ෆුට්බෝල් ලෝක කුසලානය කටාර් වල මේ මාසේ පටන් ගන්න ඔන්න මෙන්න තියෙන්නේ. කටාර් වගේ මැදපෙරදිග රටවල් වල, LGBTQ+/ සමලිංගිකත්වය ගැන බොහොම විරුද්ධ මතයක් තමා තියෙන්නේ. කොටින්ම සමලිංගික සම්බන්ධතා අහු උනොත් අවුරුදු 7ක් වගේ වෙනකම් හිරේ දාන්න උනත් එහේ නීති තියෙනවා. සමලිංගික පිරිමින්ට එහෙම මරණිය දඬුවම් පවා හම්බෙනවා. වෙන දෙයක් තියා මේ මාසේ මුල දවසක කටාර් වල ෆුට්බෝල් තානාපති ප්රසිද්ධියේම TV චැනල් එකකට කියලා තිබ්බා සමලිංගිකත්වය කියන්නේ මානසික විකෘතියක්/ damage in the mind කියලා.හැබැයි යුරෝපයේ රටවල් ඒ වගේ නැහැ, එයාලා මිනිස් අයිතිවාසිකම් ගැන ඕනෑවටත් වඩා හිතනවා.
ඔන්න
ඔය වගේ සීන් එකක් තියෙද්දී යුරෝපයේ ෆුට්බෝල් කණ්ඩායම් ලෝක කුසලානයට කටාර් වලට
එද්දී මරු දේවල් ටිකක් කළා.
👉 එංගලන්ත
ෆුට්බෝල් කණ්ඩායම, සමලිංගික කට්ටියව නිරුපනය කරන දේදුන්නේ පාට තියෙන සපත්තුවක්
දාගෙන ඉන්න මිනිහෙක්ගේ ෆොටෝ එකක් එයාලා ආව Airbus A350 ප්ලේන්
එකේ ඉස්සරහා ගහගෙන තමා කටාර් වලට බැස්සේ.
👉 ජර්මන්
ෆුට්බෝල් කණ්ඩායම ලෝක කුසලානයට එන්න ඉන්න Airbus A330 ප්ලේන් එකෙත් ‘Diversity
Wins’ (විවිධත්වය තමා දිනන්නේ) කියලා ගහලා
තියෙනවා මේ වෙද්දී. ඒකත් මේ මාසේ අන්තිම වෙද්දී කටාර් වලට එනවා.
👉 ඇමරිකාවේ
ෆුල්බෝල් කණ්ඩායමත්, LGBTQ+
අයිතීන් පෙන්වන්න එයාලගේ media
කාමර වල සහ පුහුණු වෙන තැන් වල දේදුන්නේ පාට ටික පේන
විදියට හදලා තිබ්බා.
👉 ස්විස්ටර්ලන්තය ලෝක කුසලානයට යන්න කලින් හදලා තිබ්බා ෆුට්බෝල් වීඩියෝ එකක්.
වීඩියෝ එකේ එක තැනක තිබ්බා gay කපල් එකක් අත් අල්ලන් ඇවිදගෙන යන clip එකකුත්.
👉 එංගලන්ත, බෙල්ජියම්, ඩෙන්මාක්, ප්රංශය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය සහ නෙදර්ලන්තය කියන රටවල් වල ෆුට්බෝල්
කණ්ඩායම් වල නායකයෝ තමන්ගේ ඇඳුමේ අතේ “OneLove” කියලා බැජ් එකක් ගහගෙන ලෝක කුසලානයේ match සෙල්ලම්
කරන්න ඉන්නවා කියලත් කියනවා.
හැමෝටම
වගේම සමලිංගික අයටත් අයිතිවාසිකම් තියෙන්න ඕන එක ඇත්ත. ඒ ගැන මට කිසි ප්රශ්නයක්
නෑ. මම LGBTQ+ අයට support කරන වැඩසටහනකට
join වෙලා වැඩක් කරලත් තියෙනවා. ඕන කෙනෙක්ට ඕන එක්කෙනෙක් එක්ක ආදරය කරන්න පුළුවන්, ඒකත්
හරි. ඒත් මම නම් කියන්නේ අද ලෝකේ ඉන්න බිලියන 8න්ම LGBTQ+ අය කී දෙනාද ඉන්නේ. % බැලුවොත් හරිම
පොඩි ගානක්නේ එන්නේ. ඉතින් මේ ෆුට්බෝල් ලෝක කුසලානයක් වගේ ලෝකෙම අවධානය හම්බෙන event එකකින් ඔයිට
වඩා වැදගත් පණිවිඩයක් දෙන්න දෙයක් කරන්න බැරිද? රුසියාවයි, යුක්රේනයයි යුද්ධයක
පැටලිලා ඉන්නවා. යුරෝපයේ ගොඩක් රටවල් මේ වෙද්දී බලශක්ති අරබුදයක ඉන්නවා.
ඉතින් ඒවා ලොකු ප්රශ්න නෙමේද? LGBTQ+ rights කියන්නෙත්
වෙලාවකට හරි ඕවර් ඇක්ටින් දඟලානා.
මේ ලෝකේ අවුරුදු ගානකට කලින් ඩයිනොසිරස්ලා එහෙම ඉඳලා පස්සේ
වඳ වෙලා ගිහින් තියෙනවනේ.
ඒ වගේම හැම අවුරුද්දකම වඳ වෙලා යන සත්තුන්ගේ නම් ලිස්ට්
එකක් රතු දත්ත පොතටත් යනවා. හැබැයි මිනිස්සු තාමත් වඳ නොවී වර්ගයා පවත්වාගෙන යන්නේ
දරුවන් හදන්න පුළුවන් ගැහැණු සහ තමන්ගේ පවුල ආරක්ෂා කරන්න පුළුවන් masculine පිරිමි හන්දා.
ඉතින් ඕක අස්සට ඔය දෙකටම නැති ජාතියක් දාගෙන ඕනෑවට වඩා නටන්න ඕනා නෑ. මොකද LGBTQ+ අයට ස්වභාවිකව
ළමයි හදන්න බැරි හින්දා මිනිස්
වර්ගයාගේ පැවැත්මට එයාලගෙන් දායකත්වයක් හම්බෙන්නේ නෑ. දැන් කවුරු හරි කියන්න එපා LGBTQ+ අයව ස්වභාවධර්මය
විසින් මවන්නේ වැඩි වෙන ජනගහනය පාලනය කරන්න කියලා නම්. ඒ ගැන research කරන අය මත පළ
කරලා තියෙනවා පෘතුවියට දරා ගන්න බැරි තරමටම ජනගහණය දිගටම වැඩි වේවි යන්නේ නැහැ
කියාලා.
#XeducationSL