ආදරය සහ රාගය : Love VS. Lust

 


ආදරය සහ රාගය කියන්න එකම කාසියක දෙපැත්ත වගේ තමා. හැබැයි මේ දෙකේ තියෙන වෙනස හරියට අඳුර ගන්නේ නැති හින්දා ගොඩක් දෙනා සෑහෙන අවුල් දා ගන්නවා. මේ දෙක සමහරු පටලව ගන්නවා. ආදරයක් තියෙයි කියලා හිතුවට බැලින්නම් අන්තිමේ තිබිලා තියෙන්නේ රාගයක් විතරයි. එක්කෝ එක්කෙනක් ආදරේ කරාට අනිත් කෙනාට තියෙන්නේ රාගය ගැන හැඟීමක් විතරයි වෙන්නත් පුළුවන්. මේ පෝස්ට් එක ලියන්න කලින් දවසේ ෆේස්බුක් එකේ එක ගෘප් එකක මම දැක්කා කෙල්ලෙක් ප්‍රශ්නයක් දාලා තියෙනවා, තමන්ගේ කොල්ලා තමන්ට gift එකක් වත් දෙන්නේ නෑ. හැබැයි room යන්න නම් ඌ ගාව සල්ලි තියෙනවා කියලා හෙන හෑල්ලක්.
 
මේ පෝස්ට් එකෙන් බලමු ආදරේ නැතුව රාගය තියෙනවද? රාගය නැතුව ආදරේ තියෙනවද? ඔන්න ඔය වගේ තියෙන ප්‍රශ්න ටිකක් විසඳ ගමු.
රාගය කියන වචනය මම පාවිච්චි කරන්නේ Lust කියන වචනය වෙනුවට. ඒත් translate එකේ එහෙම බැලුවම එන්නේ ආශාව වගේ කියලා එකක්. ඒත් මම කැමතියි රාගය කියන වචනය පාවිච්චි කරන්න.
 
📌 මොකද්ද රාගය කියන්නේ?
 
ආචාර්ය හෙලන් ෆිෂර් කියන මානව විද්‍යාඥයා (Anthropologist) ,එයාගේ විද්‍යාත්මක සොයාගැනීම වලින් රාගය ගැන කියලා කියලා තියෙන්නේ මෙහෙමයි. 👇
 
“තමන්ට ගැළපෙන ඕනම කෙනෙක්ව පාට්නර් කර ගන්න තියෙන ආශාව” තමා රාගය කියන්නේ.
“Lust is a desire to mate with any appropriate partner”
 
ඕක හොඳට බලන්න. ඔයාලට highlight කරන්න ඕන වචනේ තමා “ඕනම” කියන එක. තමන්ට ගැළපෙන “එක්කෙනෙක්” එක්ක පාට්නර් වෙන්න තියෙන ආශාව නෙමේ රාගය කියන්නේ. තමන්ට ගැළපෙන “ඕනම” කෙනෙක් එක්ක පාට්නර් වෙන්න තියෙන ආශාව තමා රාගය කියන්නේ. ඒ කියන්නේ පාට්නර් එක්කෙනෙක්ම වෙන්න ඕන නෑ.
 
📌 ඒ කියන්නේ රාගය කියන්නේ නරක දෙයක්ද?
 
නෑ.. එහෙමම කියන්නත් බෑ. ඒත් සමහර වෙලාවට එහෙම තමා. ඇයි කියලා කියවන් යද්දී අන්තිමට තේරෙයි.
 
📌 එතකොට මොකද්ද ආදරය කියන්නේ?
 
ආචාර්ය රොබට් ස්ටර්න්බර්ග් කියන මනෝවිද්‍යාඥයා (Psychologist) කියන විදියට ආදරේ කරන කපල් එකක ආදරේ රඳා පවතින්නේ Passion, Intimacy, Commitment කියන දේවල් 3ක් මත.
 
Passion කියන්නේ කලින් කතා කරපු රාගය ගැන තියෙන හැඟීම තමයි.
Intimacy: විවෘතව ඕන දෙයක් කියන්න පුළුවන් කම, අනිත් කෙනාව විශ්වාස කරන්න පුළුවන් කම, තමන්ට තමන් විදියටම ඉන්න පුළුවන් කම වගේ දේවල් තමා Intimacy කියන්නේ. මේක Into- Me කියලා සරලව තේරුම් ගන්න පුළුවන්.
Commitment කියන්නේ “මම මගේ ජිවිතේ ඉතුරු කාලය ඔයා එක්ක ඉන්න තීරණය කරනවා” කියන හැඟීම.
සැබෑ ආදරයක් හොයන කෙනෙක් නම් ඔයාලා දෙන්නා අතරේ ඔන්න ඔය දේවල් 3 තියෙන්න ඕනා.
 
