පෝන් බලන්නේ නැති කෙනෙක් නම් නැතුව ඇති. පෝන්
බලන් එකේ වෛද්‍ය විද්‍යාත්මකව වැරද්දක් ඇත්තේ නෑ. සෙස් කරන්න මුඩ් එක හදා ගන්නත්
පෝන් වීඩියෝ බලන්න පුළුවන්. ලිංගික ආශාව අඩු වෙන එක වගේ බෙලහිනතා ප්‍රශ්න තියෙන
අයට එයාලගේ ලිංගික උත්තේජනය වැඩි එහෙම පෝන් වීඩියෝ බලන්න කියලා කියනවා.
හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පෝන් වීඩියෝ වලින් ලිංගික
අධ්‍යාපනය ගන්න ගියොත් තමා.
📌 2012 අවුරුද්දේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ
ආචාර්ය නැටලි ප’සෙල් (Natalie Purcell) කියලා කෙනෙක් විශ්ලේෂනයක් කළා. මේකෙදි එයා වැඩියෙන්ම ප්‍රසිද්ධ සහ හොඳටම
විකිණෙන පෝන් වීඩියෝ 250ක් වගේ බැලුවා. එයා තේරුම් ගත්තා ඒ හැම වීඩියෝ එකකම වගේ
තියෙන්නේ (aggressive & abusive) ප්රචණ්ඩ, බලෙන් කරන, අනිත් කෙනාව
පහත් කරලා කතා කරන දේවල් තියෙන වීඩියෝ කියලා. ඉස්සර තිබ්බේ නැති සමහර විශේෂ දේවල්
ටිකකුත් අලුතෙන් එන හැම පෝන් වීඩියෝ එකකම තියෙනවා කියලා එයාට තේරුණා. ඒ මෙන්න මේ
දේවල්
▶ ATM. මේ කියන්නේ අර බැංකුවේ සල්ලි ගන්න මැෂින්
එක නෙමේ. Ass-To-Mouth කියන එක. ඒ කියන්නේ බැක්සයිඩ් කරලා ඒ ගමන්ම ආපහු කට්ට දෙන එක.
▶ Gagging කියන්නේ උගුර ඇතුළටම බස්සන එක.
▶ Double Penetration කියන්නේ දෙන්නෙක් එක පාර කරන එක
▶ Choking කියන්නේ උගුරෙන් හිර වෙන්න අල්ලන එක
ඔන්න ඔය වගේ එව්වා 2000 අවුරුද්ද වෙනකල්ම වගේ
මීට කලින් කවුරුත් අහලවත් තිබ්බේ නෑ.
📌 තවත් අධ්‍යයනයක් කළා 2005 දී Anna Richards කියලා එක්කෙනක්. 2004-2005 කාලයේ ඇමරිකාවේ
හොඳටම විකිණෙන පෝන් වීඩියෝ 50 ක සාම්පල් එකක් අරන් ඒවගේ තිබ්බ සීන් 304 ක් දිහා
බලලා විශ්ලේෂණයක් කරා. ඒකෙදි තේරුණ දෙයක් තමා ඒ සීන් 10න් 9 කම ප්රචණ්ඩත්වය,
බලෙන් කරන එක (physical aggression) තියෙනවා කියලා. උගුර ඇතුළටම දාන එක (Gagging), අල්ලෙන් ගහන එක (slapping), කොන්ඩෙන් අදින එක වගේ දේවල් ඒ අතර තිබ්බා.
විශ්ලේෂණය කරපු සීන් 10න් 5 කම වචන පාවිච්චි
කරද්දී ප්රචණ්ඩත්වය (verbal aggression) තිබ්බා. ඒ විදියට
වැඩියෙන්ම පාවිච්චි කරලා තිබ්බ වචන උනේ bitch සහ s1ut. සිංහල තේරුම බැලුවම එන්නේ “අධම ස්ත්‍රිය, බැල්ලී”
වගේ තේරුම්.
ඔය විදියේ ප්රචණ්ඩත්වය එල්ල උනේ ඒ වීඩියෝ වල ඉන්න
ගැහැණු දිහාවට. ඒ ප්‍රචණ්ඩත්වයට ගැහැණු දක්වපු ප්‍රතිචාරය මොකක් කියලද හිතන්නේ?
හැමෝම වගේ ඒ ප්‍රචණ්ඩත්වයට කැමති වගේ හිටියා.
එක්කෝ මොකුත් ගාණක් නැතුව හිටියා. කිසිම වෙලාවක කවුරුත් විරෝධයක් පෙන්නුවේ නෑ.
හැබැයි ඕක ඇත්ත ජීවිතේට ආදේශ කරලා බැලුවොත්, කොන්ඩෙන් ඇදලා පස්සට ගැහුවොත් එහෙම ඒ
ගහපු එකා හොඳවයින් දෙකක් අහගෙන ගුටිත් කාලා තමා නතර වෙන්නේ. හැබැයි පෝන් වල විතරක්
ඕක තනිකර අනිත් පැත්ත. පෝන් වල වෙන්නේ තව තව ඒවා කරන්න කියලා ගැහැණු ඉල්ලන එක.
