්න පැයකට වගේ කලින් ඕක කරා නම් හොඳයි.


ඒත් මම පෞද්ගලිකව හිතන්නේ ඕක පාවිච්චි කරන එකට වැඩිය ඔයා කන බොන දේවල් වලට අවධානය දෙන එක හොඳයි කියලා. කලින් දවසේ රෑට තන්තු සහිත කෑම වර්ග කන එක හොඳයි, එතකොට පහුවදා උදේ toilet ගියාම සේරම clean වෙලා තියෙන්නේ. පිහදාලා දාන්න තෙත තුවා කෑල්ලක් (Wet wipe) වගේ පාවිච්චි කරන්නත් පුළුවන්.


ඔය දේවල් වලට අමතරව බැක්සයිඩ් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට තව ටිප්ස් ටිකක් තියෙනවා.


👉 කලින් ඉඳලා ලැස්ති වෙන්න 


බැක්සයිඩ් කරනවා කියන එක ඇඟට නුහුරු දෙයක් හින්දයි, ස්වභාවයෙන්ම ඇඟ ඒකට ලැස්ති නැති හින්දයි ඕක එක පාර කරන්න යන්න එපා. සති 4 ක් 6 ක් වගේ මුලින්ම පුරුදු වෙන්න කරන්න, ඒකට ඇඟිල්ල හරි anal toy එකක් හරි පාවිච්චි කරන්න. ඇඟිලි වල නියපොතු කොටට කපාගෙන නාන වෙලාවට වගේ තනියම ඕක උත්සාහ කරලා බලන්න පුළුවන්. නාන වෙලාවට වාර කිහිපයක් ගුද මාර්ගය ඇතුළට එළියට දාලා කරන්න. ඕකට 2 x 12 ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ 12 වතාවක් එළියට ඇතුළට දාන්න. දවසකට ඒ වගේ දෙපාරක් කරන්න. 

එළියට අරගෙන ආයේ ඇතුළට දාන හැම වාරයකම ලිහිසිකාරක දාන්න. ඔහොම කරන් යද්දී තමන්ටම තේරෙන්න ගන්නවා කොහොමද ගුද සංසර්ගය කරද්දී මාංශපේශි ලිහිල් කර ගන්නේ කියලා. ගුද මාර්ගය කියන්නෙත් ඇඟේ අනිත් තැනක් වගේම අවදානය දීලා අලුතින් explore කරන්න තියෙන දෙයක් කියලා තේරෙයි.


ඕක පුරුදු වෙන්න පොඩි ටිප් එකක් තමා දෙයක් ඇතුළට දා ගන්න වෙලාවට, 💩 දාන වෙලාවට කරනවා වගේ, ඇඟේ ඇතුළෙන් එළියට දෙයක් තල්ලු කරන්න හදනවා වගේ උත්සාහ කරන්න. එතකොට මාංශපේශි ලිහිල් වෙනවා. එතකොට ලේසියෙන්ම දෙයක් ඇතුළට දා ගන්න පුළුවන් වෙනවා. 


👉 මුල්ම කාලේ කරද්දී පිටිපස්සෙන් ඇවිත් දාන්න දෙන්න එපා.  


මුල්ම කාලේ කරද්දී ගැහැණු කෙනා/ ඇතුළට දා ගන්න කෙනා උඩ ඉන්නවා නම් හොදයි, එතකොට පාලනය සේරම එයා අතේ තමා තියෙන්නේ. රිදෙනවා වගේ නම් එයාට ඕන වෙලාවට නවත්තන්න හරි වේගේ අඩු කරන්න හරි පුළුවන්. 

හිමීට කරන්න. පාට්නර් එක්ක හොඳ සන්නිවේදනයක් තියා ගන්න එක තමා වැදගත්ම දේ. හැම තිස්සෙම slow is better කියන දේ ඔළුවේ තියාගෙන කරන්න.

