හැම ටවුන් එකක්ම වගේ දැන් ස්පා තියෙනවා. ගාණත්
එච්චර සැර නැති හින්දා යන්තම් 18 පැනපු කොල්ලෝ පවා ඕවට යන්න පුරුදු වෙලා ඉන්නේ.
ටීවී එකේ එහෙම ඇහිලා, දැකලා තියෙන දේවල්
හින්දා ස්පා කිව්ව ගමන්ම හෙන බිල්ලෙක් තමා මතක් වෙන්නේ. ඒත් ඇත්තම කතාව යකා කියන
තරම් කළු නෑ. ලංකාවේ ගොඩක් ස්පා කියන්නේ ගණිකා මඩම් නෙමේ. කාවවත් ස්පා යවන්න උනන්දු
කරනවා නෙමේ. ඒත් ස්පා එකකින් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් බෝ වෙන්න තියෙන
අවදානම සාපේක්ෂව අඩුයි.
මොකද වැඩි හරියක්ම ලිංගිකව බෝ වෙන රෝග බෝ
වෙන්න හේතුව දෙන්නගේ ඇඟේ ලිංගික තරල හුවමාරු වෙන එක. ආසාදනය උන කෙනෙක්ගේ තරලයක් තව
කෙනෙක්ගේ ඇඟට ඇතුළු උනාම අනිත් කෙනාටත් ඒ ආසාදනය එන්න පුළුවන්. ඒ විදියට තරල
හුවමාරු වෙන ලේසිම ක්‍රමය තමා ලිංගික සම්බන්ධ. මුඛ සංසර්ගය, යෝනි සංසර්ගය, සහ බැක් සයිඩ් සංසර්ගය කියන ක්‍රම 3න්ම
වෙන්න පුළුවන්. පළවෙනි එක කෙසේ වෙතත් අනිත් දෙක නම් ස්පා වල කරන්න දෙන්නේ නෑ. ඒවත්
කරන්න දෙන තැන් ඇති. ඒව එහෙනම් ස්පා නෙමේ.
ස්පා එකක් ඇතුලේ වෙන්න පුළුවන් දේවල් අනුව
හැදෙන්න අවදානමක් තියෙන STD ටික ඔන්න පහළ තියෙනවා.
📌 කිස් කරද්දී බෝ වෙන ලෙඩ
හර්-පීස් වගේ ආසාදන මුඛ සංසර්ගයෙන් බෝ වෙන්න
පුළුවන්. හර්-පීස් වලත් ජාති දෙකක් තියෙනවා. HSV-1 සහ HSV-2 කියලා. පළවෙනි එක බෝ වෙන්නේ මුඛ
සංසර්ගයෙන්. ස්පා එකේ අක්කව ලිප්ස් කිස් කරන්න ගියොත් එහෙම බෝ වෙන්න පුළුවන්. ලෝක
ජනගහණයේ වයස 50 ට අඩු මිනිස්සුන්ගෙන් 70% කට වගේ දෙනාට හර්-පීස් තියෙනවා ඇති කියලා
කියනවා. මම නෙමේ කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හරිද.
අපි සෑහෙන දෙනෙක්ගේ ඇඟේ දැනටම හර්-පීස් තියෙනවා.
හැබැයි ගොඩක් වෙලාවට රෝග ලක්ෂණ පෙන්නන්නේ නෑ, ඒක තව කෙනෙක්ව ආසාදනය කරන්න තරම් ප්‍රභලත්
නෑ. ඒ හින්දා ස්පා එකකින් හර්-පීස් හැදෙන්න තියෙන අවදානම නම් අඩුයි.
