පිරිමි කට්ටිය කිහිප දෙනෙක් අහලා එවලා තිබ්බා දැන් ඉස්සර වගේ තමන්ගේ වයිෆ්ට ලිංගිකව එකතු වෙන්න උනන්දුවක් නෑ ඒකට මොකද්ද කරන්න ඕන කියලා. වැඩි හරියක්ම බැඳලා ඉන්න අය තමා මේ ප්‍රශ්නේ එවලා තිබ්බේ, ඉංග්‍රීසි වලින් නම් ලිංගික ආශාවට ල’බීඩෝ (libido) කියලා ලස්සන වචනයක් තියෙනවා. ඒත් සිංහලෙන් ඒකට කියන්න එහෙම ශිෂ්ඨ සම්පන්න වචනයක් නෑ මම හිතන්නේ.
තමන්ගේ සහකාරියගේ ලිංගික ආශාව තමන්ට වඩා අඩු වෙන එකට Sexual Desire/ arousal disorder කියලා කියන්නේ.ගැහැණු අයගේ ලිංගික ආශාව අඩු වෙන එකත් කොටස් 2 කට බෙදෙනවා.
1. Hypoactive sexual desire disorder: ඒ කියන්නේ ලිංගික සිතුවිලි, ෆැන්ටසි වගේ දේවල් හිතෙන එකේ අඩුකම, එහෙම නැත්නම් ලිංගික ක්‍රියා කරන්න හිතෙන එකේ අඩු කම.
2. Sexual aversion disorder: ඒ කියන්නේ සෙක්ස් කරන්න තියෙන බය/ වේදනාව වගේ ඒවා හින්දා තමන්ගේ සහකරුවා එක්ක සෙක්ස් කරන එක මඟහරින එක හෝ නවත්තන එක.
සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ලිංගිකත්වය කියන්නේ හරිම සංකීර්ණ දෙයක්. එකෙනුත් ගැහැණු අයගේ ලිංගිකත්වය ඊටත් වඩා සංකීර්ණයි. පිරිමි අයගේ නම් ගැහුවා, යැව්වා වගේ උනාට ගැහැණු අයගේ ඒක වෙනම කතන්දරයක්. ගැහැණුන්ව තේරුම් ගන්න බෑ කියන කතාව ඇත්ත තමයි. පරිණාමයෙන් ගැහැණු හැදිලා තියෙන්නෙම තේරුම් ගන්න බැරි වෙන්නම තමයි. ගැහැණු අයගේ ලිංගික බෙලහිනතා වල හේතු වලට ශාරීරික, මානසික සහ අන්තර්පුද්ගල (interpersonal) වගේ ස්වරූප ගොඩක් තියෙනවා.
ඉතින් ගැහැණු අයගේ ලිංගිකත්වය සංකීර්ණ වැඩි හින්දම ගැහැණු අයගේ ලිංගික ගැටළුවක් තියෙනවා නම් ඒක හොයා ගන්න එකත් ටිකක් අමාරුයි. ගැහැණු කෙනෙක්ට ලිංගික බෙලහීනතාවක් තියෙනවා කියන්න තියෙන ප්‍රධානම ලක්ෂණය තමා ඒ ගැහැණු කෙනා ලිංගික සම්බන්ධ වලට තියෙන කැමැත්ත නැති වෙනවා. මේ ප්‍රශ්නේ තියෙන ගැහැණු අයගෙන් හරිම අඩු පිරිසක් තමා ප්‍රශ්නෙට ප්‍රතිකාර ගන්න එන්නේ. මේක සාමාන්‍ය තත්වයක් කියලා හිතලා වැඩි හරියක් දෙනා ඉන්නවා. හැබැයි තවත් සමහරු දන්නවා මේක සාමාන්‍ය තත්වයක් නෙමෙයි කියලත්, එහෙම වෙලත් ඔහේ ඒවා විඳ දරාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. වෛද්‍ය සායන වලට එන රෝගීන්ගෙන් අහලා බැලුවම තේරෙන දෙයක් තමා, තමන්ගේ ආදර සම්බන්ධතා, විවාහය වගේ එව්වත් දෙදරලා යන්න මේක හේතු වෙනවා කියන එක.