ටික ටික කරන් යද්දී Doggy style, Spoon, holder, dragon fly, screw වගේ ඉරියව් try කරලා බලන්න.


👉 බැක්සයිඩ් සහ මුඛ සංසර්ගය එකට කරන්න යන්න එපා. 


ගුද මාර්ගයේ තියෙන ආසාදිත අංශු මුඛය හරහා ගියොත් Hepatitis A කියන ආසාදනය එන්න පුළුවන්. ඔය වගේ ප්‍රශ්න වලින් බේරෙන්න Hepatitis A සහ HPV කියන එන්නත් දෙක අරන් ඉන්න. HPV (Human PapillomaVirus) එන්නත ඉස්කෝල වල ගැහැණු ළමයින්ට එහෙම පොඩි කාලේ දෙනවා (ඉස්සරහට එන්න පුළුවන් ලිංගික පිළිකා සහ ඉන්නන්ගෙන් ආරක්ෂා වෙන්න තමයි ඒ දෙන්නේ)


👉 අකමැත්තෙන් දාන්න දෙන්න එපා 


ගැහැණු කට්ටිය හිතන කතාවක් තමා “මම දුන්නේ නැත්නම් එයා වෙන කාගෙන් හරි ඕක කර ගනියි කියන එක.” පිරිමි කට්ටියත් ඕකම කියනවා. හැබැයි තමන් කැමති දෙකට තමන්ගේ සහකාරිය කැමති නෑ කියන්නේ ඒක වටේ යන්න හිතාගෙන පිරිමියාට කියන්න පුළුවන් නිදහසට කාරණයක් නෙමේ. ඒක තනිකරම පිරිමියා සිතා මතාම ගන්න තීරණයක්.


ඒ හින්දා එයා කිව්ව පළියට කරන්න යන්න එපා. ඔයා ගැහැණු කෙනෙක් නම් ඔයාගේ සහකරුවට කරන්න ඕන උනාට ඔයාට ඒක කරන්න උවමනාවක් නැත්නම් ඔයා ඒක කරන්න ඉඩ නොදී ඉන්න ඔයාට අයිතියක් තියෙනවා. දෙන්නම එකඟ වෙලා ඒක කරනවා මිසක් එක්කෙනෙක්ගේ තනි කැමැත්තට ඒ දේවල් කරන්න ඉඩ දෙන්න එපා. (Mutual agreement) 

ඒ වගේම පිරිමි කෙනත් දැන ගන්න ඕනා එයා බැක් සයිඩ් කරන්න කැමති නැත්නම් ඒ ගැන අහලා වදයක් වෙන්නේ නැතුව නැතුව ඉන්න. එයා දැන් ඒකට අකමැති වෙනවා නම් බල කරන්න යන්න එපා. එයාටම ඒකට කැමති වෙන්න දෙන්න, කවුද දන්නේ පස්සේ දවසක හරි එයා කැමති වෙන්න පුළුවන්නේ.


👉 කොන්ඩම් එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා


බැක්සයිඩ් කරද්දී ප්‍රෙග්නන්ට් වෙන්න තියෙන අවස්තාව අඩුයි කියලා කොන්ඩම් එකක් පාවිච්චි නොකර ඉන්න එපා. සමහරු හිතනවා කොන්ඩම් එකක් පාවිච්චි කරන්නේ ප්‍රෙග්නන්ට් වෙන එක නවත්ත ගන්න විතරයි කියලා. ඒත් කොන්ඩම් එකකින් ඊට වඩා ප්‍රයෝජන තියෙනවා. සංසර්ගය සුමට කරන්න කොන්ඩම් වල ලිහිසිකාරක ගතිය උදව් වෙනවා. ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග නවත්වන්නත් කොන්ඩම් උදව් වෙනවා. 

බැක්සයිඩ් කරද්දී තමා යෝනි මාර්ග සංසර්ගයටත් වඩා STI බෝ වෙන්න වැඩිම අවදානමක් තියෙන්නේ. හර්පිස් තමා වැඩියෙන්ම සම්ප්‍රේෂණය වෙන රෝගය.


