බඳින්න ඉන්න කපල් එකක් නම් ගෙවල් වල උන්දැලා පොරොන්දම් බල බල දඟලයි. ඊට පස්සේ වෙඩින් හෝල් බලන්නයි ඇඳුම් තෝරන්නයි, රටේ නැති දේවල් තියෙනවනේ බලන්න. ඒ නටන නැටුම් වලට කලින් ඔයාලා දෙන්න හොඳ බබාලා දෙන්නා වගේ මෙන්න මේ ටෙස්ට් ටික බඳින්න කලින් කරගෙන ඉන්න. බැඳලා ඔයාලා දෙන්නට සතුටින් ඉන්න සහ ඉස්සරහට බබෙක් හදන්න ඉන්නවා නම් ඒ බබාටත් මේ දේවල් ගොඩක් අදාළ වෙනවා.
📌 රුධිර ඝණ/ Blood group
රුධිර ඝණ 4ක් තියෙනවා A, B, AB සහ O කියලා. ඕවට අමතරව ඔය හැම ලේ වර්ගයක්ම + සහ - විදියට තවත් වර්ග දෙකකට බෙදෙනවා. රතු රුධිරාණු වල තියෙන ප්‍රෝටීන් එකක් තියෙනවා RH (Rhesus)සාධකය කියලා. ඔය RH සාධකය ලේ වල තියෙන අය +. RH සාධකය නැති අයත් ටික දෙනෙක් මේ ලෝකේ ඉන්නවා. එයාලා - අය.
හැබැයි ඔය ජාති දෙකට එකට එකතු වෙලා සමගියෙන් වැඩක් කර ගන්න බෑ. ඒ කියන්නේ RH- ගැහැණු කෙනෙක්ගේ බඩේ RH+ ලේ තියෙන බබෙක් ඉපදෙන එක ටිකක් භයානකයි. බබා අම්මගේ බඩේ ඉද්දි බබාගේ රතු රුධිරාණු අම්මගේ ලේ වලට එකතු වෙනවනේ. හැබැයි අම්මගේ ඇඟට බබාගේ ලේ ආගන්තුකයි. මොකද අම්මගේ ඇඟේ තියෙන්නේ RH- ලේ, බබාගේ ඇඟේ තියන්නේ RH+ ලේ. ඉතින් අම්මගේ ඇඟ හිතනවා බබාගේ ඇඟේ තියෙන RH+ සෛල අම්මගේ ඇඟ ආක්‍රමණය කරන්න තමා ඇවිත් තියෙන්නේ කියලා. එහෙමෙ වෙන්න නොදී බබාගේ ඇඟේ තියෙන RH+ රුධිර සෛල විනාස කරලා දාන්න ඕනා කියලා අම්මගේ ඇඟ හිතනා. එහෙම හිතලා අම්මගේ ඇගෙන් ප්‍රතිදේහ හමුදාවක් හදනවා ඇටැක් එකට යවන්න. ඔය හැදෙන ප්‍රතිදේහ වලින් බබාගේ රතු රුධිරාණු වලට එල්ල වෙන ප්‍රහාරය හින්දා බබා සදාකල් ආබාධිත වෙන්න පුළුවන්, මොළයේ, හදවතේ හානි වෙන්න පුළුවන්, මළදරු උපත් පවා වෙන්න පුළුවන්.
ඉතින් ඔය වැඩේ වෙන්න අවදානමක් තියෙන්නේ අම්මගේ රුධිර ඝණය - වෙලා, තාත්තාගේ රුධිර ඝණය + වෙන කපල් එකකට. එහෙම දෙන්නෙක්ට හම්බෙන බබාගේ RH සාධකය + උනොත් තමා ප්‍රශ්නේ.
හැබැයි ඔය වගේ සංකුලතා එන්න පුළුවන් අවදානම තියෙන්නේ හරිම අඩු දෙනෙක්ට.
අනික තමා RH සාධකය - තියෙන ගැහැණු අය ඉන්නේ 15% කටත් වඩා අඩු ගාණක් කියලා තමා කියන්නේ.
තව දෙයක් තමා ඔය කිව්වා වගේ කපල් වලටත් RH සාධකය + බබෙක් හම්බෙන්න තියෙන අවස්තාව 50% යි. මොකද හම්බෙන බබා RH + හෝ - වෙන්න 50% සම්භාවිතාවක් තියෙනවා.