📌 මොකද්ද ආදරය සහ රාගය කියන දෙකේ වෙනස?
 
රාගයේදී ඔයාලා දෙන්නා romantic කපල් එකක්.
හැබැයි ආදරය කරද්දී ඔයාලා දෙන්නා හොඳ යාළුවො දෙන්නෙක් වගේ.
 
රාගයෙන් බැඳිලා ඉන්න අය ආදරවන්තයන් තමයි.
හැබැයි ඇත්ත ආදරයක් ගොඩ නැඟෙන්නේ ශක්තිමත් යාළුකමක් මත.
 
කාලයක් යද්දී රාගය අඩු වෙනවා.
හැබැයි ආදරය තව තව ශක්තිමත් වෙනවා.
 
රාගය කියන්නේ ආකර්ශනය, ලිංගික හැඟීම මත පදනම් වෙච්ච දෙයක්. ඒක ශාරීරික බැඳීමක් කියලා කියන්න පුළුවන්.
හැබැයි ආදරය කියන්නේ ආත්මීය, ආධ්‍යාත්මික emotional/ spiritual අම්මට සිරි වෙන ජාතියේ බැඳීමක්.
 
මේ දෙක අතර තියෙන වෙනස 2000න් පස්සේ නිබ්බෙක්/ නිබ්බියෙක්ට උනත් තේරෙන විදියට තව සරල කරලා පැහැදිළි කරලා දෙන්නම්.
 
කියවලා බලන්න ඔයත් මේ වගේ ප්‍රශ්නෙක පැටලිලා ඉන්නවා නම් ඔයාලා දෙන්නා අතර තියෙන්නේ ආදරයක්ද, රාගයක්ද කියලා.
 
📌 Lust is short- term, love is long- term
 
රාගය තාවකාලිකයි. ලිංගික ආශාව අඩු වෙද්දී රාගය නැති වෙලා යනවා.
රාගය තාවකාලික උනා කියලා ආදරය සදාකාලිකද? අපෝ නෑ. පණ දීගෙන හිටියත් ඕකුන් වෙනස් වෙනවා. හැබැයි රාගයට සාපේක්ෂව ආදරය දිගුකාලිනයි.
 
දෙන්නෙක් අතර ඇතිවෙන සම්බන්ධයකදී ඉස්සෙල්ලම ඇති වෙන්නෙත් රාගය තමා, එයා ගැන ආකර්ෂණයක්, එයා ගැන දැන ගන්න ඕනෑකමක් වගේ එකක්, එයාව දිනා ගන්න ඕන කමක්. තව ලව් එකක් සෙට් උන මුල් දවස් වල හෙන ගැම්මක් එන්නේ රාගය හින්දා තමා. හැබැයි ටික දවසක් ගියාම ඔය excitement එක ටික ටික අඩු වෙලා යනවා.
 
ඔයාලා දෙන්නා පළවෙනි පාරට සෙස් කරාට පස්සේ සහ විවාහ උනාට පස්සේ එහෙම ඔය excitement එක පැහැදිලි ව පේන විදියට අඩු වෙලා යනවා. ඔයාලා දෙන්නා හැමදාම එකට ඉන්න නම් රාගය, ආදරයක් බවට පරිවර්තනය කර ගන්න ඕනා. එහෙම උනොත් තමා ඒ දෙන්නගේ සම්බන්ධය දිගටම අර ගැම්මෙන්ම ඉස්සරහටත් අරන් යන්න පුළුවන් වෙන්නේ.
 
එහෙම උනේ නැත්නම් පළවෙනි සෙස් එකෙන් පස්සේ හරි විවාහ වෙලා ටික දවසකින් පස්සේ හරි දෙන්නා ටිකක් දුරස් වෙලා යන්න පුළුවන්. නැත්නම් වෙන්නේ “මේකටද යකෝ බැන්දේ, මෙලෝ රහක් නෑනේ.” වගේ හැඟීමක් දෙන්නට එන එක. ඔන්න ඕක වෙනවා කියලා කලින්ම දැනගෙන ඉන්න. ඒක දැනගෙන රාගයෙන් එහා ගිය අර අම්මට සිරි ලෙවල් එකේ ආත්මීය බැඳීමක් ඇති කර ගන්න බලන්න.
 
