මහ ලොකු දෙයක්
විදියට තේරුනේ නැති උනාට නින්ද කියන්නේ අපේ ඇඟට මාරම විදියට වටින දෙයක්. පැය ගාණක්
එක දිගට දුවපු මැෂින් එකකට හොඳ නින්දක් ලැබුනට පස්සේ තමා පහුවදා දවසෙත් නැගිටලා ඒ
වැඩ ටිකම කරන්න පුළුවන් වෙන්න හරියට මැෂින් එක චාජ් වෙන්නේ. අපේ ඇඟේ සාමාන්‍ය
සෞඛ්‍යට වගේම ලිංගිකත්වයටත් හරියට නින්දක් නොලැබීම ප්‍රශ්න ඇති කරනවා. ඒ වගේ එන එක
ප්‍රශ්නයක් ගැන තමා මේ පෝස්ට් එක.
රිසච් වලින්
හොයාගෙන තියෙන විදියට නින්ද යන්නේ නැති එක සහ පිරිමි අයගේ ලිංගික අප්‍රාණිකත්වය (erectile
dysfunction) කියන දෙක අතරේ මොකා....ක්
හරි හුටපටයක් තියෙනවා. හැබැයි ඉතින් මේ කියන නින්ද යන්නේ නැති එක ඉඳලා හිටලා දවසක
නින්ද යන්නේ නැති එකක් ගැන නෙමේ, හරිද. මේ නින්ද
යන්නේ නැති එකට කියන්නේ Sleep
apnea කියලා. රෑට
නින්ද යන වෙලාවට හුස්ම ගන්න රිද්මය එක පාර කැඩිලා හුස්ම නැවතී නැවතී ආයේ ගන්න පටන්
ගන්න එක තමා මේ Sleep
apnea එකේ වෙන්නේ.
රෑට නිදාගද්දී
හයියෙන් ගොරවනවා නම්, උදේ නැගිට්ටට පස්සෙත් ඇඟට හරිම මහන්සි නම්, එක දිගටම නිදාගෙන
ඉන්න අමාරුයි නම් අන්න ඒවා Sleep apnea එකේ ලක්ෂණ වෙන්න පුළුවන්..
කොහොම හරි නිදා
ගන්න වෙලාවට වෙන මෙන්න මේ වැඩේ හින්දා ඇඟට ලැබෙන ඔක්සිජන් මට්ටම අඩු වෙලා ඇඟේ
කාබන්ඩයොක්සයිඩ් මට්ටම වැඩි වෙනවා. ඔය වෙනස රුධිර නාල වලට දැනෙනවා. හරියටම
කිව්වොත් ඕක දැනෙන්නේ, රුධිර නාල වල ඇතුල්
පැත්තේ තියෙන endothelium
කියන සෛල
ලේයර් එකට. ඔක්සිජන් සහ කාබන්ඩයොක්සයිඩ් වල වෙනස කොච්චර දැනෙනවද කිව්වොත්, ඔය endothelium හානි වෙන්න උනත් පුළුවන්. එතනින් ගියාම
රුධිර නාල වලට දැනෙන ඒ වෙනස ස්නායු වලටත් දැනෙනවා. ඉතින් ස්නායු වලින් තමා පුරුෂ
ලිංගය ප්‍රාණවත් කරන වැඩේ කරන්න ඕන කරන සංඥාව මොළේට දෙන්නේ. ඉතින් ඒ වැඩේ ලස්සනට
වෙන්නේ නැතුව ගියාම රුධිර ගමනාගමනය අඩු වෙලා ප්‍රාණවත් කර ගන්නයි, පණ ඇතුව කෙලින් කරලා තියා ගන්නයි අමාරුකම්
එනවා.
තව sleep apnea නිසා හරියට නින්දක්
නොලබුනාම, ඇඟේ ටෙස්ටෙස්ටරෝන්, ඉස්ට්‍රජන් වගේ හෝමෝන මට්ටම් අවුල් යන්න
පුළුවන්. ඔය හෝමෝන තමා ලිංගිකත්වය ගැන ඇඟේ වැඩිම බරක් අදින්නේ. ඉතින් ඕවත් කෙලින්ම
ලිංගික අප්‍රානිකත්වයට බලපානවා.
ඒ හින්දා
හරියට නින්ද යන්නේ නැති ප්‍රශ්නේ එක්ක ලිංගික අප්‍රානිකත්වයකුත් තියෙනවා නම් වෛද්‍ය
උපදෙස් අරගන්න එක හොඳයි. මොකද, ඔය දෙකම එකට
බැඳිච්ච ප්‍රශ්න 2ක් වෙන්න පුළුවන්.
#XeducationSL