යටට අඳින එකක්නේ කියලා ඔන්න ඔහේ මොකක් හරි ඇඳන් යනවා කියලා
අතාරින්න පුළුවන් දෙයක් නෙමේ දැන් කාලේ ගැහැණු ළමයින්ගේ ජම්ගි කියන්නේ. ඒ ඒ ඇඳුමට, ඒ ඒ තැනට ගැළපෙන්න ඒ ඒ ජම්ගි අඳින්න වෙනවා. කඩේ එක එක ජම්ගි තිබුණත් තමන්ට ගැළපෙන්නේ මොන ජාතියද කියන එක ගැන
ගොඩක් ගැහැණු ළමයින්ට වැඩි තේරුමක් නෑ. හරියට නොදන්න හින්දා සමහර වෙලාවට ඇඳුම්
ගන්න ගිහින් තෝරලා බලලා ඕවා ඉල්ලලා ගන්නත් ලැජ්ජයි.
පාට දෙක තුනකින් මහලා
තියෙන මල් මල්, රේන්ද අල්ලපු ජම්ගි තමා ගොඩක් අය ගන්නේ සහ වැඩියෙන් විකුණන්න
තියෙන්නෙත්. ඒ ජාතියෙන් ජම්ගි විතරයි නම් ඔයා තාම අඳින්නේ මෙන්න මේ පෝස්ට් එක
කියවලා තව ජම්ගි ටිකක් ගන්න කාලේ හරි. අපේ මහත්තුරු ටිකත් මේක කියවලා වයිෆ් ට/ GF ට තෑග්ගක් විදියට හරි ගැළපෙන ජම්ගියක් අරන් දෙනවලා.
ඔයාල සමහර විට දැකලා
ඇති ඔෆිස් වල ඉන්න පොඩ්ඩක් පොෂ් ටයිප් එකේ ගැහැණු ඇඟට හිරට ඇඳුමක් එහෙම ඇඳගෙන ඇවිදිනකොට
පස්ස ජොල් වෙලා වගේ හෙලවි හෙලවි යනවා. ඒ වගේම ඔයාල ඔෆිස් වල දැකලා ඇති ඇඟට හිර
ඇඳුමක් ඇඳගෙන යටට ඇඳන් ඉන්න එකේ දාරත් පේන විදියට ඇඳගෙන යන ගැහැණුන්ව. එකක් මාර
ගති වෙන්නත් අනික පොඩ්ඩක් අවුල් වෙන්නත් හේතුව තමා ජම්ගි වල තෝරා ගැනීම.
තව අපේ ගැහැණු ගොඩක් දෙනා
දැං ජම්ගියට උඩින් කොට කලිසමක් ඇඳගෙන යන්න පුරුදු වෙලා තියෙනවා. ඒ වැරදිලාවත් ගවුම
උඩ ගියොත් ජම්ගිය පෙනෙයි කියලා. ඒත් ඒක හරිම වැරදි පුරුද්දක්. ලිංගාශිත ප්‍රදේශය
කියන්නේ නිතරම වියළිව තියෙන්න ඕන තැනක්. ජම්ගියක් ඇඳලා ඊට උඩින් තව කලිසමකුත්
ඇන්දම, ඔතන රස්නෙ වැඩිවෙලා දාඩිය දාලා බැක්ටීරියා වර්ධනය උනොත් එහෙම
මුත්‍රා ආසාදන/UTI පවා හැදෙනවා. යෝනි ආශ්‍රිතව යීස්ට් ආසාදන ඇති වුනොත් එහෙම ගඳ
වැඩි වෙලා පස්සේ ඕවා Thrush, Candidiasis වගේ ප්‍රශ්න වෙනවා.
ඒ හින්දා හැම
ජම්ගියක්ම හැමෝටම ගැළපෙන්නේ නෑ.
ඔයාට ගැළපෙන හොඳම
ජම්ගිය මොකද්ද?