ඉතින් ඕවා බලලා කරන අපේ අය හිතනවා පෝන්
වීඩියෝ වල ඉන්න ගෑණු වගේ, තමන්ගේ ගෑණු කෙනා මොකද කෙඳිරි ගාන්නේ නැත්තේ, කෑ ගහන්නේ නැත්තේ කියලා. කොන්ඩෙන් ඇදලා
දෙකක් දීලා බැලුවා නම් කෑ ගැහෙයි ද දන්නේ නෑ වගේ ඒවා හිතෙන්න ගන්නවා.
▶ අනික තමා ඔය වීඩියෝ බැලුවම සෙස් කරන විදිය ගැන වැරදි
අවබෝධයක් එනවා. වීඩියෝ වල ඉන්න අයට තියෙන අවයව සංසන්දනය කරලා ඒ අයගේ ඒවා වගේ
තමන්ගේ ඒවා ලොකු නෑනේ කියන ප්‍රශ්නේ බලන අයට එනවා. ඒවා තමා ඇත්ත ලෝකෙත් තියෙන
දේවල් කියලා හිතන්න අරන්, තම තමන්ගේ අවයව ගැන සෑහීමකට පත් වෙන්නේ බැරි වෙන්න
පුළුවන්. (Poor body image)
▶ අනික ඒ වීඩියෝ එක පාර වීඩියෝ කරපුවත් නෙමේ. කෑ ගහන්න ඕන
වෙලාවේ ඉඳන් කතා කරන වචනයක් ගානේ ඔය වීඩියෝ වල ස්ක්‍රිප්ට් වල ලියලා තියෙන්නේ. සෑහෙන
වතාවක් ෂූට් කරලා කරලා, සමහර විට එකම දෙතුන් පාර අරගෙන හොඳම ටික edit කරලා අන්තිමේ තමා ඕවා වෙබ්සයිට් වලට
වැටෙන්නේ. ඉතින් ඇත්ත ලෝකේ ඒ කරන සෙල්ලම් දාලා එච්චර වෙලා කොහොමත් කරන්න බෑ තමා.
▶ තව කේස් එකක් තියෙනවා. දෙන්නෙක්ට වඩා ඉන්න වීඩියෝ. 3සම්
එහෙම සෑහෙන ජනප්‍රිය category එකක්. හැබැයි ඕවා ඇත්ත ලෝකේ කරන්න
ගිහින් STD හදා ගන්නත් ලොකු අවදානමක් තියෙනවා.
▶ ඔය වීඩියෝ බලන අයට සාමාන්‍ය ජිවිතේ ලැබෙනවට වඩා සෑහෙන
වැඩි ලිංගික උත්තේජනයක් වීඩියෝ බලන ඒකෙන් හම්බෙනවා. ඔය විදියට දිගට දිගටම ඕවා
බලන්න ගියාම ඒ උත්තේජනයට හුරු වෙනවා. වීඩියෝ බලලා හම්බෙන ලල් එක ඇත්ත ලෝකේ සෙල්ලම්
දාලා තමන්ගේ පාට්නර් ගෙන් හම්බෙන්නේ නැති උනාම ලිංගික බෙලහිනතා එන්න ඉඩ තියෙනවා.
ලිංගික ආශාව අඩු වෙන එක, සුරතාන්තයේ ප්‍රශ්න, ලිංගික අප්‍රාණිකත්වය වගේ ප්‍රශ්න එන්න
පුළුවන්. ඇත්ත ජිවිතේ ලිංගික තෘප්තිය අඩු වෙනවා. උත්තේජනය අඩු වෙන හින්දා පස්සේ
කාලෙක ලිංගික බෙලහිනතා උනත් එන්න පුළුවන්.
📌 පෝන්
බලන ඔයාලට දෙන්න පුළුවන් ටිප් එකක් තමා හබ් එකේම
රිංගලා ඕවා බලන්නේ නැතුව ethical පෝන් කියලා ජාතියක් තියෙනවා, අන්න ඒවත් පොඩ්ඩක් බලන්න. ඕවර් ඇක්ටින් නැතුව
වැඩේ ඇත්තටම වෙන විදිය තමයි ethical පෝන් වල තියෙන්නේ. මම පෞද්ගලිකව Bellesa වෙබ්සයිට් එක බලනවා. Bellesa එකේ වීඩියෝ එකක්වත් රෙකෝඩ් කරලා තියෙන්නේ
ස්ක්‍රිප්ට් එකක් නැතුව කියලා තමා එයාලා නම් කියන්නේ. බොරුවට ගැහැණු කෙනා
සුරතාන්තයට ආවා වගේ පෙන්නන්නෙත් නෑ කියලා එයාලා කියනවා. (Bellesa Films captures real, unscripted sex. No fake orgasms, ever.) ඒකත් එක්ක තව ethical පෝන් තියෙන වෙබ්සයිට් ලිස්ට් එකක් තමයි මේ. Female friendly වීඩියෝ ගොඩක් තියෙනවා ඕවයේ. දෙන්නත් එක්ක එකටම බලනවා නම් ඔන්න යන්න
වෙබ්සයිට්.
