වට වන්දනාවේ යන අයට අදාළ වෙන news එකක් මේක. ඕස්ට්රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ කරපු research එකක් තමා මේ.
මේ research එක කරලා තියෙන්නේ මිනිස්සු ගැන නම් නෙමේ, පලතුරු මැස්සන් ව තමා මේ පරීක්ෂණයට අරන් තියෙන්නේ.
හැබැයි, "අනෙහ්
මැස්සෝ නෙහ්" කියලා මේක ලේසියෙන් අහක දාන්න බෑ. මොකද වෛද්‍ය විද්‍යාවේදී
මිනිස්සුන්ට වැළඳෙන ලෙඩ රෝග පවා ගොඩක් ඒවා හොයා ගන්න මැස්සන්ව අපි ඉස්සර ඉඳන්ම
පාවිච්චි කරලා තියෙනවා.
මැස්සන්
වර්ධනය වෙලා අසනීප වෙන විදිය සහ මිනිස්සු වර්ධනය වෙලා ලෙඩ වෙන විදියේ මුලික ජීව විද්‍යාත්මක
යාන්ත්‍රණය බැලුවම අපි දෙගොල්ලන්ගේම ටිකක් සමානයි. ඒ හින්දම පිළීකා, දියවැඩියා වගේ රෝග අධ්‍යනය කරන්න පවා මැස්සන් පාවිච්චි
කරනවා. අලුත් ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම හොයා ගන්නත් මැස්සන් ගෙන් අපිට ලොකු සහයක්
හම්බෙලා තියෙනවා, ඒ හින්දා "අනෙහ්
මැස්සෝ නෙහ්" කියලා මේ කතාව ලේසියෙන් අහක දාන්න බෑ.
කොහොම හරි මේ
පරීක්ෂණයේදී පෙනී ගිහිල්ල තියෙනවා අම්මගේ කලින් ලිංගික සහකරුවන්ගේ තිබ්බ ලක්ෂණ
පස්සේ කාලෙක වෙනත් ලිංගික සහකරුවෙක් එක්ක සෙස් කරලා හම්බෙන බබාලටත් ඇවිත් තියෙනවා
කියලා.
තව දුරටත්
තේරෙන සිංහලෙන් කියනවා නම්,
පිරිමි
මැස්සෙක් එක්ක සෙස් කරපු මැස්සියෙක්ට හම්බෙන බබාලා ඇත්තම තාත්තා මැස්සා වගේ නෙමේ
ඊට කලින් සෙස් කරපු පිරිමි මැස්සන් වගේ වෙනවා.
ඒ කියන්නේ
හම්බෙන බබාලාගේ ලක්ෂණ ඇත්තම මැසි තාත්තාගේ වගේ නෙමේ, ඊට කලින් සෙස් කරපු මැස්සාගේ
වගේ වෙනවා කියලා තමා නිරීක්ෂණය කරලා තියෙනවා.
මේක මෙහෙම
වෙන්න හේතුව තමා මුලින් සෙස් කරපු පිරිමි මැස්සාගේ ශුක්‍ර තරල වල තියෙන ප්‍රෝටීන්
(sex peptide) මැසි අම්මට හුවමාරු
වෙන එක. (transfer of seminal fluid
proteins) ඔය විදියට
මුලින්ම මැසි අම්මගේ ඇඟ ඇතුලට යන ඒවා හින්දා තමා හම්බෙන මැසි බබාලා මැසි තාත්තා
වගේ නොවී කලින් ඇනපු මැස්සෝ වගේ වෙන්නේ.
මෙච්චර කල්
අපි දැනගෙන හිටියේ අලුත් පරම්පරාවක් හැදෙද්දී හුවමාරු වෙන්නේ ජානමය ලක්ෂණ විතරයි
කියලා. හැබැයි මේ පරීක්ෂණයෙන් පේන විදියට ජානමය ලක්ෂණ වලට අමතරව වෙනත් දේවලුත්
බබාලට උරුම වෙනවා. ඉතින් මේක මෙච්චර කල් තිබ්බ දැනුමට අභියෝග කරන විදියේ අලුත්
සොයාගැනීමක්.
එක පරම්පරාවක
ඉඳන් තවත් පරම්පරාවකට ගති ලක්ෂණ උරුම වෙද්දී පළතුරු මැස්සන්ගේ මේ වෙන කුණුහරපේ, මිනිස්සු
ඇතුළු අනිත් සතුන්ගේත් වෙන්නේ කොහොමද කියන සංසිද්දිය පොඩ්ඩක් තේරුම් බේරුම් කර
ගන්න මේ පරීක්ෂණය උදව් වෙයි කියලා මේක කරපු අය විශ්වාස කරනවා.
බලමු ඉස්සරහට
නේද?
(කලින් යාළු
වෙලා හිටිය එක්කෙනාට හම්බුන බබා මතක් වෙලා, කුරිරු සතුටක් ලබමින් ලියූ පෝස්ටුවක්
බව කරුණාවෙන් සළකන්න)
#XeducationSL
Research එක මෙතනින් කියවන්න
👉 https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4282758/