හොඳම යට ඇඳුමක්
කියන්නේ ඔයාව comfortable විදියට තියන සහ ලිංගාශිත ප්‍රදේශය
වියළිව තියා ගන්න පුළුවන් යට ඇඳුමකට. ඔය සාධක 2 සම්පුර්ණ වෙනවා නම් ඒ ඇඳුම තමා ඔයාට ගැළපෙන හොඳම
යට ඇඳුම.
තමන්ගේ උවමනාව අනුව
ගැළපෙන ජම්ගිය හොයා ගන්න මෙන්න මේ පෝස්ට් එක උදව් වෙයි.
අපේ වෙබ්සයිට් එකේ මේ එක එක ජම්ගි වල ෆොටෝ එක්කම දාලා
තියෙනවා, ඕන කෙනෙක් ඉන්නවා
නම් ගිහින් බලන්න.
📌 Classic Brief
මේ ජාතියේ ඒවා තමයි
අපේ රටේ වැඩියෙන්ම අඳින්නේ. අර කලින් කිව්ව පාට පාට, මල් මල් ඒවා. පස්ස ප්‍රදේශය සම්පුර්ණයෙන්ම වැහෙනවා. බඩෙන්
ටිකක් පහළට එනකම් වගේම වැහෙනවා.
ඉනෙන් උඩට ටිකක් වැඩියෙන් තියෙන ඩෙනිම් කලිසම් වලට, දුහුල් ඇඳුම් වලට වගේ මේ ජාතියේ ජම්ගි හොඳයි.
📌 Boy shorts
Boy short එකක් ඇඳලා ඉද්දි ඇඟේ වැඩි හරියක්
වැහෙන හින්දා පොඩි හුළඟක් වගේ ඇවිත් ඇඳුම උඩ ගියත් වැඩේ ටිකක් විතර නෝන්ඩි අඩු කර
ගන්න පුළුවන්.
දුහුල් කලිසම්, ගවුම් වලට, flared ගවුම්, සායවල් වලට ගැළපෙනවා.
📌 Hipsters
මේවා Brief වලට ටිකක් සමානයි. ඒත් ඉනෙන් වැඩිය උඩට ඇඳුම නෑ.
ඒ හින්දා ඉඳගද්දි යටට ඇඳලා ඉන්න එක ඉනෙන් උඩට ඇවිත් පේන්න ගන්න ප්‍රශ්නේ
නැති කර ගන්න පුළුවන් මේ ජාතියේ ජම්ගි වලින්. යටට Hipsters එකක් ඇඳලා ඉන්නවා නම් බය වෙන්න කාරී නෑ. යට ඒවා උඩට පේන්න
එළියට එන්නේ නෑ.
හැබැයි වැඩිය ඇඟටම හිර ඇඳුම් අඳින්න එපා. යට ඇඳුමේ වාටිය පේන්න ඉඩ තියෙනවා. යට
ඇඳුමේ වාටි පෙන්නේ නැති ඩෙනිම් වගේ කලිසම් වලට Hipsters ගැළපෙනවා.
බඩ පේන විදියට ඩෙනිම්, සායවල් වගේ අඳිනවා නම්, මෙන්න මෙව්වා ගැළපෙනවා.
📌Thongs/ G- string
ඇඟට හිර ඇඳුම්, ලෙගින්ස් වගේ අඳිනවා නම් Thongs/ G- string කියන්නේ අනිවාර්යෙන්ම අඳින්න ඕනා එකක්. ඔෆිස් වල වැඩට යන අයගේ එහෙම සෑහෙන්න තියෙන ලොකු අවුලක් තමා යට ඇඳුමේ දාර ඇඳුම අස්සෙන් පේන්න ගන්න එක. මේකක් ඇන්දා නම් යට ඇඳුමේ දාර ලොවෙත් පේන්නේ නෑ.
පස්ස දිහා බලන උන් එක්ක වෛර බැඳ ගන්නේ නැතුව Thongs/ G- string එකක් ඇන්දා නම් ඕවා මොකුත් පෙන්නේ නෑ. (Thongs/ G- string එකක් ඇඳලත් පස්ස දිහා බලනවා නම් ඉතින් ඒ බලන්නේ පස්ස දිහාම
තමා. සතුටු වෙන්න.)
