පිරිමි අය වැඩිදෙනෙක්ටම තියෙන ප්‍රශ්නයක් තමා ක්ෂණික මෝචනය කියන්නේ. තමන් හෝ තමන්ගේ පාට්නර් බලාපොරොත්තු වෙන තරම් වෙලා සෙස් කර ගන්න බැරුව ශුක්‍රාණු කලින් පිට වෙන එකට තමා කියන්නේ ක්ෂණික මෝචනය කියලා (Premature Ejaculation). පිරිමි ගොඩක් අයට තියෙනවා හින්දම එයාලා ගොඩක් වද වෙන ප්‍රශ්නෙකුත් තමා මේක. ඇත්තටම මේ ප්‍රශ්නේ තියෙන පිරිමි මානසික ප්‍රශ්න වල ඉන්නවා. සෙස් කරන එක පවා මඟහරිනවා. ඒ විතරක් නෙමේ, එයාලගේ සහකාරියන්ටත් මේක ප්‍රශ්නයක් වෙනවා. විවාහ පවා දෙදරලා යන්න මේක හේතු වෙන වෙලාවල් තියෙනවා. අනිත් ලෙඩ රෝග වලට වඩා මේකේ තියෙන පුදුමේ තමා වයස අඩු අයට තමා මේක වැඩියෙන්ම පේන්න තියෙන්නේ. වෛද්‍ය සායන වලට එන රෝගීන් දිහා බැලුවම වයස වැඩි අයට වඩා, වයසින් අඩු අය ප්‍රතිකාර ගන්න වැඩියෙන් එන සීන් එකක් පේන්න තියෙනවා කියලා තමා කියන්නේ.
ක්ෂණික මෝචනය වෛද්‍යවරයෙක්ට පවා ගිහින් කියන්න ටිකක් අවුල් ප්‍රශ්නයක්, ඒ උනාට නිතර දෙවේලේ වෛද්‍යවරු ගාවට ප්‍රතිකාර ගන්න එන ප්‍රශ්නයක්. ඉන්ටනෙට් එකේ බැලුවත් මේ ගැන හරියට දෙයක් හොයා ගන්න නෑ. මේක ලියන්න කලින් මමත් වෙබ්සයිඩ් තුන හතරක් බැලුවා, හැබැයි හරි හමන් විස්තරයක් නම් හොයා ගන්න බැරි උනා.
ක්ෂණික මෝචනය ගැන කතා කරන්න කලින් ඉස්සෙල්ලම මේ ප්‍රශ්නේ තේරුම් බේරුම් කරගෙන පොඩ්ඩක් ලෙහා ගන්න ඕනා. කොහොමද මේ ශුක්‍රාණු පිට වෙන එක වෙන්නේ?
ශුක්‍රාණු පිට වෙන ක්‍රියාවලියේ කොටස් 3ක් තියෙනවා.
1. Emission
2. Ejection/ ශුක්‍රාණු පිට කිරීම
3. Orgasm/ සුරතාන්තය
පළවෙනි 2 ගැන මුලින් කියලා ඉන්නම්.
1. Emission
සෙස් කරන එකේ හොඳම හරියට එද්දී ස්නායු පද්ධතියෙන් පණිවිඩයක් යවනවා ශුක්‍රාණු ටික එළියට දාන්න ලැස්ති කරන්න කියලා. ඒ පණිවිඩේ ආවම වෘෂණ කෝෂ වල හැදෙන ශුක්‍රාණු ටිකපුරස්ථි ග්‍රන්ථි වලට එනවා. පුරුෂ ලිංගයට චුට්ටක් උඩට වෙන්න ඇඟ ඇතුලෙන් තියෙනවා seminal vesicles කියලා තැනක්. ඔන්න ඔතන තමා වෘෂණ කෝෂ වලින් හදපු ශුක්‍රාණු ටික ශුක්‍ර තරලයට කලවම් වෙලා එළියට යවන ටික ලැස්ති කරන්නේ. ඔතන හැදෙන ශුක්‍රාණු ටික සුරතාන්තයට ලං වීගෙන එද්දී ejaculatory ducts කියන නාල දිගේ පුරුෂ ලිංගය දිහාවට යන්න කියලා තල්ලු කරලා දානවා. ඔන්න ඔය ක්‍රියාවලි 2 ඉබේම තමා වෙන්නේ. ඒ වගේ ස්නායු පද්ධතියෙන් දක්වන ස්වයංක්‍රිය ප්‍රතිචාර වලට Spinal cord reflexes කියලා තමා කියන්නේ.