දැන් බලමු මේ දේවල් වලට මොනාද හේතු වෙන්න පුළුවන් කියලා.
ශාරීරික හේතු වගේම මානසික හේතුත් මේකට හේතු වෙනවා. ඉස්සෙල්ලම ශාරීරික හේතු ගැන පොඩ්ඩක් බලමු.
👉 ලොකුම හේතුව තමා තයිරොයිඩ් ග්‍රන්ථි වල වල ආබාධ. තයිරොයිඩ් හෝමෝන වලින් තමා ඇඟ ශක්තිය පාලනය කරන්නේ කොහොමද කියලා තීරණය කරන්නේ. තයිරොයිඩ් හෝමෝන අඩු උනාම ඇඟේ ගොඩක් ක්රියාකාරිත්වයන් අඩු වෙනවා. ඒ එක්කම ලිංගික ආශාවත් අඩු වෙනවා.
තයිරොයිඩ් ග්‍රන්ථි වල ප්‍රශ්න හින්දා වෙන්න පුළුවන් තව දෙයක් තමා ප්රෝලෑක්ටීන් කියන හෝමෝන වැඩි වෙන එක. ඒකෙ ප්‍රතිඵලයක් විදියට යෝනි මාර්ගයේ තියෙන තෙත සහිත බව අඩු වෙන්න බලනවා (vaginal dryness). යෝනි මාර්ගයේ තෙත ගතිය නැති උනාම ලිංගිකව එකතු වෙන එකත් ටිකක් වේදනාකාරි වෙනවා, ඒ හින්දත් ගැහැණු අයගේ ලිංගික ආශාව අඩු වෙන්න පුළුවන්. තයිරොයිඩ් ග්‍රන්ථි වල මේ වගේ ප්‍රශ්න තියෙනවද කියලා රුධිර පරීක්ෂාවකින් හොයා ගන්න පුළුවන්.
👉 ඉබේ මුත්‍රා පිටවීම. (Urinary incontinence)
පිරිමි අයගේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන එක වෙන්නේ පුරුෂ ලිංගයට රුධිරය ඇවිත් පිරුණම. වැඩේ කරලා ඉවර වෙනකල් කෙලින් තියා ගන්න ඕන හින්දා පුරුෂ ලිංගයට පිරෙන රුධිරය වැඩේ ඉවර වෙනකල් ආපහු එළියට පිට නොවෙන්න තියා ගන්න ඕනා. ඒක කරන්න පුරුෂ ලිංගයේ තියෙන වෑල් එකක් තාවකාලිකව වැහෙනවා. එතකොට පුරුෂ ලිංගය ඇතුළට ආව රුධිරය වැඩි පිඩනේකින් ඇතුලේ තියා ගන්න පුළුවන්. ඒ වගේම මුත්‍රා එළියට එන්න තැනකුත් නෑ. මොකද ඒ වෙලාවට කිසිම දෙයක් එහෙ මෙහෙ යන්න බැරි වෙන්න වෑල් එක වැහිලා තියෙන්නේ. පුරුෂ ලිංගය කෙලින් වෙලා තියෙන වෙලාවට තූ දාන්නත් බැරි ඔන්න ඔය හින්දා තමා.
ඒත් ගැහැණු අයගේ ඔය කතාව වෙනස්. ලිංගික උත්තේජනයක් ආවම පිරිමින්ට වගේ මුත්‍රා එන පාර වහගෙන ඉන්න විදියට ගැහැණුන්ගේ ඇඟ හැදිලා නෑ. ඒ හින්දා සෙක්ස් කරන වෙලාවට ගැහැණු කෙනෙක්ගෙන් මුත්‍රා පිට වෙන එක ඒ තරම්ම වැඩිය පුදුම වෙන්න දෙයක් නෙමේ.
ඒත් ප්‍රශ්නේ තියෙන්නේ සෙක්ස් කරන වෙලාවට මුත්‍රා පිට වෙයි කියලා හිතේ දෙගිඩියාවෙන්, anxiety එකෙන් ඉන්න හින්දයි, මුත්‍රා පිට වෙන හින්දයි ගැහැණු අයට සෙක්ස් කරන එක හරිම චාටර් අත්දැකීමක් වෙනවා තියෙනවා කියලා. ඔය ගැන කරපු කරපු research එහෙමත් ඕන .