👉 පස්සෙන් ඉස්සරහට යන්න එපා.


මඩේ නටලා ඇවිත් ස්විමින් පූල් එකකට බහින්නේ නෑනේ. ඒ වගේ තමා බැක්සයිඩ් කරලා ඒ ගමන්ම ඉස්සරහ හිලට ඔබන්න යන්න එපා. ඉස්සරහින් පස්සට ආවට කමක් නෑ, පස්සෙන් ඉස්සරහට යන්න එපා. තව ඉස්සරහටයි පස්සටයි දෙකමට එකම කොන්ඩම් එක පාවිච්චි කරන්නත් එපා. පස්සේ තියෙන අංශු යෝනි මාර්ගයටත් ගිහින් එතන ආසාදන එන්න අවදානමක් තියෙනවා.


👉 එක එක දේවල් ඇතුළට දාද්දි පරිස්සමින්.


ඇතුළට ඔබා ගන්න එක එක toy වර්ග තියෙනවනේ. ඔන්න ඕවා දා ගද්දි එළියට ගන්න බැරි දේවල් දාන්න එපා. ගුද මාර්ගයට ලේසියෙන්ම හැකිළෙන්න පුළුවන්. ඒ හින්දා ඕක ඇතුළට ඔබන මොනා හරි දෙයක් ඉබේම ඇතුළට ඇදලා ගන්න පුළුවන්. අන්තිමේ ඕක එළියට ගන්න බැරි වෙලා පුප උඩ දාගෙන දඟලන්න වෙනවා. ඒ හින්දා ගුද මාර්ගය ඇතුළට මොනා හරි දෙයක් දානවා නම් ඒක anaI toy එකක්ද කියලා බලලා ඉන්න. අල්ල ගන්න හැන්ඩ්ල් එකක් තියෙන එකක් හරි, අල්ල ගන්න කොටස ඇතුලට දාන කොටසට වඩා ටිකක් ලොකුවට/ මහතට තියෙන එකක් හරි ඔය වැඩේට පාවිච්චි කරන්න. එහෙම නැතුව ඉස්සරහට දාන්න පාවිච්චි කරන toys පිටිපස්සට ගැළපෙන්නේ නෑ.


👉 අර්ශස් තියෙනවා නම් කරන්න යන්න එපා.


ඔයා හිතනවට වඩා ගොඩක් දෙනා අතර අර්ශස් තියෙනවා. හැම මිනිස්සු 4 දෙනෙක්ගෙන් 1 කෙනෙක්ටම වගේ ජිවිත කාලේ මොන අවධියක හරි අර්ශස් තිබිලා තියෙනවා කියලා තමා කියන්නේ. සමහරු එයාලට මේක තියෙනවා කියලා දන්නෙත් නෑ. කොහොම හරි ඕක තියෙද්දී බැක්සයිඩ් කරන්න ගියොත් අධික වේදනාව වගේම රුධිර වහනයකුත් වෙන්න පුළුවන්.


👉 අන්තිමේ අගය කරන්න අමතක කරන්න එපා 


ඔය හැම දෙකටම පස්සේ කොහොම හරි වැඩේ ගොඩ දා ගන්න පුළුවන් උනා කියමුකෝ. සේරම කරගෙන අන්තිමේ අනිත් පැත්ත හැරිලා නිදා ගන්න හදන්න නම් එපා. “වාව්.. ඒක නම් නියමයි, මට නම් මාර ආසයි, අද තමා හොඳටම කරපු දවස” වගේ දෙයක් කියලා ඔයාගේ පාට්නර් ඔයා වෙනුවෙන් කරපු දේ වෙනුවෙන් එයාව අගය කරන්න. 


එහෙනම් පුක්මන්තලා ටික ජය වේවා!


#XeducationSL 














Previous Post Next Post