2. Ejection/ ශුක්‍රාණු පිට කිරීම
කලින් කිව්ව නාල දිගේ පුරුෂ ලිංගය දිහාවට එන ශුක්‍රාණු ටික, පුරුෂ ලිංගයෙන් එළියට දාන්න උදව් කරන්නේ Pelvic මාංශපේශි වලින්. එයාලා රිද්මයකට චලනය වෙලා තමා ශුක්‍රාණු ටික පිට කරලා දාන්නේ. මේකත් ස්නායු පද්ධතියෙන් දක්වන ස්වයංක්‍රිය ප්‍රතිචාරක්. (Spinal cord reflexes)
ඒ දේවල් දෙකටම සම්බන්ධ වෙන්නේ ස්නායු පද්ධතිය.
3. Orgasm/ සුරතාන්තය
උඩ කිව්ව දේවල් දෙක වෙන්නේ ස්නායු පද්ධතියෙන් උනාට සුරතාන්තය සිද්ද වෙන්නේ මොළයෙන්. මොළයේ හැදෙනවා සේරටෝනින්/ Serotonin කියලා රසායනිකයක්. සේරටෝනින් තමා මොළය සහ ඇඟේ අනිත් තැන් වල තියෙන ස්නායු සෛල අතර පණිවිඩ එහෙ මෙහෙ අරන් යන්න උදව් කරන්නේ. සේරටෝනින් වැඩි උනාම ශුක්‍රාණු පිට කරන්න යන වෙලාව වැඩි වෙනවා, සේරටෝනින් අඩුයි නම් ශුක්‍රාණු පිට කරන්න යන වෙලාව අඩු වෙලා ක්ෂණික මෝචනය ප්‍රශ්නේ එනවා. Emission එක සහ Ejection එකට වුණාට පස්සේ, මොළය ඒකට දක්වන ප්‍රතිචාරය තමා සුරතාන්තය කියන්නේ.
හැබැයි මේ ගැන කියන්න මම මේක කොටස් 3 කට වෙන් කලාට මේ ක්‍රියාවලි 3ම එක පාර තමා වෙන්නේ. වැඩේ වෙන වෙලාවට මේ එකින් එක වෙන් කරලා හොයා ගන්න බෑ. සේරම එකටම වගේ වෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ තේරුම් කර ගන්න ඕන හින්දයි මේක කොටස් 3 කට කඩලා මේ ලියන්න යන්නේ.
ඔය ටික කියෙව්වා නම් ශුක්‍රාණු පිට වෙන එක වෙන්නේ කොහොමද කියලා ඔයාලා හරියටම දන්නවා. දැන් බලමු ක්ෂණික මෝචනය එන්න පුළුවන් හේතු මොනාද කියලා. ශාරීරික වගේම මානසික හේතුත් මේකට ගොඩක් බලපානවා. අපේ කොල්ලන්ට නම් ඇත්තටම වැඩි හරියක් තියෙන්නේ මානසික ගැටළු තමා.
හේතු ලිස්ට් එකක්ම දෙන්නම්. පොඩ්ඩක් බලන්න ඔයාටත් ක්ෂණික මෝචනය තියෙනවා නම් මේ හේතු ඔයාටත් තියෙනවද කියලා.
▶ තමන් ඇඳ උඩ perform කරන විදිය ගැන තියෙන බය/ සාංකාව (anxiety)
▶ එයාගේ EX ට වඩා හොඳට මට කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ වගේ හිතට වද දෙන දේවල්
▶ සහකාරිය එක්ක තියෙන සම්බන්ධතාවයේ ප්‍රශ්න
▶ විවාහ ජිවිතයේ ප්‍රශ්න
▶ සෙස් කරන එක ගැන එන වරදකාරි හැඟීම
▶ මානසික ආතතිය, විශාදය
▶ ළඟා කර ගන්න බැරි බලාපොරොත්තු තියාගෙන සෙස් කරන්න ගියාමත් ක්ෂණික මෝචනය එනවා. ඔයාලා බලන වීඩියෝ වල වගේ, ගැහැණු කෙනාට කෑ ගැහෙන්න තරම් ශිල්ප දක්වන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා නම් ඇත්ත ලෝකේ ඒවා පොඩ්ඩක් අමාරු වෙයි.