(How do urinary incontinence and urgency affect women's sexual life? :Margareta Nilsson 1, Othon Lalos, Håkan Lindkvist, Ann Lalos - 2011 Apr 15.)
👉 පිරිමි අයගේ ලිංගික ආශාව පාලනය කරන්න තියෙන්නේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය. ගැහැණු අයගෙත් ලිංගික ආශාව තීරණය වෙන්නේ ටෙස්ටෙස්ටරෝන් වලින්ම තමා. ගැහැණු අය වයසට යද්දී වෙන හෝමෝන වෙනස්කම් හින්දත් සෙක්ස් කරන්න තියෙන ආසාව එයාලට අඩු වෙනවා, ආර්තවහර්ණය වෙන කාලේ වගේ වෙද්දී ලිංගික ආසාව අඩු වෙන එක සාමාන්‍යයි, ඒ කිව්වේ මාසික ඔසප් වෙන එක නවතින එක. සාමාන්‍යයෙන් වයස 50 දී වගේ තමා ගැහැණු කෙනෙක්ට ඕක වෙන්නේ, ඒකට කරන්න තියෙන්නේ එහෙම වෙනවා කියලා දැනගෙන ඉන්න එක තමා.
👉 ඕවට අමතරව ඕනම කෙනෙක්ගේ ලිංගිකත්වය පාලනය වෙන්නේ හෝමෝන වලින්, ඉතින් ඔය හෝමෝන වල අක්‍රමිකතාත් ලිංගික බෙලහිනතා එන්න බලපානවා. හන්දි අමාරු, ස්නායු ආබාධ, දියවැඩියාව වගේ නිදන්ගත රෝගත් ගැහැණු අයගේ ලිංගික ආශාව අඩු කරන්න හේතු වෙනවා.
👉 ඔය ප්‍රශ්න ටිකට අමතරව ගැහැණු අය ගන්න උපත් පාලන පෙති වර්ග, සමහර රෝග වලට ප්‍රතිකාර විදියට ගන්න ඖෂධ හින්දත් බෙලහිනතා එනවා.
👉 තව ලිංගික සම්බන්ධ වලදී එන වේදනාව හින්දත් ගැහැණු අයට ආසාව අඩු වෙනවා. සෙක්ස් කරද්දී එන වේදනාව එන එක ගැන කලින් විස්තර ඇතුව පෝස්ට් එකක් දැම්මා. ඉස්සරහට තව විස්තර එක්ක පෝස්ට් එකක් දාන්නම්.
ඒ වගේම ගැහැණු අයගේ ලිංගික බෙලහිනතා වලට මානසික හේතුත් තියෙනවා.
මානසික රෝගත් මේකට බලපානවා.
👉 භින්නෝන්මාදය (ස්කිට්සෝප්රීනියා/ Schizophrenia)
ඔය සමහරු නිතරම තනියම කතා කරන එක, එහෙමත් නැත්නම් නොපෙනෙන අයත් එක්ක අදහස් හුවමාරු කරගන්න එක වගේ ලක්ෂණ තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒක භින්නෝන්මාදය එහෙමත් නැත්නම් ස්කිට්සෝප්රීනියාවේ (Schizophrenia ) රෝග ලක්ෂණ වෙන්න පුලුවන්. මේක ඇත්තටම මානසික රෝගයක්.
හැබැයි සිරි ලංකාව වගේ රටක කවුරු හරි ඒ වගේ කතාවක් කිව්වා කියලා අපි ඕනෑවට වඩා ඒ ගැන ප්‍රශ්න අහන්න යන්නේ නැ. මොකද ආවේස වෙන ඒවා, මළගිය ඥාතීන්ට කතා කරන ඒවා අපේ සංස්කෘතියේ හරිම සාමාන්‍ය දේවල්. කොහොම හරි මේ රෝගයේ තියෙන අවුලත් ඕකම තමයි. රෝගය තියෙන කෙනා වත් දන්නේ නෑ එයාට තියෙන්නේ මානසික රෝගයක් කියලා. ඉතින් ඔය ප්‍රශ්නේ තියෙන අයටත් සෙක්ස් කරන්න තියෙන ආසාව අඩු වෙනවා.
