එක්දාස් නමසිය බර ගණන් වල කවුරු හරි
කියලා තියෙනවා
“තමන්ගේ පාට්නර් ව සතුටු කරන්න වැඩි
වැඩියෙන් කාලය වැය කරනවාට අනුලෝමව සමානුපාතිකව තමන්ටත් වැඩි වැඩියෙන් එයාගෙන් සතුට
ලැබෙනවා” කියලා. ඉතින් දිව කියන්නෙත් ගැහැණු කෙනෙක්ව සතුටු කරන්න සෑහෙන්න දායක කර
ගන්න පුළුවන් අවයවයක්. දිව තෙතයි, නම්‍යශීලියි. ඒ හින්දා ඕන පැත්තකට ඕන
විදියටකට දාලා ලේසියෙන් හසුරුවන්න පුළුවන්. හැබැයි ඉතින් මේක කරන්න ආස අය ඉන්නවා, නැති අයත් ඉන්නවා. ඒ හින්දා හැමෝම කරන්න ඕන කියලා දෙයක් නෑ. කරන්න
කැමති පිරිමින්ට තවත් හොඳට කරන්න දෙන්න තියෙන ටිප්ස් ටිකක් තමා මේ පෝස්ට් එකේ
තියෙන්නේ.
අපිට ඕන ඕන විදියට මෙතන රඟන්න බැරි හින්දා කෙලින්ම වචනේ කියන්නේ නැතුව අරක මේක වගේ වචන ගොඩක් තැන් වල දාලා තියෙනවා.
එහෙනම් ඊලඟ පාර ඔයාගේ පාට්නර් ට දිව දාලා කරන වෙලාවට මෙන්න මේ ටිප්ස් පාවිච්චි කරලා බලන්න.
මොළයේ තියෙනවා Insula සහ Anterior Cingulate Cortex කියලා කොටස් දෙකක්. Research වලින් හොයාගෙන තියෙන විදියට ඔය දෙකෙන් තමා අප්පිරියාව කියන එක දනවන්නේ. හැබැයි සෙස් කරන වෙලාවට ඔය කොටස් දෙක අඩුවෙන් තමා වැඩ කරන්නේ, එතකොට සෙස් කරන වෙලාවට අප්පිරියාව කියන එක හරිම අඩුවෙන් තමා දැනෙන්නේ. ඊට අමතරව මොළයෙන් ශ්‍රාවය වෙන dopamine සහ oxytocin කෙමිකල් වලිනුත් අප්පිරියාව කියන එක අඩු කරනවා. ප්‍රායෝගික අත්දැකීම් තියෙන අය මේක අත්විඳලා ඇති.
ගැහැණු කෙනාත් තමන්ගේ යෝනිය අවට ප්‍රදේශය හොඳින් පිරිසිදු කරගෙන ඉන්න ඕනා. හැබැයි කිසිම වෙලාවක යෝනි මාර්ගය ඇතුළට වතුර හරි වෙන මොනාම හරි දෙයක් දාන්න එපා. ඇඟ දන්නවා තනියම ඒ තැන් පිරිසිදු කර ගන්න විදිය. යෝනි තොල් සහ පිටින් තියෙන දේවල් ටික විතරක් පිරිසිදු කර ගත්තා නම් ඇති. සුවඳ විළවුන් වගේ ඒවා පාවිච්චි කරන්නත් එපා. ඒවා හින්දා ආසාදන එන්න ඉඩ තියෙනවා. නිකන් වතුරෙන් විතරක් පිරිසිදු කර ගත්තත් ඇති.
සමහර පිරිමි කාන්තාරකරණයට කැමතියි. සමහරු ඝණ කැලෑ වලට ආසයි, සමහරු මුඩු බිම් වලට ආසයි.ඒක ඉතින් ගැහැණු කෙනාට පුළුවන් තමන්ගේ පාට්නර් ගේ කැමැත්ත අනුව රෝම කොහොමද තියා ගන්නේ කියන එක තීරණය කරන්න.
ඉක්මනට ඔතනට යන්න ඕන උනා කියලා හදිස්සි වෙලා වැඩේ කර ගන්න බෑ. ගැහැණු කෙනෙක් සතුටු වෙන්න පුළුවන් උපරිමේට යන්න නම් නම් එයා relax වෙන්න ඕනා. පිරිමි කෙනාට surrender වෙන්න ඕනා. සාමාන්‍යයෙන් ගැහැණු කෙනෙක්ට සුරතාන්තයට එන්න පිරිමි කෙනෙක්ට වඩා වෙලාවක් යනවා. ඒ හින්දා එයාට ඕන වෙලාව එයාට දෙන්න.