▶ තව Subjective Premature Ejaculation කියලා එකකුත් තියෙනවා. ඒක තියෙන්නේ තමන්ට ක්ෂණික මෝචනය තියෙනවා කියලා හිතන් ඉන්න හැබැයි ඇත්තටම එහෙම ප්‍රශ්නයක් එයාලට නැති අය. ඒ කිව්වේ විනාඩි 15-20 ක් වගේ කාලයක් සෙස් කරත් එයාලට ඒක මදි වගේ දැනෙන කට්ටිය. එයාලට දෙන්න තියෙන උපදෙස වැඩිය පෝන් වීඩියෝ වල තියෙන දේවල් කරන්න ගිහින් නිකන් ඔළුව කුරුවල් කර ගන්න එපා.
▶ මානසික හේතු වලට අමතරව ඇඟේ ක්‍රියාකාරිත්වයේ ප්‍රශ්න හින්දත් ක්ෂණික මෝචනය එනවා. පුරස්ථි ග්‍රන්ථි වල ප්‍රශ්න, තයිරොයිඩ් ග්‍රන්ථි වල වල අධි ක්‍රියාකාරිත්වය, හෝමෝන වල ප්‍රශ්න වගේ දේවලුත් ක්ෂණික මෝචනය එන්න ළඟම තියෙන හේතු. ඒවා තිබ්බත් ඔයාට තනියම ඒ හේතු මොනාද කියලා හොයා ගන්න බැරි හින්දා මම ඒ ගැන වැඩිය විස්තර කරන්නේ නෑ.
මේ ප්‍රශ්නේ තියෙන අය වැඩියෙන්ම හොයන දේ තමා මේකට මොනාද තියෙන ප්‍රතිකාර කියන එක. සමාජේ මිත්‍යා මතයක් පවා තියෙනවා මේවට ප්‍රතිකාර නෑ කියලා. හැබැයි ඒක පට්ටපල් බොරුවක්. මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන් ඖෂධ තියෙනවා. තව තෙරපි ක්‍රමත් තියෙනවා. මේ ප්‍රශ්නේ තියාගෙන ප්‍රතිකාර ගන්න එන රෝගීන්ට ගොඩක් වෙලාවට වෛද්‍යවරු දෙන්නේ ඔය ප්‍රතිකාර දෙකේම කලවමක්.
ඊට අමතරව තමන්ට කරන්න පුළුවන් තව දේවල් ටිකකුත් තියෙනවා.
📌Research වලින් හොයාගෙන තියෙනවා බර අඩු කර ගන්න එක සහ Cardiovascular ෆිට්නස් වැඩි කර ගත්තම ක්ෂණික මෝචනය සහ, ලිංගික අප්‍රාණිකත්වය කියන ප්‍රශ්න දෙකම නැති කර ගන්න පුළුවන් කියලා. Cardiovascular ෆිට්නස් වැඩි කර ගන්න ව්‍යායාම කරන්න ඕනා. ව්‍යායාම කරද්දී මේ පහළ තියෙන දේවල් 3 සම්පුර්ණ වෙන විදියට කරන්න. නැත්නම් කරන එක තේරුමක් නෑ.
▶ අඩුම තරමේ විනාඩි 30 ගානේ සතියකට දවස් 3ක් වත් ව්‍යායාම කරන්න
▶ දහඩිය පිට වෙනකම් ව්‍යායාම කරන්න
▶ හෘද ස්පන්දනය වැඩි වෙලා හති වැටෙනකම් ව්‍යායාම කරන්න (ඒ කිව්වේ එක දිගට කතා කරන්න බැරි වෙන ගාණට)
ක්ෂණික මෝචනය තියෙන කෙනෙක්ට මේ ප්‍රශ්නේ නැති කර ගන්න තෙරපි ක්‍රම පාවිච්චි කරන්නත් පුළුවන්.
📌 චර්යාත්මක තෙරපි/ Behavioral therapy
මේවා තමන්ටම තනියම විසඳුමක් හොයා ගන්න උදව් වෙන ක්‍රම. සෙස් කරන වෙලාවට විතරක් නෙමේ තනියම ස්වයං වින්දනය කරන වෙලාවට උනත් පුරුදු වෙන්න පුළුවන්. මේකෙදි මම ක්‍රම 2ක් ගැන කියනවා.