ඔය හේතු හින්දා වැඩියම කළබල වෙන්න දෙයක් නෑ. බඳින්න ඉන්න ඔයාලා දෙන්නාගෙන් ලේ වල RH සාධකය ගැළපෙන්නේ නෑ කියලා පවුල් කඩාකප්පල් කරගෙන දඟලන්න දෙයක් නෑ. ඒවට කරන්න දේවල් තියෙනවා.
1960 ගණන් වල විතර ඉඳන් අම්මගේ ඇඟේ ස්නායු පද්ධතිය හැක් කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගෙන් තියෙනවා. බබාගේ ඇඟේ රුධිරයට පහර දෙන අම්මගේ ඇඟේ ප්‍රතිදේහ ජාතියම පාවිච්චි කරලා හදපු එන්නතක් තියෙනවා. ඒක බබා හම්බෙන්න කලින් සහ බබා හම්බුනාට පස්සෙත් දෙනවා. බබාගේ ලේ එක්ක රණ්ඩු කරන්නේ නැතුව ඉඳහල්ලා කියලා ඔය ඉන්ජෙක්ෂන් එක අම්මට දෙනවා.
ඒ විතරක් නෙමේ ඔය වගේ නොගැලපීමක් හින්දා හම්බෙන බබෙක් උනත් ප්‍රශ්නයක් වෙන්න නොදී බේර ගන්න ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒ හින්දා හින්දා බය වෙන්න දෙයක් නෑ. නොගැලපීමක් තියෙනවා කියලා බය වෙන්න දෙයක් නෑ. තියෙනවා කියලා දැනගෙන ගැබ් ගත්තම වෛද්‍යවරයාට ඒ දේ කියලා කරන්න ඕන දේවල් ටික කර ගන්න. එච්චරයි.
📌 තැලසීමියා
තැලසීමියාව කියන්නේ සුදු රුධිරාණු වලට බලපාන රුධිරගත රෝගයක්. ලංකාවේ තැලසීමියා රෝගය හොයා ගත්ත මුල් කාලේ අලුත ඉපදෙන බබාලා උපරිම අවුරුදු 5ක් වගේ තමා ජිවත් උනේ. හැබැයි දැන් නම් ප්‍රතිකාර වලින් තැලසීමියා හැදුන කෙනෙක්ට අවුරුදු ගාණක් ජිවත් වෙන්න පුළුවන්. හැබැයි බබාලට මාස 4 -5 ඉඳන්ම මාසේ ගානේ රුධිරය දෙන්න ඕනා. සාමාන්‍යයෙන් 10 පාරකට වඩා රුධිරය දුන්නම ඇඟේ යකඩ වැඩි වෙනවා. ඒ හින්දා ඇඟේ වැඩියෙන් එකතු වෙන යකඩ අඩු කරන්නත් ප්‍රතිකාර දෙන්න ඕනා. ඕක ඉතින් ජිවිත කාලෙම කරන්න වෙනවා.
ඒ හින්දා හැදෙන්න කලින් වළක්වා ගන්න එක තමා කරන්න ඕනා. තැලසීමියා හරියටම හඳුනා ගන්න ඒකටම වෙනම පරීක්ෂාවක් කර ගන්න ඕනා. තැලසීමියා ටෙස්ට්, තැලසීමියා මධ්‍යස්ථාන වලින් නොමිලේම කර ගන්න පුළුවන්. මහර, රාගම සහ කුරුණෑගල තියෙනවා. බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයෙන් කර ගන්නත් පුළුවන්. රජයේ රෝහල් සහ පෞද්ගලික රෝහල් වලිනුත් කර ගන්න පුළුවන්.
අපි ඉස්කෝලෙ ගිය දවස් වල එහෙම ඉස්කෝලෙට ඇවිත් ගැහැණු ළමයින්ට ඔය ටෙස්ට් එක කරලා පාට පාට කාඩ් දුන්නා. කහ, කොළ සහ රෝස පාට.
කොළ පාට කාඩ් එකක් හම්බුනා කියන්නේ ඒ කෙනාට තැලසීමියා හැදෙන්න හෝ, එයාට හම්බෙන බබාලට තැලසීමියා හැදෙන්නත් තියෙන අවදානම අවමයි කියලා. කොළ කාඩ් හම්බුන අයට ඕන එකෙක්ව බැඳ ගන්න එකයි ඇත්තේ.
කහ කාඩ් හම්බුනා නම් අවදානම හරිම අඩුයි. හැබැයි අවදානම 0 නෙමේ.