කෙලින්ම හෝ ගානා පොකුණට පනින්න යන්නේ නැතුව පොඩ්ඩක් වටේ ගිහින් පොකුණට පනින්න. ක්‍රමානුකූලව එන්න පාරවල් තියෙනවා. කකුල් වල ඉඳන් උඩට එන්න පුළුවන්, නැත්නම් උඩ ඉදන් පහළට යන්නත් පුළුවන්. තමන්ගේ නිර්මාණශීලීත්වය අනුව තව පාරවල් හොයාගන්න පුළුවන්.
ඔයාට තොල් සහ දිව පාවිච්චි කරන්න පුළුවන් එයාගේ යෝනියට විතරක් නෙමේ. එයාගේ බඩ, පියයුරු, කලවා, කකුල්, අත්, බෙල්ල, කන් වගේ ඕනම තැනක් ඔය වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම එයාගේ අත් වල සහ කලවා වල ඇතුල් පැත්තට දිවෙන් දෙන ස්පර්ශයට ගොඩක් සංවේදියි. ඒ හින්දා සම්පුර්ණ උත්තේජනයක් ගන්න නම් ඉස්සෙල්ලා මුළු ඇඟම උත්තේජනය කරලා ඉන්න ඕනා.
තව හුස්ම වලිනුත් පුළුවන් එයාව අල්ලන්නේ වත් නැතුව එයාව සතුටු කරන්න. ස්පර්ශ කරන්න කලින් යෝනියට හුස්ම පිඹින්න වගේ දේවල් කරන්න පුළුවන්. හුස්ම පිඹින එකත් දෙවිදියකට කරන්න පුළුවන්.
▶ ඉටිපන්දමක් නිමනවා වගේ පිම්බම එළියට එන්නේ සීතල හුළගක්.
▶ කට ඇරලා “හා...” සද්දේ එන විදියට පිම්බම එන්නේ උණුසුම් හුළඟක්.
සීතල හුළඟ සහ උණුසුම් හුළඟ අතර මාරු වෙවී වැඩේ කරන යන්න පුළුවන්.
ඔතන කිස් කරන වෙලාවට ඒක තමා මේ ලෝකේ තියෙන වටිනම දේ කියලා හිතා ගන්න. ඉවසීමෙන්, මෘදුව, කාරුණිකව සහ ආදරණියව එතනට සළකන්න. ඔයා ඒ වැඩේ උනන්දුවෙන් කරන්න. ඇත්තටම ඔයා බඩගින්නක ඉන්න වෙලාවක එයා ඔයාට හම්බුන රස කෑමක් වගේ කියලා හිතාගෙන එයාව ලෙවකන්න. එයාව ටිකක් උත්තේජනය උනාම සමහර විට එයා ටිකක් හයියෙන් කරන්න කියලා කියයි. හැබැයි ඒ වෙනකල්ම මෘදුව වැඩේ කරන්න. හපන්න එහෙම යන්න එපා.
▶ එතකොට ඔතන කරද්දීත් භගමණිය/ clitorious ගැන විතරක් හිතන්න එපා. පිටත යෝනි තොල් උරන්න වගේ පුළුවන්. ඊට පස්සේ ඇතුළත යෝනි තොල් වලට යන්න.
▶ යෝනි විවරයේ ඉඳන් භගමණිය තියෙන තැන වෙනකල් උඩට පහළට කරන movement එකකින් උත්තේජනය දෙන්න. උඩට පහළට දිවෙන් උත්තේජනය කරද්දී දිවේ කෙලවර වැඩිය පාවිච්චි කරන්න එපා. සම්පුර්ණ දිවේ මතුපිට ම යෝනියේ ගෑවෙන විදියට දිව flat එකේ තියාගෙන වැඩේ කරන්න. බලු පැටව් එහෙම පොඩි කාලේ මුණවල් ලෙවකන්නේ. අන්න ඒ වගේ.
▶ යෝනි විවරය වගේ වෘත්තාකාර වගේ movement එකකින් උත්තේජනය කරන්න.