▶ start- stop ක්‍රමය. මේක 1956 විතර හොයා ගත්ත එකක්. මේකෙදි කරන්න තියෙන්නේ ශුක්‍රාණු පිට කරන්න ඔන්න මෙන්න තියෙද්දී සෙස් කරන එක එක පාරට නවත්තනවා. ඊට පස්සේ ශුක්‍රාණු පිට කරන්න තියෙන උවමනාව නැති වෙනකල් තත්පර 30 ක් වගේ වැඩේ නවත්තනවා. ශුක්‍රාණු පිට කරන උවමනාව නැති උනාට පස්සේ ආයේ පාරක් සෙස් කරන්න ගන්නවා. ඕක වට 3-4 ක් කරන එක තමා කරන්න තියෙන්නේ.
මේකේ හොඳම දේ තමා දෙන්නෙක් එක්ක සෙස් කරන වෙලාවට විතරක් නෙමේ තනියම ස්වයං වින්දනය කරන වෙලාවට උනත් මේ ක්‍රමය පුරුදු වෙන්න පුළුවන්. පෝස්ට් එකේ මුලදීම ස්නායු පද්ධතියෙන් දක්වන ස්වයංක්‍රිය ප්‍රතිචාර (Spinal cord reflexes) ගැන කිව්වා මතකද? මේ ක්‍රමය පුරුදු කරන එකෙන් වෙන්නේ Spinal cord reflexes වලට ඔයා අලුතෙන් කියලා දෙනවා වැඩ වෙන්න ඕන විදිය ගැන.
▶ අනිත් ක්‍රමය තමා squeeze ක්‍රමය. මේක Masters, Johnson කියලා දෙන්නෙක් 1970 දී හොයාගත්ත ක්‍රමයක්. මේකෙදි කරන්න තියෙන්නේ ශුක්‍රාණු පිට කරන්න ලං වෙද්දී පිප්පියේ තොප්පිය වගේ කෑල්ල මිරිකගෙන ඉන්න ඕනා ශුක්‍රාණු යවන්න තියෙන උවමනාව නැති වෙනකම්. ඒකෙන් වෙන්නේ ශුක්‍රාණු පිට කරන්න කියලා යවන සංවේදනය (Ejaculatory sensation) වළක්වන එක. මේ ක්‍රමය පුරුදු කරාම ශුක්‍රාණු පිට කරන්න කලින් දැනෙන සංවේදනය තේරුම් අරන් ඒක තමන්ට ඕන විදියට පාලනය කරන්න පුළුවන් වෙනවා. හැබැයි මිරිකද්දී පිප්පිය ගලෝලා ගන්න තරම් මිරිකන්න එපා. රිදෙන්නේ නැති ගාණට පරිස්සමට කරන්න. මේකත් කලින් ක්‍රමය වගේම කිහිප පාරක් උනත් කරන්න පුළුවන්.
ඔය තෙරපි ක්‍රම දෙකම ශුක්‍රාණු පිට කරන එක පරක්කු කර ගන්න ගොඩක් අයට මේක බොහොම සාර්ථකව පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම. හැබැයි ප්‍රශ්නෙට කෙටිකාලීන උත්තරයක් තමා ඔය දෙකෙන්ම හම්බෙන්නේ. ඒ කිව්වේ ඒ වෙලාවට විතරක් යන එක පොඩ්ඩක් පරක්කු කර ගන්න පුළුවන්. හැබැයි සමහරු නම් ඒකෙන්ම උනත් සෑහීමකට පත් වෙනවා.
📌 Anesthetics
සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා සමහරුන්ගේ ක්ෂණික මෝචනයට හේතුව, එයාලගේ පුරුෂ ලිංගයට දැනෙන සංවේදන දරාගෙන, අල්ලාගෙන ඉන්න පුළුවන් උපරිම මට්ටම අඩු කම හින්දා කියලා. (Lower sensory nerve threshold). ඒ ප්‍රශ්නේ විසදන්න පාවිච්චි කරන්න පුළුවන් නිශ්පාදන තියෙනවා. පුරුෂ ලිංගයේ සමට දැනෙන සංවේදනය පොඩ්ඩක් අඩු කරන්න තමා ඒවා හදලා තියෙන්නේ. නිකන් පුරුෂ ලිංගය හිරි වැටෙනවා වගේ එකක් තමා ඒවා පාවිච්චි කළාම වෙන්නේ. ඒත් ක්ෂණික මෝචනය තියෙන හැමෝටම නම් මේවා වැඩ කරන්නේ නෑ කියලත් දැනගන්න.