රෝස පාට කාඩ් එකක් හම්බුනා නම් එයා තැලසීමියා වාහකයෙක්. බඳින දෙන්නම තැලසීමියා වාහකයන් දෙන්නෙක් උනොත් එයාලට හම්බෙන බබාට තැලසීමියා රෝගය හැදෙන්න 25% සම්භාවිතාවක් තියෙනවා. ඒ හින්දා පිරිමි තැලසීමියා වාහකයෙක්ව බඳින්න එපා. ඒ කියන්නේ රෝස පාට කාඩ් එකක් තියෙන කෙනෙක් තවත් රෝස කාඩ් එකක් තියෙන කෙනෙක්ව බඳින්න එපා. රෝස පාට කාඩ් එකක් තියෙන කෙනෙක් කහ කාඩ් එකක් තියෙන කෙනෙක්ව බැන්දොත් අවදානම අඩුයි. හැබැයි අවදානම 0 නෙමේ හින්දා එහෙම දෙන්නක් බඳිනවා නම් බඳින්න කලින් තැලසීමියා ටෙස්ට් එක කරගෙන බඳින්න. රෝස කාඩ් එකක් තියෙන කෙනෙක් තැලසීමියා ටෙස්ට් එකක් කරලා නැති කෙනෙක්ව බඳින්නත් එපා. රෝස කාඩ් එකක් තියෙන කෙනෙක් කොළ කාඩ් එකක් තියෙන කෙනෙක්ව බැන්දා කියලා වැඩිය බය වෙන්න දෙයක් නෑ.
ලංකාවේ කුරුණෑගල තමා තැලසිමියාව වැඩියෙන්ම තියෙන්නේ. ඒ පැත්තෙන් පවුල් වෙන්න ඉන්නවා නම් අනිවාර්යෙන්ම ටෙස්ට් එක කරගෙනම ඉන්න. රටේ අනිත් පළාත් වල අය කියලත් ලොකු නෑ, එයාලටත් මේක අදාළයි හොඳේ.
ඉස්කෝල වල නම් කාලයක් යනකල්ම ගැහැණු ළමයින්ට නොමිලේ මේ එන්නත දුන්නා. පස්සේ ඕකට මොකක් හරි කේස් එකක් වැටුනා.
ගැහැණු ළමයි බඳින්න කලින් රුබෙල්ල එන්නත විදගෙන ඉන්න ඕනා. මොකද ප්‍රෙග්නන්ට් වෙලා ඉන්න කාලේ රුබෙල්ලා හැදුනොත් එහෙම හම්බෙන බබාට ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හම්බෙන බබාගේ මොළයේ වර්ධනය පවා අඩු වෙලා අසාමාන්‍ය /abnormal බබෙක් ඉපදුනොත් එහෙම ජිවිත කාලෙම ඒ හින්දම විඳවන්න වෙයි. පොඩි කාලේ රුබෙල්ලා එන්නත ගත්තද නැද්ද කියලා මතක නැති කෙනෙක් ඉන්නවා නම් ඒ අයට රුධිර පරීක්ෂාවක් තියෙනවා කරන්න. ඒ ටෙස්ට් එක කරලා බලන්න පුළුවන් ඇඟේ ප්‍රතිදේහ ඕන තරමට තියෙනවද කියලා. රුබෙල්ලා පොඩි කාලේ ගහපු අයගේ උනත් පස්සේ කාලෙක ප්‍රතිදේහ අඩු වෙන වෙලාවලුත් තියෙනවා. ඒ හින්දා මම නම් කියන්නේ පොඩි කලේ රුබෙල්ලා ගහපු කෙනෙක් උනත් බඳින්න කලින් ගිහින් ඔය ටෙස්ට් එකත් කර ගන්න.
📌 වටේ ගිහින් තියෙනවා නම් STD ටෙස්ට් කර ගන්න.
බඳින්න යන කෙනාට කලින් සම්බන්ධතා තිබිලා තියෙනවා නම්, එයා කලින් අයත් එක්ක අනාරක්ෂිතව ලිංගික සම්බන්ධතා කරලා තියෙනවා නම් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන බලා ගන්න එක හොඳයි. විවාහ යෝජනා වලින් බඳින අයත් මේ ගැන විශේෂයෙන්ම හොයලා බලන්න, මොකද උන්දෑ කලින් මොන මොන නාඩගම් නටලා තියේද කවුද දන්නේ.
ක්ලැමිඩියා, ගොනොරෝයා, සිෆිලිස් වගේ STD බැක්ටීරියා වලින් හැදෙනවා. වෛරස් වර්ග වලින් හැදෙන HIV/ hepatitis B C, හර් පීස් වගේ රෝගත් තියෙනවා.
