ස්වයං වින්දනයේදී මේ වැරදි 6 කරන්න එපා : Mistakes during Masturbation


බැන්දා, නොබැන්දා, සිංගල් ද මොංගල් අදාළ නෑ ගැහැණු පිරිමි දෙගොල්ලන්ම හොරෙන් හොරෙන් කරන වැඩක් තමා ස්වයං වින්දනය. ඕක ඉතින් හෙනම පව්කාර වචනයක් වෙලා තියෙන්නේ ලංකාවේ විතරක් නම් නෙමේ හැබැයි.  ගොඩක් වෙලාවට ආගම්, සංස්කෘතික විශ්වාස වගේ එව්වා හින්දයි සමාජේ තියෙන එක එක මිත්‍යා මතයි හින්දා තමා ඔය වචනේ ඇහුණම වරදකාරී, ලැජ්ජා හිතෙන හැඟීමක් එන්නේ.

හැබැයි කවුරු හරි ස්වයං වින්දනය කරා කියලා ඒක වැරද්දක් වත්, ලැජ්ජාවක් වත් වෙන්න දෙයක් නෙමේ. ඒ හින්දා ස්වයං වින්දනය හින්දා තමන් වරදක් කළා කියලා හිතලා තමන්ගේ පෞර්ෂය, ආත්ම විශ්වාසය අඩු කර ගන්නත් එපා.

ඔයාගේ ලිංගිකත්වය ආරක්ෂිතව සහ වගකීමක් ඇතුව explore කරන එකේ කිසි වරදක් නෑ. ඔයාගේ ඇඟ ඔයාට අල්ලන්න තහනම් වෙන්න බෑනේ.

It’s OK.

එතකොට මොනාද ස්වයං වින්දනය කරද්දී වෙන වැරදි.

📌 වරදක් කලත් සිතකින් නොවේ

ගොඩක් අය හිතනවා ස්වයං වින්දනය කළාම ඇඟ දුර්වල වෙනවා, කෙට්ටු වෙනවා කියලා. ෆේස්බුක් එකේ අටෝගෙන ඉන්න ගෘප් වල පවා මම දැකලා තියෙනවා ගොඩක් අය ඔහොම කියලා කමෙන්ට් පවා දානවා. ඒත් ස්වයං වින්දනය කරා කියලා ඒ වගේ කිසිම ශාරීරික අබාධයක් වෙන්නේ නෑ. ඒ හින්දා අරක වෙනවද මේක වෙනවද කියලා අහන්න එපා, වෙන්නේ නෑ!

කිව්වට ගොඩක් අය පිලිගන් නෑ පිරිමි අයගේ පුරස්ථි ග්‍රන්ථි වල අනාගතේ එන්න ඉඩ තියෙන පිළිකා අවදානම අඩු කරන්න නිතර ස්වයං වින්දනය කරන එක උදව් වෙනවා. මිනිස්සු 32,000 ක් දෙනෙක් පාවිච්චි කරලා මේ ගැන අධ්‍යනයක් කරලා තියෙනවා. අවුරුදු 18ක් තිස්සේ කරපු මේ අධ්‍යනයේ ප්‍රතිඵල 2016 අවුරුද්දේ එළියට දැම්මා. ඒකෙන් තේරුණ දෙයක් තමා මාසෙකට 21 පාරකට වඩා ශුක්‍රාණු පිට කරන අයට එයාලගේ පුරස්ථි ග්‍රන්ථි වල ඉස්සරහට එන්න පුළුවන් පිළිකා අවදානම 20% කින් අඩුයි කියන එක.

ස්වයං වින්දනයෙන් මොළයෙන් ඩෝපමින් හෝමෝන (Dopamine) ශ්‍රාවය වෙලා සතුටක් දැනෙනවා. මානසික ආතතිය (stress) අඩු කරන්න සහ Mood එක ක්ෂණිකව fix කරන්න ඒක උදව් කරනවා.

Endorphins හෝමෝන වලින් වේදනාව අඩු වෙනවා. මෙන්සස් දවස් වලට ගැහැණු ළමයින්ට එන යටි බඩේ කැක්කුම ටිකක් අඩු කර ගන්න ඒක උදව් වෙනවා.

ප්‍රෝලැක්ටින් හෝමෝන (Prolactin) වලින් රෑට හොඳ නින්දක් ගන්න උදව් කරනවා.

වයසට යද්දී අපි හැමෝගෙම ඇඟේ මාංශපේශි ලිහිල් වෙනවා. ලිංගාශිත මාංශපේශි ලිහිල් වෙන එකෙන් හරියට සෙස් කර ගන්න බැරි වෙන විදියට ලිංගික බෙලහිනතා එනවා. ස්වයං වින්දනය කරද්දී ලිංගාශිත මාංශපේශි වලට ආතතියක් දෙනවා.(tension) ඒක හරියට ජිම් එකට ගිහින් ව්‍යායාමයක් කරද්දී මාංශපේශියකට ආතතියක් දැනෙනවා වගේ. ස්වයං වින්දනය කරන එකෙන් ශ්‍රෝණිය(Pelvis) ආශිත මාංශපේශි ලිහිල් වෙන එක ටිකක් අඩු කරගෙන ඒවා ශක්තිමත් කර ගන්න උදව්වක් හම්බෙනවා, ඒකෙන් සෙස් කරන වෙලාවට දෙන්නටම ලිංගික සතුට වැඩි කර ගන්න පුළුවන් වෙනවා (sexual performance). මොකද ගැහැණු කෙනාගේ Pelvis එක ශක්තිමත් උනාම හොඳට හිරට ඇතුළට යනවා වගේ දෙන්නටම තේරෙන හින්දා.