සෙක්සි පෙනුමක් ගන්න
ගැහැණු ළමයින්ට අඳින්න පුළුවන් සෙක්සි ඇඳුමක් තමා මේක. පස්ස හරිය වැඩිය වැහෙන්නේ නෑ.
(ඒ කාලේ ඇන්ද අමුඩේ වගේ..) ඉස්සරහත් යාන්තම් වැහෙන්න ඕන ටික වැහෙනවා විතරයි.
ඇඟට හිරට ඇඳුම් අඳිනවා නම් සහ පොඩ්ඩක් සරාගී වෙන්න ඕන නම් ඔයාට Thongs/ G- string එකක් අඳින්න පුළුවන්.
📌 Seamless/ No-Show Panties
හිරට ඇඳුම් අඳින්නත් ඕන නම්, හැබැයි කලින් කිව්ව Thongs, G- string අඳින්නත් කැමති නැත්නම් ඒ වගේ
කෙනෙක්ට අරන් අඳින්න පුළුවන් යට ඇඳුම් තමා Seam-less. නමේ තේරුමේම තියෙනවනේ මැහුම්/ seam නෑ කියන එක.
ඒ හින්දා මේ ජාතියේ ජම්ගියක් ඇඳලා ඇඳුමක් ඇන්දම යට ඇඳුමේ දාර එළියට පෙනෙයි
කියන එක ගැන බය වෙන්න දෙයක් නෑ.
📌 Control briefs
බෝල ඇඟක් තියෙනවා නම්, බඩ එහෙමත් පොඩ්ඩක් තියෙනවා නම් මෙන්න මේක තමා ඔයාගේ ජාතික ජම්ගිය වෙන්න ඕනා. ඉණෙන් ටිකක්
උඩට වෙනකල්ම වගේ මේ යට ඇඳුමෙන් වැහෙනවා. එළියට එන බඩ ටිකක් අඩු කරලා පෙන්න ගන්න මේ
වගේ යට ඇඳුමක් අඳින්න පුළුවන්.
දරු ප්‍රසුතියකින් පස්සේ ගැහැණු කෙනෙක්ගේ යටි බඩ හරියේ ටිකක් පේන්න ගන්නවනේ. ඒ වගේ කෙනෙක්ටත් මේ ජාතියේ ජම්ගි ගැළපෙනවා.
📌 Butt lifting short
පස්ස ටිකක් ලොකුවට පෙන්න ගන්න ඕනනම් මේක අඳින්න පුළුවන්. තියෙන පස්ස ටිකක්
උස්සලා පෙන්නන එක තමා මේකෙන් කරන්නේ. ටිකක් ලොකු පස්සක් තිබ්බත් පස්සේ හැඩය අඩුවෙන්
තියෙන කෙනෙක්ට මේක ඇඳලා පස්ස හැඩ නැති ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්.
📌 Butt booster short
පෙන්න ගන්න තරම් පස්සක් නැති කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් මේකක්. ලොකුවට
පස්සක් නැති කෙනෙක්ට උනත් මේකක් ඇඳලා ඇඳුමක් ඇන්දම හරිම හැඩට තියෙනවා. පස්ස
චුට්ටක් ලොකු කරලා පෙන්න ගන්න ඕන නම් මේකක් අරන් බලන්න.
මේ පෝස්ට් එකේ දාලා තියෙන මේ හැම ජාතියකම ජම්ගි ලංකාවේ ගන්න තියෙනවා. Quality ඒවා ගන්න තැනක් දන්නේ නැත්නම් ෆේක් අකවුන්ට් එකකින් හරි කමක්
නෑ මැසේජ් එකක් දාන්න. දන්න දෙයක් තියෙනවා නම් ඔයාලට කියනවා.
✨ ජම්ගි තෝරන ඔයාලට දෙන්න තව පොඩි
ටිප් එකක් තියෙනවා.