ඔය සමහරක් ලෙඩ වල ප්‍රශ්නේ තියෙන්නේ රෝග කාරක ඇඟට ඇතුල් වෙලා හැංගිලා ඉඳලා සෑහෙන කාලෙකින් තමා රෝග ලක්ෂණ පෙන්නන්න ගන්නේ. HIV වගේ නම් අවුරුදු 8ක් වගේ වෙනකම් උනත් ඇඟ ඇතුලේ හැංගිලා ඉන්න පුළුවන්. ඒ හින්දා ඇඟේ පිටින් කිසිම රෝග ලක්ෂණයක් නැති උනාට ඇඟ ඇතුලේ බඩු හැංගිලා ඉන්න පුළුවන්.
ඒ හින්දයි කිව්වේ කලින් ගොඩක් අය එක්ක සම්බන්ධතා තිබිලා තියෙනවා නම් බඳින්න කලින් රෝග පරීක්ෂාවක් කරගන්න කියලා. ගොඩක් STD ටෙස්ට් රුධිර පරික්ශාවකින්ම කර ගන්න පුළුවන්.
📌 සරුබව පරික්ෂාව/ Fertility test
අලුත බඳින කපල් වලින් 80-90% ක් අතර දෙනා පළවෙනි අවුරුද්දෙම ප්‍රෙග්නන්ට් වෙනවා. 95% ක් විතර දෙනා අවුරුදු 2ක් ඇතුළත ප්‍රෙග්නන්ට් වෙනවා. එතකොට ඔය ඉතුරු වෙන 5-10% දෙනාට තමා ප්‍රෙග්නන්ට් වෙන්න පොඩ්ඩක් අමාරු වෙන්නේ. ඒ හින්දා බඳින්න ඉන්න හැමෝටම සරුබව පරික්ෂා කරන්න ඕන නෑ. හැබැයි මෙන්න මේ අවස්ථා වලදී බඳින්න කලින් ටෙස්ට් එකක් කර ගන්න එක හොඳයි.
▶ වයස
ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම මේක අදාළයි. හැබැයි පිරිමි අයටත් වඩා ගැහැණු අයට තමා වැඩියෙන් බලපාන්නේ. මොකද ගැහැණු අයගේ ඩිම්බ කියන්නේ ගැහැණු ඉපදෙද්දීම අරන් එන දෙයක්. ඕවා ආයේ අලුතෙන් අලුතෙන් හැදෙන්නේ නෑ. හැම මාසෙකම ඔසප් වෙන දවස් වලට ඇඟේන් ඩිම්බ එක එක ගානේ පිට වෙන හින්දා වයස වැඩි වෙනවත් එක්කම ඇඟේ ඉතුරු වෙන ඩිම්බ ගාණත් ටික ටික අඩු වෙනවා. ඩිම්බ වල quality එකත් බහිනවා. ගැහැණු කෙනාගේ වයස 35 ට වැඩි නම් සහ පිරිමි කෙනාගේ වයස 45 ට වගේ වැඩි නම් Fertility test එකක් කර ගන්න එක හොඳයි.
▶ ඔසප් චක්‍රය අක්‍රමවත් නම්
ඒ කියන්නේ දවස් 21 කට වඩා අඩුවෙන් වෙන, කෙටි ඔසප් චක්‍ර තියෙන අය සහ දවස් 35 කට වැඩි දිග ඔසප් චක්‍ර තියෙන අය. ඔසප් චක්‍රය අක්‍රමවත් වෙනවා කියන්නේ මාසයක් ගානේ පිට වෙන ඩිම්බය හරියට පිට වෙන්නේ නෑ කියන එක. ඩිම්බ පිට වෙන්නේ නැත්නම් කොහොමත් ප්‍රෙග්නන්ට් වෙන්නෙත් නෑනේ.
▶ endometriosis කියලා ලෙඩක් තියෙනවා. මේක හින්දා ගැහැණු ළමයින්ට පිරියඩ් හැදෙන දවස් වලට ලොකු වේදනාවක් එනවා. ඔය ලෙඩේ තියෙන අයගේ ඩිම්බ විනාශ වෙනවා. තව හෝමෝන අසමතුලිතතා ඇවිත් ප්‍රෙග්නන්ට් වෙන්න බැරි වෙනවා. ඊට අමතරව Pelvic inflammatory disease (PID) හින්දත් ප්‍රෙග්නන්ට් වෙද්දී ප්‍රශ්න එනවා. ඒකෙදි පැලෝපිය නාල අවහිර වෙලා ශුක්රානුවකට, ඩිම්බයක් එක්ක සෙට් වෙන්න තියෙන චාන්ස් එක නැති වෙනවා. ඒ හින්දා ප්‍රෙග්නන්ට් වෙන්නෙත් නෑ.
