තම තමන්ට
තියෙන මානසික ප්‍රශ්න දාන්න තියෙන FB group වලට වැටෙන පෝස්ට්
කියෝන එක තමා මේ දවස් වල වැඩක් නැති වෙලාවට FB ආවම කලේ. බැඳලා ඉන්න අයගේ ප්‍රශ්න කියවද්දී
තේරුණ දෙයක් තමා ඒ ගොඩක් ප්‍රශ්න ඇති වෙන්න කලින්ම විසඳ ගන්න තිබ්බනේ කියන එක.
ඉතින් ඔය කතන්දර
හින්දම හින්දම ලඟදි බඳින්න ඉන්න අයට පාට්නර් ගෙන් අහන්න පුළුවන් විදියේ ප්‍රශ්න 50
ක් හැදුවා.
මේ ප්‍රශ්න අහලා එයා දෙන උත්තර අනුව එයාව ඔයාට කොච්චර ගැළපෙනවද කියලා තේරුම් ගන්න.
මේ ප්‍රශ්න
සේරම එක පාර අහන්න ඕන නෑ, කාලයත් එක්ක
ටික ටික අහන්න.
යාලු වෙන්න කලින් මේ ප්‍රශ්න පත්තර දිග අරින්න එපා. ඔයාලගේ සම්බන්දෙ පොඩ්ඩක් සීරියස් වෙද්දී මේවා අහන්න.
සමහර ප්‍රශ්න වලට උත්තර එයාගේ හැසිරිමෙන්ම ඔයාට තේරෙයි.
මේ ප්‍රශ්න
ඔයාගේ පාට්නර් ගෙන් අහන්න කලින් ඔයා ඔයාගෙන්ම අහන්න ඕනා ප්‍රශ්නයක් තියෙනවා. ඒක
තමා වැදගත්ම ප්‍රශ්නේ. ඒ තමා මෙන්න මේක.
👉 “මේ ප්‍රශ්න වලට එයා
දෙන උත්තර වලින් රතු කොඩි පේනවා නම්, එයා දෙන උත්තර අනුව එයා එක්ක නම් බැඳලා හොඳට
ඉන්න බැරි වෙයි වගේ කියලා හිතෙනවා නම් මේ සම්බන්ධය නවත්තන්න හයියක් ඔයාට තියෙනවද?”
ඔයාට එහෙම
හයියක් තියෙනවා නම් විතරක් මේ ප්‍රශ්න අහන්න.
1.
ඔයාට ළමයි
කියක් හදන්න ඕනද?
2.
බැඳලා කොච්චර
කාලෙකින් වගේද ළමයි හදන්නේ?
3.
බැන්දට පස්සේ ඔයා
දැනට පදිංචි වෙලා ඉන්න තැන වෙනස් කරන්න කැමතිද?
4.
බැඳලා ජිවත්
වෙන්නේ කොහෙද? අපි දෙන්නට
අමතරව තව කවුරු හරි අපි එක්ක
ඉන්නවද?
5.
කවුරු හරි ඔයා
දන්න කෙනෙක් බැඳලා ඉන්න විදිය දැකලා, ඔයාට බඳින එක ගැන ඉස්සර හිතුන දේවල් පස්සේ වෙනස්
විදියට හිතිලා තියෙනවද?
6. ඔයාගේ අම්මා තාත්තා ගේ විවාහයේ ඔයා කැමති ගති ලක්ෂණ මොනාද? ඔයා අකමැති නොකරන්න ඉන්න දේවල් මොනාද?
7. අපේ දෙමව්පියන් එක්ක අපි තියාගෙන යන සම්බන්ධය මොන වගේද? මොන වගේ ගනුදෙනු ද එයාලා එක්ක කරන්නේ?
8. ඔයාට ගෙවන්න මොනා හරි ණය තියෙනවද? තියෙනවනම් කොච්චරක්ද?
9.
සල්ලි ඉතුරු
කරලා තියෙනවද? තියෙනවනම්
කොච්චරක්ද?
10.
අපි සල්ලි
පාවිච්චි කරන්නේ කොහොමද? අපි දෙන්නට Joint බැංකු ගිණුමක් තියා ගන්නවද? තනියෙන් ගිණුම් තියා
ගන්නවද?
11.
බැඳලා බිල්
ගෙවන එක බෙදා ගන්නේ කොහොමද?
12.
පාට්නර් ගෙන්
අහන්නේ නැතුව දෙන්නගෙන් ඕන කෙනෙක්ගේ තනි කැමැත්තට එක පාරකට වියදම් කරන්න පුළුවන්
උපරිම ගාණ කීයද?
13. වයිෆ් බැඳලා ගෙදර ඉන්නවටද කැමති?
14. ළමයි හම්බුණාට පස්සෙත් වයිෆ් ජොබ් එකට යන එකට කැමතිද?
15.
අපේ පවුල
නිවාඩු දවස් ගත කරන්නේ කොහොමද? නිවාඩුවකට
ගිහින් ඉන්න කැමති ඔයා වැඩියෙන්ම ආස තැනක් තියෙනවද?
16.
කාලයක් තිස්සේ
කරගෙන ආව ඔයා ඉස්සරහටත් කරන්න ඉන්න චාරිත්‍ර, පුරුදු වගේ දේවල් මොනාද?
17.
