අපි කවුරුත් සියල්ල සම්පුර්ණ වෙලා මේ ලෝකෙට එන්නේ නෑ. Miss World තේරෙන කෙනාගේ බැලුවත් මොකක්ම හරි අවුලක් තියෙනවා. අපි මැෂින් එකකින් ඉපදෙන්නේ නැති හින්දා අපේ ඇඟවල් වල පොඩි පොඩි අසමිතික කම් තියෙනවා. දෙක දෙක තියෙන ඒව හැම එකකම වගේ ඔය වෙනස්කම් පේන්න තියෙනවා. අත් දෙක අරන් බැලුවත් එකක් ලොකුයි අනිකට වඩා. මුද්දක්, වළල්ලක් උනත් අතට දාද්දි එක අතකට ලේසියෙන් දාන්න පුළුවන්, අනිකට දාන්න ටිකක් අමාරුයිනේ.
ඉතින් ඔය වෙනස ගැහැණු අයගේ කුම්කු වලත් තියෙනවා. එක්කෝ එකක් අනිකට වඩා ලොකුයි. ගොඩක් අයගේ වම් පැත්තේ එක දකුණු පැත්තේ එකට වඩා පොඩ්ඩක් ලොකුයි. මේකෙදි වෙනස් වෙන්න පුළුවන් පියයුරු වල සයිස් එක විතරක්ම නෙමේ, පියයුරු වල හැඩය, පියයුරු තියෙන තැන් දෙක උනත් පොඩ්ඩක් එහෙ මෙහ වෙන්න පුළුවන්. ඔය මොකක්ම හරි ඇදයක් තියෙනවා. කුම්කු වල මේ වෙනස ගැන හිතලම සෑහෙන වද වෙන අයත් ඉන්නවා. පිළිකාවක් කියලා බය වෙන අයත් නැතුව නෙමේ.
📌 කුම්කු කියන්නේ සහෝදරියෝ දෙන්නක් මිසක්, නිවුන්නු නෙමේ. ඒ හින්දා 10% - 15% ක විතර අසමානතාවක් තියෙන එක ඒ තරම් දෙයක් නෙමේ. හැබැයි ස්වයං පියයුරු පරීක්ෂාවක් නිතර කරලා බලන්න ඕනා පියයුරු වල ගැටිත්තක් වගේ එකක් තියෙනවද කියලා. ඒක ගෙදරදීම කර ගන්න හැටි ගැන කලින් පෝස්ට් එකක් දැම්මා, ඕන අය පළවෙනි කමෙන්ට් එක බලන්න. ඔය ස්වයං පරික්ෂාවේදී ටිකක් සැක හිතෙන ගැටිත්තක් වගේ දෙයක් තිබ්බොත් එහෙම, ඒ ගැන පොඩ්ඩක් වෛද්‍යවරයෙක්ට පෙන්නලා බලන්න වෙනවා. මොකද සමහර පියයුරු පිළිකා වලත් ලක්ෂණයක් තමා ඔය වගේ එන ගැටිති.
📌 අනික තමා කුම්කු දෙකේ වෙනසක් තියෙනවා නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, ඔයා දන්න දා ඉඳන්ම ඔය වෙනස තිබ්බද? නැත්නම් ළඟදී ඉඳන් එක පාර ඔහොම වෙනසක් තියෙනවද කියලා. ඉස්සර ඉඳන්ම තිබ්බ එකක් නම් ඒත් වැඩිය වද වෙන්න යන්න එපා. ගොඩක් අයගේ ඔය වෙනස කුම්කු හොදටම දැක්කොත් ඇරෙන්න ඇඳුමක් ඇඳන් ඉද්දි ඒ තරම් ගාණක් නෑ. මොකද ඕකම පේන්න ඇඳන් යන්න ඔයාලා පියුමි හංසිමාලි ලා නෙමේනේ.
ඔය කිව්ව දේවල් ටික සැළකුවාට පස්සේ ලොකු අවුලකුත් නැත්නම්, “සුදාප්පච්චි කුම්කු බොද්දි එකක් පොඩි කියලා කියනවා. ලොකු එක මට, පොඩි එක තමා අපේ බබාට දෙන්නේ දෝණි හරිද” ඔය වගේ ප්‍රශ්න තියෙන අය මෙතනින් එහාට තියෙන ඒවා වැඩිය හිතට ගන්න එපා. අර වගේ කැපී පේන වෙනසක් තියෙන අය විතරක් කියවන්න, අනිත් අය හාට් එකක් දාගෙන දැන් කැපෙන්න.