ඉතින් ඔච්චර වාසි තියෙන එකේ ස්වයං වින්දනය කරන එකෙන් ඇඟට නරකක් වෙනවා කියලා හිතන්න එපා.

📌 මොන දේ කරත් තිබෙන තුරු ජිවිතේ, ඔබ නැතිව මට ඉන්න බැහැ වස්තුවේ

ස්වයං වින්දනයේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමා ඇබ්බැහි වෙන එක. කලින් දාපු පෝස්ට් එකෙත් කිව්වා ඇබ්බැහියක් කියන්නේ මොකද්ද කියලා.

කෙටියෙන් කියනවා නම් ඉගෙන ගන්න එක, රස්සාවට යන එක, නිදා ගන්න එක වගේ දවසේ එදිනෙදා වැඩ අතපසු කරගෙන ස්වයං වින්දනය කර කරම ඉන්නවා නම් ඒක තමා ඇබ්බැහියක් කියලා කියන්නේ. ඒ වගේ ස්වයං වින්දනයට ඇබ්බැහියක් තියෙනවා නම් ඇබ්බැහියෙන් ගැළවෙන්න කාගේ හරි උදව් ගන්න. කලින් පෝස්ට් එකේ ඇබ්බැහියකින් ගැළවෙන විදිය ගැන දාලා තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් ඒක බලන්න.

📌මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා වටිනාම දේ වූ ඔයා

ස්වයං වින්දනයට ඇබ්බැහි වෙන එක හින්දම එන අනිත් ප්‍රශ්නේ තමා ස්වයං වින්දනය කරලා ලැබෙන සතුට තමන්ගේ ප්‍රධානම ලිංගික සතුට කර ගන්න එක. ඒ කියන්නේ සෙස් කරන එක පවා අමතක කරලා ඒ වෙනුවට ස්වයං වින්දනයම කර කර ඉන්න එක. එහෙම අයට ස්වයං වින්දනයෙන් හම්බෙන ආතල් එක සෙස් කරලවත් ගන්න බැරි සීන් එකක් තමා තියෙන්නේ.

මොකද කාලයක් තිස්සේ අතම පාවිච්චි කරලා ස්වයං වින්දනය කරන විදියට පුරුෂ ලිංගය හැඩ ගැහෙනවා. හැඩ ගැහෙනවා කියන්නේ ඇද වෙනවා වගේ එකක් නෙමේ, අත පාවිච්චි කරන විදියට පුරුෂ ලිංගය හුරු වෙනවා කියන එක. එහෙම කෙනෙක්ට ස්වයං වින්දනය කරන වෙලාවට දැනෙනවා වගේ ඉහල උත්තේජනයක් ලිංගිකව එකතු වෙන වෙලාවට හම්බෙන්නේ නෑ. අන්න ඒක ඒ අයගේ ලිංගික ජිවිතයට ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දයි ස්වයං වින්දනයට ඇබ්බැහිය නරකයි කියන්නේ.

📌ගෙදරින් මට තහනම්

මේ වැරැද්ද ඇත්තටම ස්වයං වින්දනය කරන අය කරන වැරද්දක් නෙමේ. තව කෙනෙක් ස්වයං වින්දනය කරන එක හොරෙන් දකින අය කරන වැරද්දක්.

අම්මලා තාත්තලා හිතනවා පොඩි කාලේ තමන්ගේ ළමයි ස්වයං වින්දනය කරන එක වැරදි වැඩක් කියලා. ලොකු උනාම ඒ ළමයි ලිංගික අධි ක්‍රියාකාරී (Hypersexuality) ළමයි වෙයි කියලා දෙමව්පියෝ හිතනවා. ඒක ඉතින් ඒ වයසට ළමයගේ ඇඟේ හෝමෝන වලින් කරන පෙළඹවීම හින්දා වෙන දෙයක් හින්දා සහජයෙන්ම ළමයි කරන දෙයක්. ඒකට ළමයට බැනලා වැඩක් නෑ. එයාගේ ඇඟ ගැන තියෙන කුතුහලය හින්දා එයා එයාගේ ඇඟ හොයාගෙන යන(explore) විදිය තමා ඒ. සමහර විට එයා මොකද්ද කරන්නේ කියලවත් නොදැන කරන හරිම අහිංසක වැඩක් ඒක. ඒ හින්දා අම්මලා තාත්තලා දැන ගන්න ඕනා ඒ ගැන කියලා ළමයට තරවටු නොකර ඉන්න, ඕවා කරන්න එපා කියලා ළමයට ඒක තහනම් කරන්න හොඳ නෑ.