ඔයා අම්මා
තාත්තා එක්ක මොන වගේද හිටියේ? එයාලා ඔයාට
කොච්චර සමීපද?
18.
අම්මා/ තාත්තා
කෙනෙක් වෙන එක ගැන ඔයා මොනාද හිතන්නේ? මොන විදියේ අම්මෙක්/ තාත්තෙක් වෙන්නද ඔයා
කැමති?
19.
බැන්දට පස්සේ මම
ඉන්න විදිය වෙනස් වෙන්න ඕන දෙයක් හරි, මම කරනවට අකමැති දේවල් මොනා හරි තියෙනවද?
20.
ළමයිව ඉස්කෝලේ
යවන්නේ කොහේටද? කොහොමද?
21. ඔයා කලින් යාලු වෙලා හිටිය අය එක්ක හොඳට සෙස් කරාද? මොනා හරි ප්‍රශ්න තිබ්බද?
22. අපිට ළමයි හදන්න බැරි උනොත් මොකද කරන්නේ?
23.
ඔයාගේ කලින්
සම්බන්ධතා නතර උනේ මොනා වෙලාද?
24.
ඔයා කලින්
යාලු වෙලා හිටිය කාට හරි ඔයා බොරු කරලා තියෙනවද?
25. කලින් යාළු වෙලා හිටිය කෙනෙක්ට හරි වෙනත් කාට හරි ඔයා ප්‍රචණ්ඩකාරී විදියට හැසිරිලා තියෙනවද?
26.
පොඩි කාලේ
ගෙදර අයගේ රණ්ඩු විසඳුනේ කොහොමද? ඒ රණ්ඩු වලට
හේතුව මොකද්ද?
27.
පොඩි කාලේ
ගෙදර කතා කරන්න තහනම් මාතෘකා උන දේවල් මොනාද?
28.
අපි දෙන්නා
අපේ පවුල වෙනුවෙන් දාගෙන ඉන්න සීමාවන් පන්නලා, ඔයාගේ අම්මා/ තාත්තා මට හරි අපේ
ළමයින්ට හරි අවුල් යන මොනා හරි කියන්න අවොත් ඔයා මොකද කරන්නේ?
29.
පොඩි කාලේ
ඔයාගේ දෙමව්පියන් ඔයාගේ සහෝදර සහෝදරියන්ට සැලකුවේ කොහොමද?
30. මගේ වැඩ වලට ඔයා උදව් කරන්න කැමති කොහොමද?
31.
පෝර්න් වීඩියෝ
බලනවද? ස්වයං
වින්දනය කරනවද? කරනවනම්
කොච්චර කාලයකට පාරක්ද?
32.
දෙමව්පියන්
වයසට යද්දී , අසනීප වෙද්දී මොකද කරන්නේ? එයාලා අපිත් එකක්ම දිගටම ඉන්නවද?
33.
අපි දෙන්නා
ගෙදර කරන්න තියෙන වැඩ බෙදා ගන්නේ කොහොමද?
34. විවාහ ජිවිතයේ අපි දෙන්නගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා දැනෙනවා නම් උපදේශන සේවා/ වෛද්‍ය ප්‍රතිකාර ගන්න යන්න කැමතිද?
35.
අපි දෙන්නගෙන්
කවුරු හරි අසනීප උනොත් මොකද කරන්නේ? ඒ වෙලාවේදී
ඔයා මොනාද අසනීප උන කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ?
36.
ඔයා පාවිච්චි
කරන්න කැමති/ අකමැති උපත් පාලන ක්‍රම මොනාද?
37.
අපේ බබාලා
ආබාධිත/ disability උනොත් මොකද
කරන්නේ?
38. ඔයා ආදරය ප්‍රකාශ කරන්නේ කොහොමද (love language)?
39.
Wife පිරිමි අය
එක්ක සහ husband ගැහැණු අය
එක්ක යාලු කම් තියා ගන්න එක ගැන මොකද හිතන්නේ?
40.
ඔයාගේ ජිවිතේ අන්තිම
ඉලක්කය මොකද්ද? ඔයාගේ ජිවිතේ අන්තිම
කාලේ වෙද්දී ඔයා මොන මොන දේවල්ද ලඟා කරගෙන තියෙන්න කැමති?
41. ගෙදර සුරතල් සත්තු හදන්න කැමතිද?
42.
ඔයා සිහින මවන
ගෙදර කොහොමද තියෙන්න කැමති?
43. හදිස්සියේ අපි plan කරපු දේවල් වෙනස් උනොත් මොකද කරන්නේ?
44.
රට යන්න
කැමතිද? එහෙම අදහසක්
තියෙනවද?
45.
Job එකේ වැඩයි,
පෞද්ගලික ජිවිතේ වැඩයි බැලන්ස් කරන්නේ කොහොමද?
46. කලින් යාලු වෙලා හිටිය අය එක්ක තාම කතා කරනවද?
47.
අපි දෙන්නා දැනට
Social
media පාවිච්චි කරන
විදිය බැන්දට පස්සේ වෙනස් වෙන්න ඕනද?
48.
කොච්චර කාලෙකට
පාරක් සෙස් කරන්න කැමතිද?
49.
ආස කරන සෙස්
ෆැන්ටසි මොනාද?
50.
සෙස් කරද්දී
කරන්න ආස නැති දේවල් මොනාද?
#XeducationSL