📌 ඇඟිලි ගහලා හදා ගන්න ලෙඩ
කලින්ම කිව්වා වගේ ලිංගික තරල ඇඟේ ගෑවෙන
එකෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග බෝ වෙන්න අවදානමක් තියෙනවා. හැබැයි ඇඟිල්ලේ
ගෑවුන පළියටම එහෙම වෙන්නේ නෑ. ඔයාගේ ඇඟේ ඒ තරල ගෑවිලා ඒ අතින්ම ඔයාගේ පිප්පියත්
ඇල්ලුවොත් තමා ඔය වැඩේ වෙන්නේ. ප්‍රායෝගිකව බැලුවොත් එහෙමෙ ලෙඩ බෝ වෙන්න තියෙන
අවදානම නම් හරිම අඩුයි. ඒත් ඉතින් තියරියට අනුව නම් වැඩේ වෙන්න පුළුවන්. ඒ හින්දා
තැන තැන ඇඟිලි ගහන්න යද්දී පරිස්සමින්.
📌 තුවා, බෙඩ් ෂීට් වලින්
තුවා වලින් එහෙම නම් STD හැදෙන්න තියෙන අවදානම හෙනම අඩුයි. මොකද
රෙද්දක් උඩ වගේ බාහිර පරිසරයක පණ බේරන් ඉන්න STD බෝ කරන වෛරස්, බැක්ටීරියා වලට අමාරුයි. ඒ හින්දා ඒ ගැන
වැඩිය වද වෙන්න යන්න එපා.
📌 ඇලජික්
ලිංගික ප්‍රදේශ වල ඇලජික් වෙලා සායන වලට එන අයත් ගොඩක් ඉන්නවා. ඒකට ලොකුම
හේතුව වෙන්න පුළුවන් දේ තමා මසාජ් එක කරන්න පාවිච්චි කරන තෙල්, ක්‍රීම්
වර්ග සමට ඇලජික් වෙන එක. ස්පා එකට ගිහින් මසාජ් එක ඉවර වෙනකල්ම මේ කාම ලෝකෙට ආස
කරන්නේ නැතුව භාවනා කර කර හිටියත් හිටියත් ඔය වගේ ප්‍රශ්නත් හැදෙන්න පුළුවන්. ඒවා
ඉතින් STD නෙමේ, ඒ උනාට අහක යන ප්‍රශ්න තමා.
📌 ඇතුළට නොදා කරන එක/ සම අතුල්ලන එක
ලිංගික අවයව දෙක එකට අතුල්ලන එක හින්දා බෝ
වෙන රෝගයකට හොඳම උදාහරණය තමා ලිංගික ඉන්නන්.
ඔය ලෙඩ රෝග වලට අමතරව තව තියෙනවා ලිංගිකව
සම්ප්‍රේෂණය වෙන රෝග විදියට ගන්නේ නැති වෙනත් සමේ රෝග. Scabies/ පණු හොරි, දිලීර ආසාදන, Molluscum වෛරස් ආසාදන වගේ සමේ රෝගත් බෝ වෙන්න පුළුවන්.
📌 ලිංගික
සංසර්ගයක් උනොත්
ඒක හරි හමන් ස්පා එකක් ස්පා එක ඇතුලේ ඕක වෙන්න
විදියක් නෑ. කොහොම හරි වැඩේ උනා කියමුකෝ. හරියට කොන්ඩම් එකක් දාලා වැඩේ උනා නම් HIV, සිපිලිස්, Hepatitis A වගේ රෝග වලින් බේරෙන්න පුළුවන්. හැබැයි පුතෝ
ලිංගික ඉන්නන්, හර්-පීස්
එහෙම කොන්ඩම් දාලා මට්ටු කරන්න බෑ. ඒ හින්දා ලිංගික සංසර්ගයක් නම් ස්පා එකකට ගිහින් නොකරනවා නම් හොඳයි.
හරි ඒනම්, ස්පා ගිය උන්දලා ටික ස්පා ගිහින් තමන් කරපු දේ අනුව දැන් දන්නවා මොන
වෙලාවටද ටෙස්ට් එකක් කර ගන්න ඕනා කියලා. එහෙනම් “මම ස්පා ගිහින් අරක කරා, මේක කරා.
මට අර ලෙඩේ හැදෙයිද, මේ ලෙඩේ හැදෙයිද” කියලා ආයේ අහන්න එපා ok.
(ආ.. මේ ෆොටෝ එක ලංකාවේ ස්පා එකක්)
#XeducationSL