👉 තව එක එක මානසික තත්ත්වත් මේකට බලපානවා. අප්‍රසන්න ලිංගික අත්දැකීම් හොඳම උදාහරණයක්. ඒ කිව්වේ ලිංගික අපයෝජනයක්, පොඩි කාලේ කවුරු හරි කියපු දෙයක් හින්දා බය වෙලා තියෙනවා නම් වගේ දේවල්. හැබැයි ඕවා මිට අවුරුදු ගානකට කලින් චූටි කාලේ වෙච්ච මොකක් හරි දෙයක් වෙන්නත් පුළුවන්.
👉 ගොඩක් කල් තිස්සේ තියෙන ආදර සම්බන්ධතා වල (long term relationship) තියෙන ප්‍රශ්නයක් තමා අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ අනිත් කෙනා ගැන තියෙන ආකර්ෂණය අඩු වෙන එක. දෙන්නා අතරේ ආකර්ෂණය තියා ගන්න තමන් අඳින පළඳින විදිය, ඇඟේ හැඩය, තමන් ඉන්න විදිය යාළු උන මුල් කාලේ වගේ තියා ගන්න බලන්න.
👉 ලිංගික සම්බන්ධ ඒකාකාරී වෙන එකත් ගැහැණු අයට සෙක්ස් කරන එක එපා වෙන්න හේතුවක් වෙනවා. ඒ හින්දා හනුමා දර පලනවා වගේ හැමදාම එකම වගේ ඕක කරන්න යන්නේ නැතුව වෙනස් වෙනස් දේවල්, ඉරියව් කරලා බලන්න.
👉 බැඳලා ළමයෙක් හදන්න උත්සාහ කරන ගැහැණු කෙනෙක්ටත් ඔය ප්‍රශ්නේ එන්න පුළුවන්. ළමයෙක් හදන එකම ඔළුවේ තියාගෙන සෙක්ස් කරන්න යන එකෙන් ලිංගික ආශාව අඩු වෙන්න පුළුවන්. සෙක්ස් කරන එක ඒකාකාරී වෙලා ඒක එපා වෙන්න පුළුවන්. ළමයි හදන එක සෙක්ස් කරන එකේ අරමුණ නොකරගෙන ලිංගික තෘප්තිය අරමුණු කරගෙන සෙක්ස් කරන එක කරන්න.
👉 දැනට ඉන්න පිරිමි කෙනා එක්ක තියෙන ලිංගික සම්බන්ධයේ ප්‍රශ්න හින්දත් ගැහැණු කෙනාට සෙක්ස් කරන්න තියෙන ආසාව අඩු වෙන්න පුළුවන්. තමන්ගේ පිරිමියා එක්ක නිතර දෙවේලේ මරා ගන්නවා නම් ඕවා ලොකුම හේතු වෙනවා. දෙන්නා අතර සමීපබව තියාගන්න එක. intimacy කියලා කියන්නේ ඒකට. එක එක හේතු හින්දා දුරස් වෙලා ඉන්න එකත් ගැහැණු අය සෙක්ස් කරන්න අකමැති වෙන්න හේතුවක්.
දෙන්නා අතරේ සන්නිවේදනයත් හොඳට තියෙන්න ඕනා. තම තමන්ගේ ලිංගික රුචිකත්වයන් කතා කර ගන්න පුළුවන් වෙන තරමට ඒක විවෘත වෙන්න ඕනා. තමන්ට මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිත් කෙනා එක්ක ඒවා බෙදා ගන්න පුළුවන් වෙන්න ඕනා.
ඔය වගේම තවත් දෙයක් තමා
👉 රැකියාවේ, ජොබ් එකේ ප්‍රශ්න වගේ දේවල් වලින් මානසික ආතතියට (stress) එකට ඇවිල්ලා ඉන්නවා නම් ඒ අයගෙත් ලිංගික ආශාව අඩු වෙන්න පුළුවන්. හොඳ නින්දක් ගන්න එකෙත් මානසික ආතතිය සෑහෙන දුරට අඩු කර ගන්න පුළුවන්. තව ව්‍යායාම කරන එකත් මානසික ආතතිය අඩු කරන්න උදව් කරනවා. Cardio ව්‍යායාම ගැහැණු අයට ආතතිය අඩු කර ගන්න උදව් වෙනවා කියලා හොයාගෙන තියෙනවා. යෝගා ව්‍යායාම කරන එකත් හොඳයි.