▶ භගමණිය ළඟත් රවුම් ගහන්න. මොකද එතන තමා ගැහැණියකගේ ඇඟේ සැකැස්ම අනුව වැඩිම ලිංගික උත්තේජනයක් දෙන්න හැදිලා තියෙන තැන. 8 ඉලක්කම අඳිනවා වගේ දිවෙන් භගමණිය උත්තේජනය කරා නම් භගමණියේ හැම පැත්තක්ම ඔයාට cover කරන්න පුළුවන් වෙනවා.
▶ තන පුඩු උරනවා වගේ භගමණියත් තොල් වලින් උරන්න පුළුවන්. උරන විදිය සැරින් සැරේ වෙනස් කරන්න. මේ ක්‍රම 2 පාවිච්චි කරන්න ඒකට. වැඩි වෙලාවක් එක දිගට උරන එක සහ පොඩ්ඩ පොඩ්ඩ වැඩි වාර ගාණක් උරන එක කියන ක්‍රම දෙක අතරේ සැරින් සැරේ මාරු කරන්න.
▶ තව ක්‍රමයක් තියෙනවා Kivin method කියලා. ඒකෙදි කරන්න තියෙන්නේ පිරිමි කෙනා ඉන්න ඕනා ගැහැණු කෙනාට පැත්තකින්. ඒ කියන්නේ දෙන්නා ඉන්න විදිය හරියට L අකුර වගේ. එතකොට දිව දාලා උඩට පහළට කරද්දී ඇත්තටම ගැහැණු කෙනාගේ යෝනිය උත්තේජනය වෙන්නේ පැත්තෙන් පැත්තට. මේ ක්‍රමයට කරනවා නම් භගමණියට පොඩ්ඩක් පහළට වෙන්න තියෙන හරිය ලෙවකන්න. තේරුනාද දන් නෑ හැබැයි හරියට. නොතේරුන කෙනෙක් ඉන්නවා නම් Google එකේ ගහලා බලන්න. Method එකේ නමත් එක්කම දැම්මේ හොයා ගන්න ලේසි වෙන්න.
▶ මේ වැඩේ කරනකොට පාවිච්චි කරන්න ඕන දිවද, තොල්ද කියන එක නියමයක් නෑ. කිස් කරන එක, ලෙව කන එක, උරා බීම වගේම දිව සහ තොල් චලනය කරන්නේ නැතුව ඔලුව විතරක් එහා මෙහා කරලා දිව සහ තොල් සංවේදී තැන් දිගේ ඇදගෙන යන එක වගේ දේවල් උනත් ගැහැණු කෙනාට ලොකු තෘප්තියක් දෙන්න පුළුවන් දේවල්.
▶ ඒ විතරක් නෙවෙයි. තමන්ගේ නිදහසේ තියෙන අත් දෙක පවා ඒ මොහොතේදී පාවිච්චි කරොත් අමතක නොවෙන අත්දැකීමක් දෙන්න පුළුවන් වෙනවා. උදාහරණයක් කියනවා නම්, භගමණියෙන් අයින් වෙලා යෝනිය ආශ්‍රිත වෙනත් සංවේදී තැනක් එක්ක සෙල්ලම් කරන අතරේ, පිරිමියාට පුළුවන් ඇඟිලි පාවිච්චි කරලා කාන්තාවගේ භගමණිය හැම වෙලේම උද්දීපනය කරලා තියාගන්න. ඒ වගේම අනෙක් අතින් රණ හංස යුවල සුරතල් කරන්නත් පුළුවන්!
දිවාකරණයෙන් උපරිම උත්තේජනයක් දෙන්න නම් ඔය හැම තැනක් ගැනම වග බලා ගන්න ඕනා.