👉 Bellesa
👉 Lust Cinema
👉 Make Love Not Porn
👉 SPIT
👉 JoyBear
👉 PinkLabel
📌 දැන් ඔය ඉස්සෙල්ල කිව්ව හැම ප්‍රශ්නයක්ම එන්නේ පෝන්
වීඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්න අයට තමා. එතකොට මොකද්ද ඇබ්බැහි වෙලා කියන්නේ?
දවසට, සතියට කී පාරක් බලනවද කියන එකෙන්
කියන්න බෑ ඇබ්බැහි වෙලා තියෙනවද කියලා. ඒ හින්දා ඒ ප්‍රශ්නේ මැසේජ් කරලා අහන්න
එපා.
තමන්ගේ ජිවිතේ එදිනෙදා වැඩ කඩාකප්පල් කරගෙන
පෝන් බලනවා නම් ඒක තමා ඇබ්බැහියක් කියන්නේ. එදිනෙදා වැඩ කිව්වේ ඉගෙන ගන්න එක, ජොබ්
එකට යන එක, නිදා ගන්න
එක වගේ සාමාන්‍ය කරන වැඩ. තවත් ඇබ්බැහියක් තමා සෙස් කරන්න පුළුවන්කම තියෙද්දිත් ඒක
නොකර ඒ වෙනුවට පෝන් එකක් බලලා ලිංගික තෘප්තියක් ගන්න එක. අන්න ඒකත් පොඩ්ඩක් අවුල්.
තව කිව්වොත් පෝන් වීඩියෝ බලලා ඉවර උනාට
පස්සේ, ඔයා වැරද්දක් කළා වගේ හැඟීමක් එනවා නම්, අයියෝ ඇයි මම මේක බැලුවේ වගේ කියලා
හිතෙනවා නම් ඒකත් පෝන් වලට තියෙන ඇබ්බැහියක් කියලා කියන්න පුළුවන්.
📌 ඉතින් ඇබ්බැහියක් තියෙනවා නම් ඒවට කරන ප්‍රතිකාරත්
තියෙනවා. ඉස්සෙල්ලම තමන්ටම කරන්න පුළුවන් දේවල් වලින් පටන් ගන්න.
▶ ඉස්සෙල්ලම කරන්න ඕනා දේ තමා ආයේ පෝන් බලන්නේ
නෑ කියලා ඒ ගැන දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගන්න.
▶ වීඩියෝ ෆෝන් එකේ, හාඩ් එකේ save කරලා තියෙනවා නම් delete කරලා දාන්න. වෙබ්සයිට් වලට යන්න බැරි වෙන්න blocking app දාලා තියා
ගන්න. BlockerX වගේ ඇප් එකක් පාවිච්චි කරන්න. ඒකෙන් අනවශ්‍ය app, වෙබ්සයිට් block කරන්න පුළුවන්.
▶ එහෙම කරලා app එකේ Password එක ඔයාගේ සහකාරිය/ සහකරුවට හරි හොඳම
යාළුවෙක්ට හරි විශ්වාසවන්න ලඟින් ඉන්න වෙන කෙනෙක්ට හරි දීලා තියන්න. ඔයා ළඟ Password තියා ගන්න
එපා.
▶ එහෙම කරලත් ඕක ගැන මතක් වෙන වෙලාවට කරන්නම ඕන
වෙනවා නම්, ඒ වගේ වෙලාවක කරන්න කියලා වෙන මොනා හරි ඔයා කරන්න ආස දෙයක් ලැස්ති
කරගෙන ඉන්න.
▶ එහෙම කරලත් අමාරු කෙනෙක් ඉන්නවා නම් වෛද්‍ය
වරයෙක් ළඟට ගිහින් ප්‍රතිකාර ගන්න. චර්යාත්මක ප්‍රතිකාර වගේම බොන්න දෙන බෙහෙත්
උනත් තියෙනවා.
අපි ඇක්ෂන් ෆිල්ම් එකක් බලලා එකේ තියෙන ඒවා
කරලා අඬු කඩා ගන්න යන්නේ නෑනේ. ඒක බලන්නේ රසවිඳින්න තමයි. අන්න ඒ වගේම පෝන් බලන
එකත් රසවිඳින්න බලන්න තියා ගත්තා නම් හරි. එහෙම නැතුව ඒවා සෙස් කරන්න user guide එක කර ගන්න
එපා.
#XeducationSL
▶ Gagging කියන්නේ උගුර ඇතුළටම බස්සන එක.
▶ Double Penetration කියන්නේ දෙන්නෙක් එක පාර කරන එක
▶ Choking කියන්නේ උගුරෙන් හිර වෙන්න අල්ලන එක