👉 ගැහැණු අයගේ ලිංගික ආශාව අඩු වෙන්න ඒ අයගේ හිතේ සතුට කියන දේත් බලපානවා. ගැහැණු කෙනාගේ ලිංගික ආශාව වැඩිපුර තියා ගන්න නම් එයා ආස කරන දේවල් දෙන්න ඕනා එයා කැමති දේවල් කරන්න ඕනා. එයාලා කරන්න ආස දේවල් කරන්න ඉඩ දෙන්න ඕනා.
👉 ඔය උඩ කිව්ව ප්‍රශ්න එකක්වත් නැතුවත් සමහරුන්ට තමන්ගේ ඇඟ ගැන සෑහීමකට පත් වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. (poor body image) ඔන්න ඕකත් මේකට හේතුවක් වෙනවා. ඇඟ මහත වැඩියි, අරක ලොකු මදි, මේක ලොකු වැඩියි වගේ ප්‍රශ්න ගැන එයාලා හිතනවා. මේ ලෝකේ කිසිම කෙනෙක් තමන්ට ලැබිලා තියෙන දේවල් වලින් 100% ක් සෑහීමකට පත් වෙන්නේ නෑ. ඒ හින්දා ලද දෙයින් සතුටු වෙන්න බලන්න.
උඩ ටික කියෙව්වා නම් තේරෙන්න ඇති මේ ගැහැණු අයට සෙක්ස් කරන්න තියෙන ආසාව අඩු වෙන්න මාර දේවල් ගොඩක් හේතු විදියට තියෙනවා. ඒ හින්දම මේ ප්‍රශ්නේ ආවම ඒකට හේතුව එක පාර හොයා ගන්න එකත් ටිකක් අමාරුයි. මේ වගේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ළඟට යන එක තමයි කරන්න ඕනා. හැබැයි උණට, කැස්සට බේත් ගන්න යනවා වගේ එක පාරින් වැඩේ කර ගන්න බෑ. ගොඩක් වෙලාව අරගෙන කීප පාරක්ම ප්‍රතිකාර ගන්න යන්න වෙනවා. සමහර වෙලාවට හෝමෝන පරික්ෂා පවා කරන්න වෙනවා.
ඇත්තටම ගැහැණු අයගේ ලිංගික ආශාව වැඩි කරන්න දෙන ඖෂධ, අතිරේක පෝෂක ද්‍රව්‍ය තියෙනවා. ඊට අමතරව ලිංගික මනෝ වෛද්‍ය චිකිත්සක ක්‍රම (sex therapy) තියෙනවා. ඔය සායනික ක්‍රම වලින් ඔය ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒත් එහෙම බෙහෙතක් කියන්න කියලා ඇහුවට හැමෝටම ගැළපෙන ඒ විදියේ එක බෙහෙතක් කියන්න විදියක් නෑ. මොකද හැමෝටම එකම දේ ගත්තා කියලා ප්‍රශ්නේ විසඳෙන්නේ නෑ. ඉස්සෙල්ල ප්‍රශ්නේ ගැන වෛද්‍යවරයෙක් එක්ක කතා කරලා, රෝග නිර්ණයකට ආවට පස්සේ බෙලහිනතාවය ඇවිත් තියෙන හේතුව අනුව තමා දෙන ප්‍රතිකාරයක් දෙන්නේ. ඉතින් ඒක එක එක්කෙනාට වෙනස් වෙනවා. හැමෝටම කියන්න පුළුවන් විදියේ එක බෙහෙතක් තිබ්බා නම් පේජ් එකට මැසේජ් කරලා ඔය ප්‍රශ්නේ කියන හැමෝටම මම ඒක කියනවා.
ෆේස්බුක් වෙදුන්, යාළුවො, අරයා මෙයා කිව්ව දේවල් අහන්නේ නැතුව සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් ලඟට දෙන්නම ගිහින් ප්‍රශ්නේ විසඳගන්න, ජිවිතේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙමේ කියනවනේ.
#XeducationSL