ඔයා වැඩේ කරන වෙලාවට පාට්නර් ගේ ඇඟ දක්වන ප්‍රතිචාර ගැන අවදානෙන් ඉන්න. පිරිමි ටිකක් කැමතියි තදට වේගෙන් වැඩේ කර ගන්න. මොකද පිරිමි කෙනෙක්ගේ පුරුෂ ලිංගයට වැඩියෙන් සතුට දැනෙන්නේ එහෙම කරද්දී හින්දා. ඒ උනාට ගැහැණු අයගේ ඒක එහෙම නෑ. පිරිමි කෙනෙක් ස්වයං වින්දනය කරන විදිය ඉස්සෙල්ලම පාරට දකින ගැහැණු කෙනෙක්ට හිතෙන පළවෙනි දේ තමා “අම්මෝ එහෙම කරද්දී එයාට රිදෙන්නේ නැද්ද කියන එක”
හයියෙන් හයියෙන් පිප්පියෙන් සෙල්ලම් දාන විදියට, ගැහැණු කෙනෙක්ටත් වේගෙන් තදින් කලා කියලා පිරිමින්ට දැනෙනවා වගේ සතුටක් ගැහැණු අයට හැමවෙලේම දැනෙන්නේ නෑ. ඒ හින්දා මල්ලිත් එක්ක දාන සෙල්ලම් නංගි එක්ක දාන්න යන්න එපා. ඒ හින්දා දිව දාලා කරන ගමන් ඔයා කරන විදියට එයා දක්වන ප්‍රතිචාරය ගැන ඇහැ ගහගෙන ඉන්න. ඒ අනුව හිමින් යන්න ඕන තැන් වල බ්‍රේක් ගහන්න. එයාට ගොඩක් සංවේදී තැනක් එයා කැමතිම විදියට උත්තේජනය කරනකොට එයාගේ ඇඟේ ඇතිවෙන වෙනස්කම එක්ක හිතාගන්න පුළුවන් කොතනද ස්වීට් ස්පොට් එක, මොකද්ද හරිම වේගේ කියලා.
හරියට ගිටාර් එකක් ගහනවා වගේ එයාගේ ඇඟටත් වාද්‍ය භාණ්ඩයක් වගේ සළකන්න. කොතනද හොඳටම ටියුන් වෙන්නේ, කොච්චර තදට තත් අල්ලද්දීද හොඳම සද්දේ එන්නේ වගේ දේවල් ඔයාට එයාගේ feedback අනුව හොයාගෙන යන්න වෙනවා.
ලේසියට ගොඩක් අය දිවෙන් කරද්දී පාවිච්චි කරන්නේ එකම ඉරියව්වක් තමා. ගැහැණු කෙනාව ඇඳේ හෝ ඒ වගේ තැනක නිදාගෙන ඉද්දි කරන ඉරියව්ව. හැබැයි ඒ පොසිෂන් එකට වඩා තව ඕන තරම් විදි තියෙනවා කරන්න. දෙන්නා උඩ යට මාරු කරන් ඕක කරන්න පුළුවන්. ගැහැණු කෙනා හිටගෙන ඉන්නකොට, යටින් ගිහින් ඕක දෙන්න පුළුවන්. එක්කෝ මේසයක්, කිචන් කවුන්ටර් එකක් වගේ තැනක වාඩි කරවලා කරන්නත් පුළුවන්. හැමදාම දකින එකම කුකුලගේ කරමලත් සුදුවට පේන හින්දා හැමදාම එකම නැතුව පොඩ්ඩක් වෙනස් වෙනස් විදියට කරලා බලන්න.
වැඩේ කරන ගමන් සහ කරලා ඉවර උනාමත් එයා එක්ක කතා කරන්න. හැබැයි මේකෙදි අහන්න ඕන නැති දේවල් ටිකක් තියෙනවා. ඒවා අහන්න ගිහින් එයාගේ ආතල් එකත් නැති කරලා දාන්න එපා. අහන්න එපා දේවල් තමා මේ. ඒ වෙනුවට වෙන දේවල් තියෙනවා අහන්න.
▶ වැඩේ කරලා ඉවර උනාට පස්සේ “ඔයාට ගියාද බබා” කියලා අහන්න එපා. ඒ වෙනුවට “ඔයා ඒකට කැමතිද බබා, මම නම් හරිම ආසාවෙන් කලේ” වගේ දෙයක් කියන්න.
▶ ඒ වගේම වැඩේ උවර උනාට පස්සෙත් ඔයා ඒ වැඩෙන් ගොඩක් සතුටු උනා කියලත් එයාට කියන්න. වැඩේ පටන් ගන්න කලින් එයාට කියන්න යන්න එපා “අද නම් ඔයාට orgasm එකක් දෙන්න තමයි හදන්නේ” කියලා. ඒකෙන් වෙන්නේ එයාට කොහෙවත් තිබ්බේ නැති පීඩනයක් ඔලුවට වැටෙන එක.