📌 Hyperplastic breast කියලා කියන ප්‍රශ්නයක් තියෙනවා, ඒකෙන් වෙන්නේ පියයුරු වල තියෙන පටක වැඩියෙන් වර්ධනය වෙන එක.
සෑහෙන කලාතුරකින් අලුත ඉපදෙන බබාලට එන ප්‍රශ්නයකුත් තියෙනවා “Poland Syndrome” කියලා. ඇඟේ එක පැත්තක මාංශපේශි අඩුවෙන් වර්ධනයක වෙන එක හරි වර්ධනය නොවීම තියෙන එක හරි. පපුවේ තියෙන ප්‍රධානම මාංශපේශීය තමා pectoralis. ඔය pectoralis මාංශපේශි වල වර්ධනයේ අසමානතා හින්දා පියයුරු දෙක වෙනස් වෙන්න පුළුවන්.
📌 කුම්කු දෙකෙන් එකක් අනිකට වඩා 30%-40% ක් වගේ වෙනසකින් ලොකු වෙලා තියෙනවා නම් අන්න ඒ වගේ අයට නම් ශල්‍යකරමයක් කරලා ඒ වෙනස නැති කරන්න ඕනා. එක්කෝ implant එකක් දාලා පොඩි එක ලොකු කරන්න ඕනා, එහෙම නැත්නම් ලොකු එක පොඩි කරන්න ඕනා. ඔය ක්‍රම දෙකෙන් එකක් පාවිච්චි කරනවා. ඔය දේවල් දෙකම පියයුරු දෙකට එකට කරන වෙලාවලුත් තියෙනවා. එච්චර කරන්න ඕනත් නෑ, පොඩි වෙනසක් නම් තියෙන්නේ බ්‍රා එකට යටින් padding එකක් දැම්මා නම් ඒත් ඕක ශේප් කර ගත්තැකි.
කොහොම හරි ශල්‍යකර්ම කරලා පියයුරු වල අසමානතා හදා ගන්න අයගෙන් කරපු research එකක් තියෙනවා 2020 අවුරුද්දේ. මේකට 2008 ඉඳන් 2014 වෙනකල් තරුණ ගැහනු ළමයි 45 දෙනෙක්ගේ දත්ත පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් තේරිලා තියෙනවා ඔය විදියේ ශල්‍යකර්මයක් කරාට පස්සේ ඒ අය ශල්‍යකර්මය කරන්න හිටියට වඩා ශල්‍යකර්මය කරාට පස්සේ ජිවිතේ මානසික- සමාජීය පැත්තෙන් ජිවිතයේ ගුණාත්මක බව කැපීපේන විදියට වැඩි වෙලා තියෙනවා කියලා. (psychosocial quality of life) එහෙම වෙන්න ඇත්තේ ලිංගිකව එකතු වෙන වෙලාවට, ඇඳුමක් අඳින වෙලාවට වගේ ඒ අයගේ ආත්ම විශ්වාසය වැඩි වෙන හින්දා වෙන්න ඇති.
📌 ශල්‍යකර්මය කරාට පස්සේ මව්කිරි දෙන්න ඕක ප්‍රශ්නයක් වෙයිද කියලත් ගොඩක් දෙනෙක්ට සැකයක් තියෙනවා. මෙහෙමයි, ශල්‍යකර්මය කරාට පස්සේ පියයුර යට පැත්තේ හරි තන පුඩුව හරියේ හරි පොඩි කැලලක් වගේ හිටින්න පුළුවන්. ඒ ඇරෙන්න වෙන ප්‍රශ්න නෑ. මේ ශල්‍යකර්මය කරත් නැතත් උඩ කිව්ව Hyperplastic breast ප්‍රශ්නේ තියෙන අයට කොහොමත් මව්කිරි දෙන එකේ ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා ශල්‍යකර්මය කළා කියලා. කිරි දෙන එකට මොකුත් වෙනසක් වෙන්නේ නෑ. ශල්‍යකර්මය කරන එක අවුල් ගියත් කොහොමත් අනිකෙන් අපුරුවට බබාට කිරි දෙන්න පුළුවන්නේ.
ඒ හින්දා ශල්‍යකර්මය කර ගන්න එක ගැන වැඩිය බය වෙන්න එපා.
එතකොට මේ අසමාන කුම්කු ගැන තියෙන තව ප්‍රශ්න ටිකක් තමා මේ.