සුදු අම්මියෝ..සුදු ඇඳුමක් යටින් නම් කිසිම වෙලාවක සුදු පාටින්ම යට ඇඳුමක්
අඳින්න එපා. උඩට ඇඳන් ඉන්න ඇඳුමට යටින් තියෙන සුදු ඇඳුම හොඳට පේනවා. සුදු වගේ
ඇඳුමක් අඳිනවා නම් හොඳම දේ තමා ඇඟේ හමේ පාටින්ම තියෙන යට ඇඳුමක් අඳින්න.
ඒ නැත්නම් කළු පාට ඒවත් ඕන ඇඳුමකට සෙට් වෙනවා.
📌 ජම්ගි අඳින අයට දෙන්න තියෙන උපදෙස් තමා මේ.
පෙනුමට මොන ජම්ගිය
ඇන්දත් වැඩක් නෑ, ලිංගාශිත ප්‍රදේශයේ සෞඛ්‍ය හරියට තියා ගන්නේ නැත්නම්. ඔයාලා කරන ජම්ගි වැරදි
හින්දා ආසාදන උනත් එන්න පුළුවන්.
▶ හැම වෙලාවකම කපු අමුද්‍රව්‍ය වලින් මහලා තියෙන යට ඇඳුම්
අඳින්න. යෝනියෙන් පිට වෙන එක එක ශ්‍රාව /discharge සහ දහඩිය උරා ගන්න පුළුවන් කම සහ වාතය
නිදහසේ හුවමාරු වෙන්න පුළුවන් කම යට ඇඳුමට තියෙන්න ඕනා. nylon, polyester වගේ අමුද්‍රව්‍ය තියෙන ඒවා නම්
අඳින්නම එපා.
එහෙම නොවුනොත් යිස්ට් ආසාදන, බැක්ටීරියා ආසාදන වගේ එන්න පුළුවන්. වාතය ගමන් කරන එක
අවහිර උනාම බැක්ටීරියා වර්ධනය වෙන්න පුළුවන්.
▶ ඒ වගේම රෑට නිදා ගද්දි යටට මොකුත් ඇන්දේ නෑ කියලත් ලොකු
අවුලක් නෑ. අඳුරු, උසුසුම් සහ තෙත සහිත
ප්‍රදේශ බැක්ටීරියා, දිලීර, යීස්ට් වගේ එවුන්ට හැදෙන්න කියාපු තැන්. මුත්‍රා
ආසාදන/ UTI, යීස්ට් ආසාදන වලට හරි ලේසියෙන්ම ගොදුරු වෙනවා ඔය වගේ එවුන්
හින්දා.
ඉතින් ඒ හින්දා කකුල්
දෙක මැද්දට පොඩි හුළං පාරකුත් වදින්න ජම්ගිය ගලෝලා විසි කරලා නිදා ගත්තා කියලා
ලොකු අවුලක් නෑ.
▶ හරි සයිස් එකේ ජම්ගි අඳින්න. ගොඩක් හිර ඒවා ඇන්දම කසනවා
වගේ තේරෙන්න ගන්නවා. කස කසා තමා ඉන්න වෙන්නේ.
▶ යට ඇඳුම්
නිතර මාරු කරන එක හොඳ පුරුද්දක්. එකම යට ඇඳුම් හෝදන්නේ නැතුව ආයේ ආයේ අඳින්නත්
එපා.
▶ කලින් කිව්ව G- string/ Thongs අඳින එකෙත් හැබැයි
සමහරුන්ට පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ගුද මාර්ගයේ තියෙන බැක්ටීරියා යෝනි මාර්ගය
පැත්තට ආවොත් ආසාදන එන්න ඉඩක් තියෙනවා. ඒක වෙන්නේ නැති වෙන්න නිතර යට ඇඳුම් මාරු
කරන්න. ඊළඟට අඳින්න කලින් හොඳට හෝදන්න.
ජම්ගිය ජම්ගිය කියලා ටයිප් කරලම මට දැන් ජම්ගි අඳින එකත්
එපා වෙලා තියෙන්නේ, එහෙනම් ඔයාලා ඕන ජම්ගියක් ඇඳ ගන්න. මම ගියා.
#XeducationSL