▶ “කොහෙද කරන්න ඕනා” කියලා මොකුත්ම නොදන්නවා වගේ එයාගෙන් සේරම අහන්න එපා. ඔයා වැඩේ පටන් අරන් වැඩේ මඟ යන අතරේ එයාගෙන් feedback ගන්න. ඒ කිව්වේ “මම කරනවා වේගේ වැඩියිද, තද කරනවා වැඩියිද” වගේ දේවල් අහන්න පුළුවන් ඒ වෙනුවට.
▶ අනිත් කියන්න ඕනම දේ තමා එයාගේ එක කොච්චර ලස්සනයිද, ඔයා කොච්චර ඒකට ආසද කියල කියන්න. ගැහැණු අය ඒකට හරි ආසයි. “ඔයාගේ නංගියා ඔහොම ෂේව් කරලා තියෙද්දී හරි ලස්සනයි බබා. මම නම් හරි ආසයි” වගේ දෙයක් කියන්න. “ම්ම්ම්... ම්ම්ම්” වගේ සද්දයක් දදා වැඩේ කරන් යන එකත් හොඳයි.
පිරිමියෙක් අතන මුණ ඔබාගෙන ඕක කරන වෙලාවට වෙලාවට ගැහැණු අයට සෑහෙන හිතට වද දෙනවා එතන ගඳයිද, යෝනි තොල් දෙක සමාන විදියට නැති එක අවුල්ද, එතන පිරිසිදු කම නැද්ද, රෝම වැවිලා තියෙන එක අවුල්ද වගේ දාහක් ප්‍රශ්න. ඉතින් ඒ දුක් දොම්නස් දුරු කරලා එයාගේ insecurities ටික නැති කරලා එයාට වෙන වෙන දේවල් ගැන වද නොදී ඒ වැඩේ ගැන සතුටු වෙන්න පුළුවන් විදියේ වාතාවරණයක් හැදෙනවා ඔයා ඒ විදියට එයාව අගය කළාම.
දැන් ඔය උඩ තියෙන ටිප්ස් සේරම පාවිච්චි කරලා පොඩ්ඩක් වැඩේ අල්ලගත්තට පස්සේ ඔළුවේ තියාගන්න ඕන දේ තමයි රිද්මය. ඒ කියන්නේ මුලින් මෘදු පිරිමැදීම්, සුරතල් කිරීම්, ලෙව කෑම් විදියට පටන් ගත්තු වැඩේ එක රිද්මයකට ගන්න ඕන. ඊට පස්සේ ක්‍රමානුකූලව ඒ රිද්මය වේගවත් සහ ප්‍රබල කරන්න පුළුවන්. ඔහොම වැඩේ කරන් යද්දී ඔයාගේ පාට්නර් ට සුරතාන්තයක් එනවා නම් ඒක දැනගන්න පුළුවන් එයාගේ ඇඟත් නිකන් බෙංගාල බොක්කේ වගේ කැළඹීලි ස්වභාවයෙන් ගන්නවා. ඒ වෙලාවට ඉතින් පොඩ්ඩක් වැඩේ කරන් යන්න අමාරුයි. හැබැයි ඔය මොන භූමිකම්පා, සුනාමි රළ පහරවල් ආවත්, නැව ගිලෙන්නේ නැතුව යාත්‍රා කරන් යන්න ඕනා. කකුල් දෙක තදින් අල්ලන් හරි මැච් එක ගහන්න ඕනා. භූමිකම්පාව පුපුරලා යන සුරතාන්තයක් වෙනකල්ම රාජකාරිය දේවකාරිය වගේ අතාරින් නැතුව කරන් යන්න ඕනා.
හැබැයි මෙතනදී මතක තියා ගන්න ඕන තව දේවල් දෙකක් තියෙනවා.
▶ එකක් තමා දිගටම දිවෙන් කර කර ඉඳලම හරියන්නේ නෑ. අවශ්‍ය වෙලාවේ බර අවි එළියට අරන් ඇතුල් කරන්න වෙනවා.