📌 එක පැත්තකට හැරිලා නිදා ගත්තා කියලා පියයුරු අසමාන වෙන්නේ නෑ. නිදා ගන්න එක කියන්නේ බොහොම තාවකාලික දෙයක්. ඇඟේ අවයව වර්ධනය වෙන්නේ වර්ධක හෝමෝන හින්දා. ඒ හින්දා නිදා ගද්දි තද උනා කියලා ඒ පැත්තේ එක සයිස් එකෙන් පොඩි වෙන්නේ එහෙම නෑ.
📌 බබාලට කිරි දෙන අම්මලා කියාගෙන එන කතාවක් තමා අලූත ඉපදුණ බබාට කිරි දුන්නට පස්සේ එකක් අනිකට වඩා ලොකු උනා හරි එකක් අනිකට වඩා ටිකක් වැඩියෙන් එල්ලෙනවා හරි කියන එක. ඒත් ඇත්තටම කතාව එහෙම නෙමේ. කොහොමත් වැඩි බහුතරයක් ගැහැණු අයගේ ඔය දෙක සමාන නෑනේ. ඉතින් මේ කිරි දෙන අම්මලාගේ වෙන්නේ මව් කිරි දෙන එක ලේසි කරන්න ස්වභාවයෙන්ම කිරි දෙන වැඩේට උදව් කරන්න ඕන හින්දා පියයුරු වල ග්‍රන්ථි ලොකු වෙනවා. ඔය හින්දා තමා දරුවෙක්ට කිරි දෙන අම්මා කෙනෙක්ගේ පියයුරු ලොකු වෙන්නේ. පියයුරු ලොකු වෙන හින්දා හම ඇදිලා හැම ටිකක් දුර්වල වෙලා හම කැඩෙනවා, ඔන්න ඕවා තමා අර streatch marks කියන්නේ. එතකොට බබාට මව් කිරි දෙන කාලේ ඉවර උනාට පස්සේ හරිනම් ඇදුණු හම ඇකිළිලා කලින් තිබ්බ විදියටම හැදෙන්න ඕනනේ. ඒත් streatch marks ආවොත් හම ආපහු කලින් තිබ්බා වගේ ඇකිලෙන් නෑ. ඒ හින්දා තමා මව් කිරි දුන්නට පස්සේ හම එල්ලෙන්නේ.
ඕකම වෙන්න පුළුවන් තව හේතුවක් තියෙනවා. පියයුරු බැලුම් බෝල වගේ පිම්බිලා තියෙන්නේ වැඩි හරියක් මේදය තට්ටුවක් ඕවා අස්සේ තියෙන හින්දා. එතකොට මව් කිරි දෙන කාලෙට සිද්ද වෙන දෙයක් තමා මව් කිරි ශ්‍රාවය කරවන්න පියයුරු වල තියෙන ග්‍රන්ථි ලොකු වෙන එක කියලා කිව්වනේ. පියයුරු වල තියෙන ග්‍රන්ථි ලොකු වෙන හින්දා පියයුරු වල තියෙන මේදය වලට ඉඩ මදි වෙලා කිරි දෙන කාලේදී පියයුරු වල මේදය ටිකක් අඩු වෙනවා. පස්සේ කාලෙක බබාට කිරි දෙන එක නැවත්තුවට පස්සේ ග්‍රන්ථි ආපහු කලින් තිබ්බ ගාණටම හැදෙනවා. හැබැයි වැඩේ තියෙන්නේ අර ලොකු උන ග්‍රන්ථි ආපහු කලින් ගාණටම adjust උනාට මේදයට ඒ සෙල්ලම් දාන්න බෑ.
ඉතින් ඔය කිව්ව streatch marks හින්දා වෙන දේ සහ මේදය අඩු වෙන එක කියන හේතු දෙක හින්දා මව් කිරි දුන්නට පස්සේ ගැහැණු අයගේ පියයුරු එල්ලෙන්න බලනවා. ඔය හේතුව හින්දා කලින් තිබ්බ පියයුරු වල පොඩි වෙනසත් දැන් ලොකුවට පේන්න ගන්නවා. ඇත්තටම ඕක තමා කිරි දෙන අම්මලාගේ පියයුරු අසමාන වෙන එකට වැඩියෙන්ම හේතුව.
📌 අනික් ප්‍රශ්නේ තමා කුම්කු කටේ දාන් බීවා කියලා, හැපුවා කියලා හරි මසාජ් කරා කියලා හරි සයිස් එක අඩු වැඩි කරන්න බෑ. ඇයි කියලා අහන්න එපා බෑ.
#XeducationSL