▶ බඳින්න ඉන්න කොල්ලටත් ලිංගික අප්‍රාණිකත්වය, ශුක්‍රාණු පිට කරන එකේ ප්‍රශ්න එහෙම තියෙනවා නම් ඒවත් ප්‍රෙග්නන්ට් වෙන එකට හරස් වෙන දේවල් තමා.
Fertility test එක කරද්දී පිරිමි අයගේ නම් ශුක්‍රාණු ටෙස්ට් එකක් කරලා බලනවා ශුක්‍රාණු වල පරිමාව, හැඩය, ක්‍රියාකාරී බව වගේ දේවල් ටිකක්. සෙස් කරාට පස්සේ පිප්පියෙන් එන සුදු පාට ඒවා ශුක්‍රාණු කියලා කිව්වට ඇත්තටම ඒ සේරම ශුක්‍රාණු නෙමේ. ඒ එළියට විදින තරලයේ ශුක්‍රාණු ටිකක් තියෙනවා මිසක් එළියට එන සේරම ශුක්‍රාණු නෙමේ. ඒකෙන් මම කියන්න හදන්නේ වැඩේ කරන වෙලාවට හොඳට ශුක්‍රාණු ගොඩක් ආවා කියලා, ඒක දැකලා තමන්ටම ශුක්‍රාණු වල ප්‍රශ්න තියෙනවද නැද්ද කියලා නිගමන වලට එන්න බෑ කියන දේ කියන්න. ඒ හින්දා ශුක්‍රාණු වල ප්‍රශ්නයක් තියෙනවද නැද්ද දැන ගන්න ටෙස්ට් එකක් කරන්නම වෙනවා.
ගැහැණු අයගෙත් ගොඩක් වෙලාවට ටෙස්ට් එකක් කරලා බලනවා පැලෝපිය නාල අවහිර වෙලා තියෙනවද වගේ දේවල්.
📌 වෙඩින් එක ගන්න දවසට ගැහැණු ළමයට ඔසප් වෙන දවස වැටිලා තියෙනවද කියලත් කලින් බලන්න.
පාන්දර ඉඳන් නැගිටගෙන, මේකප් තලි උලාගෙන, සාරි කෑලි ඔතාගෙන, මල්වඩම් උස්සගෙන, ෆොටෝ 100 - 200 ක් ගහද්දි ඒ මදිවට ඔළුවයි, යටි බඩයි සේරමයි රිදෙන්න අරන් තව ලේ යන්නත් ගත්තම කොහොමද සැප. හැබැයි බඳින නැකත කල් දා ගන්න බැරි උනාට දැන් පීරියඩ් හැදෙන එක පොඩ්ඩක් කල් දා ගන්න පුළුවන්.
මේකට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ Norethisisterone කියන ටැබ්ලට් එක. මේක හෝමෝන පෙත්තක්. මේක උපත් පාලන ක්‍රමයක් විදියට පාවිච්චි කරන පෙත්තක් නෙමේ.
ඔයාට පිරියඩ් හැදෙන්න තියෙන දවසට දවස් 3 කට කලින් මේ පෙත්ත ගන්න ඕනා. වෙඩින් එක හෙටයි කියලා නම් දඟලන්න එපා. එතකොට පරක්කු වැඩි සුදූ. එක පෙත්තක් මිලිග්‍රෑම් 5යි. දවසට පෙති 3ක් ගානේ ඔසප් වෙන එක නවත්ත ගන්න ඕන දවස වෙනකල් එක දිගට පාවිච්චි කරන්න ඕනා. හැබැයි එහෙමයි කියලා එක දිගටම මේක පාවිච්චි කරන්න හොඳ නෑ. දවස් 14 කට වඩා එක දිගට මේක පාවිච්චි කරන්න එපා. පෙත්ත ගන්න එක නතර කරලා දවස් 3ක් වගේ යනකොට සාමාන්‍ය විදියටම ඔසප් වෙන එක වෙයි. හිතු මනාපෙට ෆාමසියෙන් එක එක ටැබ්ලට් ගන්නේ නැතුව වෛද්‍යවරයෙක් හමු වෙලාම මේක ගන්නවා නම් හොඳයි.
#XeducationSL