ඒක ළමයට බොහොම ආරක්ෂාකාරීව ලිංගික තෘප්තිය ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. ආරක්ෂාකාරීව කිව්වේ ලිංගිකව බෝ වෙන රෝග බෝ වෙන්නේ නැති එක සහ අනවශ්‍ය ගැබ් ගැනීමක් වෙන්නේ නැති එක.

📌හිරට තදට කොටට යටට ඇඳලා කොහෙද යන්න පද්ද පද්ද

Traumatic Masturbatory Syndrome: ඒ කියන්නේ ස්වයං වින්දනයේ යෙදෙන ඉරියව්වේ තියෙන අවුලක් ගැන. සමහරු පුරුදු වෙලා ඉන්නවා ඇඳේ මුනින් අතට දිගා වෙලා පුරුෂ ලිංගය ඇඳේ හරි කොට්ටයක හරි මොන එකක හරි තදට හිරට අතුල්ලලා වින්දනයක් ගන්න. ඒ වගේ ඒවා තමා Traumatic Masturbatory Syndrome කියලා කියන්නේ.

ප්‍රාණවත් වෙලා තියෙන පුරුෂ ලිංගයකට පීඩනයක් දුන්නම පුරුෂ ලිංගයේ පටක හානි වෙන්න ඉඩ තියෙනවා. අනික තමා ඒ විදියට අනිත් පැත්ත හැරිලා ස්වයං වින්දනය කරද්දී පුරුෂ ලිංගයට වැඩි පීඩනයක් දැනුනට සාමාන්‍ය විදියට සෙස් කරන කිසිම වෙලාවක ඒ වගේ පීඩනයක් පුරුෂ ලිංගයට දැනෙන්නේ නෑ. ඒ හින්දා ඔය වගේ අතුල්ල අතුල්ල හිටිය කෙනෙක්ට සෙස් කරන වෙලාවට නිකන් දැනෙන්නේ වත් නැතුව යනවා. ඔය හින්දා පස්සේ කාලෙක එක එක ලිංගික බෙලහිනතා පවා එන්න ඉඩ තියෙනවා. තමන්ගේ සහකාරිය එක්ක එකතු වෙන වෙලාවට ශුක්‍රාණු පිට කරන්න පරක්කු වෙන්න පුළුවන්. ලිංගික ආසාව අඩු වෙන්න පවා පුළුවන්. ඒ හින්දා ඕනෑවට වඩා සෙල්ලම් දාන්න යන්න එපා.

ආ.. මේක පිරිමි අයට විතරයි අදාළ හොඳේ. ගැහැණු ළමයි අතුල්ලන එකක අතුල්ල ගන්න.

📌අල්ලන් යන්න බැරි අතක්

Death- Grip Syndrome: පුරුෂ ලිංගය තදින් අල්ලලා ස්වයං වින්දනය කරන එක හින්දා වෙන ප්‍රශ්නයක් තමයි මේක. මේ පුරුද්ද හින්දත් වෙන්න පුළුවන් දේ තමා පුරුෂ ලිංගයේ පටක හානි වෙන එක. ඒ වගේම පුරුෂ ලිංගයේ සංවේදී බව අඩු වෙන්නත් පුළුවන්. කලින් කිව්ව Syndrome එක වගේම සාමාන්‍ය සෙස් කරන වෙලාවට මේ විදියට පුරුෂ ලිංගය තදින් අල්ලාගෙන කරනවා වගේ අත්දැකීමක් හම්බෙන්නේ නෑ. ඒ හින්දා ඒ වැරදි ස්වයං වින්දන ක්‍රමය හින්දත් ශුක්‍රාණු පිට කරන්න පරක්කු වෙන එක වගේ ලිංගික බෙලහිනතා එන්න පුළුවන්.

ඒ හින්දා තරහ කාරයෙක්ගේ බෙල්ල මිරිකරනවා වගේ පිප්පිය මිරිකන්න එපා. ඕක කරගන්න ඔච්චර හදිස්සියක් නැනේ. හිමීට කර ගන්න.

ඉතින් ඔන්න ඔය වගේ අසාමාන්‍ය වැඩ කරලා නැති ප්‍රශ්න දා ගන්න එපා.

එතකොට එන අනිත් ප්‍රශ්නේ අසාමාන්‍ය විදියට කරන්න එපා නම් මොකද්ද කරන්න ඕන සාමාන්‍ය විදිය කියන ඒකනේ.

හිතන්න ඔයාගේ පාට්නර් එක්ක යෝනි මාර්ග හරි, මුඛ මාර්ග හරි ඔය මොක මාර්ග හරි සම්බන්ධයක් කරනවා කියලා. ඒ කරන වෙලාවට කොච්චර තද වෙනවද (grip), කොච්චර වේගෙන් කරනවද, කියන දේවල් වලට සමාන විදියකින් ස්වයං වින්දනය කරනවා නම් වැඩිය ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

#XeducationSL

Previous Post Next Post