▶ අනිත් දේ තමා මුඛ සංසර්ගය හැම වෙලාවේම සුරතාන්තයකින් ඉවර වෙනවයි කියලා එකක් නෑ. එහෙම බලාපොරොත්තු තියන් ඉන්න එපා. “මට එයාව සතුටු කරන්න බැරි වුනානේ” කියලා කණස්සල්ලක් හිතෙන්න ගන්නවා එහෙමෙ උනොත් එහෙම. වැඩේ හරියට තමන්ගේ උපරිමයෙන් කළා නම්, සුරතාන්තය ළඟට වෙනකම් ආපු ගමනින් උනත් එයාට හොඳටම සතුටු වෙන්න පුළුවන්.
දිව දාන එකෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන ආසාදන (STI) වැලදෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒ මෙන්න මේ වගේ අවස්ථා වලදී විතරයි.
▶ දිව පාවිච්චි කරන කෙනාගේ දිවේ ආසාදනයක් වගේ තියෙනවා නම් ඒකෙන් ගැහැණු කෙනාගේ යෝනිය අවට තුවාල වගේ එන්න පුළුවන්. (lesion)
▶ යෝනිය අවට ආසාදනයක් තියෙනවා නම් දිව පාවිච්චි කරපු කෙනාටත් ඒ ආසාදනේ හින්දා දිවේ තුවාල වගේ එන්න ඉඩ තියෙනවා.
▶ දිව දාන කෙනාගේ දිවේ හෝ කටේ තුවාල කැපීම් වගේ තියෙනවා නම් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන ආසාදනයක් එන්න තියෙන අවදානම වැඩියි. ඔය වගේ වෙලාවක් බෝ වෙන්න පුළුවන් STD තමා ගොනෝරියා, හර්පිස්, සිපිලිස්, HPV. හැබැයි එහෙම වෙන්නේ දිවේ හෝ කටේ මොනා හරි තුවාලයක් වගේ තිබිලා එතනින් ලිංගික ශ්‍රාව හුවමාරු උනොත් විතරයි.
ඒ හින්දා දිවේ මොකක්ම හරි තුවාලයක් වගේ තියෙනවා නම් කොහේටවත් දිව දාන්න යන්න එපා. ඒ වගේම දිව දාන්න කලිනුත් බලන්න යෝනි මාර්ගයේ මොකක් හරි අසාමාන්‍ය දෙයක් පේන්න තියෙනවද කියලා.
ඒ වගේ ප්‍රශ්න නැත්නම් වෙන බය වෙන්න දෙයක් නෑ.
තවත් ආරක්ෂා වෙන්න ඕන නම් ඕකට තියෙනවා දිවට දාන්න dental dam කියලා එකක්. අන්න ඒකක් දා ගන්න. කඩෙන් ගන්න තැනක් හොයා ගන්න බැරි උනොත් YouTube එකේ ගහලා බලන්න කොන්ඩම් එකක් කපලා dental dam එකක් හදා ගන්න හැටි කියලා දෙන වීඩියෝ ඕන තරම් තියෙනවා.
හරිනම් මේක තමා ඉස්සෙල්ලම එන්න ඕන එක. කමක් නෑ ඔන්න ඔහේ අන්තිමටම දැම්මා. ආසාවෙන් පෝස්ට් එක කියෙව්ව අය කාගේවත් ආතල් කුඩු කරන්න ඕන නෑනේ.
දැන් මේ දිව දාලා කරන එකත් හරියට උමන්දාවේ සමන්ත භද්‍ර හාමුදුරුවෝ වගේ තමා හරිද. කැමති කෙනා කැමතියි. අකමැති කෙනා කොච්චර හොඳ කරත්, වැලේ වැල් නැතුව ඉන්න කාලෙක රටකටම කන්න අස් වැද්දුවත් ආස නැති කෙනා ආස නෑම තමා. ඒ වගේ තමා ගැහැණු අයගෙනුත් හැම කෙනාම මේ දේට ආස නෑ. වැඩේ කොච්චර හොඳ උනත් ආස නැති අය ඉන්නවා. ඒ හින්දා ඔය වැඩේ කරන්න කලින් ඉස්සෙලම එයාගේ සිමා මායිම් ලකුණු කර ගන්න. එතකොට වැඩේ යන අතරේ කාටවත් හිත් රිද්ද ගන්න ඕන නෑ. එයා අකමැති නම් ආයේ ආයේ අහලා වද දෙන්නත් එපා.
එහෙනම් XeducationSL ෆේස්බුක් වාසී, හුදී දිවාකරණ ලෝලී ජනයාගේ සියළු සුරතාන්ත සිහින සැබෑ වේවා!