මේකට ක්‍රීම්, ස්ප්‍රේ වගේ දේවල් ගන්න තියෙනවා. ඒ වැඩේම කරන්න පුළුවන් ඒකටම විශේෂයෙන් හදලා තියෙන කොන්ඩම් ජාතිත් තියෙනවා. හැබැයි ඔයාලා ඔය වැල බලන්න යන සයිට් වල පෙන්නන ඇඩ් වලයි, ෆේස්බුක් එකේ අටෝගෙන තියෙන සෙක්ස් group වලයි එක එක්කෙනා විකුණන්න දාන ඒවා ගැන නම් මම වගකියන්නේ නෑ. ඒ වගේම මේවා පාවිච්චි කරද්දී එන ප්‍රශ්න ගැනත් කියලා තියන්න ඕනා.
සමහර ස්ප්‍රේ පිරිමි කෙනා පාවිච්චි කරලා සෙස් කරන්න ඇතුළට දැම්මම ගැහැණු කෙනාට ඒවා ඇලජික් වෙන වෙලාවලුත් තියෙනවා, ඒ හින්දා දකින දකින එක උලා ගැන නැතුව පරිස්සමට.
අනිත් ප්‍රශ්නේ තමා ක්ෂනික මෝචනයත් එක්ක ලිංගික අප්රානිකත්වයත් තියෙනවා නම් කිසිම වෙලාවක ඔය වගේ ස්ප්‍රේ, ක්‍රීම් ජාති පාවිච්චි කරන්න එපා. මොකද මේවා පාවිච්චි කරාම පුරුෂ ලිංගයට දැනෙන සංවේදනය ටිකක් අඩු වෙන හින්දා, ඉස්සෙල්ලම එයාට කෙලින් කර ගන්න එක කරගන්නත් අමාරු වෙයි.
📌 සෙක්ස් තෙරපි/ Psychosexual therapy
තනි තනිව කරන උපදේශන සේවාවන් සහ කපල් එකටම කරන උපදේශන සේවාවන් විදියට ක්‍රම දෙකටම වෙනවා. ඒ වගේ උපදේශන සේවා වලට යන්න. හිතට වද දෙන ප්‍රශ්නේ හංගන් ඉන්නේ නැතුව සම්පුර්ණ කතාවම එළියට දාන්න ඒක හොඳ අවස්තාවක් වෙනවා. තව ඔයාගේ පාට්නර් ට ඔයාගේ ප්‍රශ්නේ ගැන එයාගේ පැත්තෙන් හිතෙන දේවල් ටිකත් එළියට දා ගන්න පුළුවන් වෙනවා. සෙක්ස් තෙරපි වලින් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්.
ඔය ක්‍රම වලට අමතරව තව ඖෂධ එහෙමත් තියෙනවා. වෛද්‍යවරු දන්නවා ඒවා ගැළපෙන විදියට පාවිච්චි කරන විදිය.
හිතන්න කාට හරි ක්ෂණික මෝචනයයි, ලිංගික අප්රානිකත්වයයි දෙකම තියෙනවා කියලා. එහෙම කෙනෙක් ඉස්සෙල්ලම ලිංගික අප්‍රාණිකත්වය නැති කරගෙන ඉන්න ඕනා. ඊට පස්සේ පුළුවන් ක්ෂණික මෝචනය ගැන බලාගන්න. ඇයි දන්නවද එහෙම කිව්වේ? මෙන්න මේකයි. ලිංගික අප්‍රාණිකත්වය තියෙනවා නම් එයාගේ ඇඟ බලන්නේ කෙලින් වෙලා තියෙන එක බහින්න කලින් ඉක්මනට ශුක්‍රාණු ටික පිට කරලා වැඩේ ඉවරයක් කරලා දාන්න. මේ ප්‍රශ්න දෙකම තියෙන සමහරුන්ට ප්‍රතිකාර කරලා ලිංගික අප්‍රානිකත්වය නැති කර ගත්තම ක්ෂණික මෝචනයත් ඒ එක්කම ඉබේම නැති වෙලා යනවා.
ක්ෂණික මෝචනය තියෙනවා නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ළඟට ගිහින් ප්‍රශ්නේ විසඳ ගන්න එක තමා හොඳ. මොකද මේකත් එක්ක පැටලිලා තියෙන තවත් රෝග තියෙන්න පුළුවන්.
#XeducationSL