ලීක් නොවී ඉන්න : (NEWS: Wisconsin- Madison University Volleyball Team Leaked)


පහුගිය කාලේ ලීක් උන ෆොටෝ හැම තැනම trending වෙලා තිබ්බනේ. ඒ එක්කම අපේ ධනුෂ්කත් කොහේදෝ යන එකක පැටලිලා තිබ්බා. ලංකාවේ විතරයි ඕවා මේ තරම් රහ කර කර විකුනන්නේ කියලා හිතන් ඉද්දි මෙන්න පහුගිය දවස් ටිකේ ඇමරිකාවෙත් ඒ වගේම ලීක් එකක් වෙලා.

ඇමරිකාවේ Wisconsin- Madison විශ්වවිද්‍යාලයේ කාන්තා-වොලිබෝල් කණ්ඩායමේ ෆොටෝ, වීඩියෝ ටිකක් තොග පිටින් ලීක් වෙලා තිබ්බා. ඔය විදියට ලීක් වෙලා තිබ්බේ වැඩි හරියක්ම එයාලා කට්ටිය පාටි දාපු වොලිබෝල් ලොකර් රුම් එක ඇතුලේ ගත්ත ෆොටෝ වීඩියෝ තමා. හැබැයි ෆොටෝ, වීඩියෝ අරන් තිබ්බේ මිට අවුරුද්දකට විතර කලින් 2021 දෙසැම්බර් වල. එයාලා ජාතික වොලිබෝල් ශුරතාවය දින්නා 2021. වොලිබෝල් කුසලානයත් අතේ තියාගෙන පාටි කරන වීඩියෝ එහෙම ඔය ලීක් අතරේ තිබ්බා. වැඩේ කියන්නේ එක්කෙනෙක්ගේ විතරක් නෙමේ මුළු වොලිබෝල් ටීම් එකේම ෆොටෝ ලීක් වෙලා තිබ්බ එක. (දැන් මගෙන් අහන්න එපා මම කොහොමද දන්නේ කියලා හරිද)

2021 ගත්ත ෆොටෝ, වීඩියෝ අවුරුද්දකට පස්සේ ලීක් උනේ කොහොමද කියන එක ගැන මේ වෙද්දී Wisconsin- Madison විශ්වවිද්‍යාල පොලිස් දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පටන් අරන් තියෙනවා. ඒ පැත්තේ නීතිය අනුව ඔය වගේ අනුන්ගේ දේවල් ලීක් කරන revenge porn කියන එක සෑහෙන දරුණුවට ගන්නවා. මාස 9 ක සිරදඬුවමක් සහ ඩොලර් 10,000 ක දඩයක් වෙනකම් දඬුවම් හම්බෙන ලොකු කේස් එකක්.

ඔය වගේ එකක් ලීක් උනාම ලංකාවේ ෆේස්බුක් පේජ් කාරයෝ ඒ කෙනාව විකුණන් කන වැඩේ එහෙත් tik tok කාරයෝ ටික ඒ විදියටම කරලා තිබ්බා. කමෙන්ට් වල link ඉල්ලන් එන අයත් ලංකාවේ වගේම අඩුවක් නැතුවම හිටියා හැබැයි. පෝස්ට් එකේ screenshot වල දාලා තියෙන්නේ මම දැක්ක ඒ වගේ කමෙන්ට් ටිකක්.



ඒ දේවල් ටික නම් ලංකාවේ වගේම කිසි වෙනසක් නැතුව ඒ විදියටම උනාට, ඒ ගැහැණු ළමයි ටික වැරදිකාරයො නොකරන්න එහෙ බලධාරීන් වැඩ කරලා තිබ්බා. විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කරන අය වෙනුවෙන් පෙනී ඉන්න Wisconsin Badgers එයාලගේ නිල twitter එකේ Statement එකක් දාලා කියලා තිබ්බා “මේ වෙච්ච ප්‍රශ්නේ ගැන, UW පොලිස් දෙපාර්තමේන්තුව කිසිම වෙලාවක වොලිබෝල් ක්‍රීඩිකාවන්ගෙන් පරීක්ෂණයක් කරන්නේ නෑ” කියලා. මොකද ලීක් උන එකට ඒ ළමයි වැරදි නෑනේ.

UWPD is not investigating the volleyball students-athletes for wrongdoing in this matter.”

ඉන්ටනෙට් එකේ security, privacy කියලා දෙයක් නෑ. ඒ හින්දා තමන්ගේ ෆොටෝ වීඩියෝ තැන තැන දාද්දි පරිස්සමට.

#XeducationSL

Previous Post Next Post