📌 Love is what remains when lust fades away
 
මේක හරි ලස්සනට කියලා දෙන සින්දුවක් තියෙනවා නන්දා මාලිනි ගේ.
 
ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්තයි..
පාරිශුද්ධයි, සුරම්‍යයි...”
 
ආදරය කියන්න රාගය නැති වෙලා ගියාට පස්සේ ඉතුරු වෙන හැඟීම. අවුරුදු ගාණකට පස්සේ උනත් දෙන්නෙක් එකට ඉන්න නම් තියෙන්න ඕන ආදරය.
 
මේ විදියේ ආදරයක් තියෙනවද කියලා තමන්ටම බලා ගන්න ක්‍රමයක් තියෙනවා.
 
ඔයාගේ පාට්නර් ගේ බාහිර ස්වරුපයේ ඔයා වැඩියෙන්ම කැමති දේ මොකද්ද කියලා මතක් කර ගන්න. එයාගේ ලස්සන මුණ, එයාගේ ඇඟේ පාට, එයාගේ කොන්ඩේ, එයා කතා කරන විදිය, එයාට ලොකු පස්සක් තියෙන එක හරි කමක් නෑ, (කෙල්ලෝ කැමති ඒවා මම දන්නේ නෑ) මොනා හරි ඔයා කැමති ඕන දෙයක් හිතා ගන්න.
  
දැන් හිතන්න ඔයා ඒ ආසම දේ සදහටම එයාට නැති වෙනවා. ඒක නැති උනාමත් තාමත් ඔයාට කලින් වගේම එයා ගැන හැඟීමක් තියෙනවද? නැත්නම් එයා ගැන ඔයාට දැනෙන හැඟීම වෙනස් වෙනවද?
 
අනිත් දේ තමා හිතන්න මොනා හරි හදිසි අනතුරක් වෙලා එයාට ඔපරේෂන් එකක් කරලා ගැජට් එක කපලා දාලා එයාට සදාකල්ම සෙස් කරන්න බැරි වෙනවා කියලා. සෙස් මොකුත්ම කර ගන්න බැරි වෙනවා. දැන් ඔයා ඔයාගෙන්ම අහ ගන්න ඕන ප්‍රශ්නය තමා එහෙම උනාමත් ඔයාට එයා ගැන තියෙන හැඟීම වෙනස් වෙන්නේ නැද්ද කියන එක.
 
ඔන්න ඔය ප්‍රශ්න දෙකට ඔයා දෙන උත්තරේ අනුව ඔයාලා දෙන්නා අතර තියෙන්නේ ආදරයක්ද නැත්නම් නිකන්ම හැඟීමක්ද කියලා බලා ගන්න පුළුවන්. 
 
📌 Lust is- I want YOU. Love is- I want US.
 
රාගය ආත්මාර්ථකාමී. ආදරය පරාර්ථකාමී.
 
ආදරය කියන්නේ අපි අනිත් කෙනාට දෙන් ඕන දෙයක් මිසක් තමන්ට දිනා ගන්න තියෙන දෙයක් නෙමේ.
රාගය මත පදනම් වෙච්ච සම්බන්ධතාවක් නම් ගොඩක් වෙලාවට තමන්ගේ උවමනාවන්, තෘප්තිය සපිරෙනවද කියලා තමා ඉස්සෙල්ලා බලන්නේ.
 
ආදරේ කරන අය තමන් ගැන හිතනවට වඩා ගොඩක් වෙලාවට වද වෙන්නේ අනිත් අය ගැන. ආදරේ කරන දෙන්නෙක් අනිත් කෙනාගෙන් මොනාවත් ලැබුනේ නැතත් දෙන්නට දෙන්නා සලකනවා.
උනාට රාගය මත පදනම් වෙච්ච සම්බන්ධයකදී එහෙම වෙයි කියලා හිතන්න බෑ.
 
👉 දැන් එතකොට රාගයට වඩා ආදරය ලොකුද?
 
අපෝ නෑ.. එහෙම එකකට වඩා අනික ලොකුවත් පොඩි වත් වෙන්නේ නෑ. හොඳ සම්බන්ධතාවකට ඔය දෙකම කළවමේ හරි බැලන්ස් එකකින් තියෙන්න ඕනා. රාගය තමා ආදරය දැනෙන එකෙත් පළවෙනි අදියර. මුල් කාලේදී නම් මේක ආදරයක්ද, රාගයක්ද කියලා වෙනස හොයා ගන්න බැරි තරම් ඔය දෙක පැටලිලා තියෙන්නේ, හැබැයි කාලයක් ගියාම ඔය දෙක වෙන වෙනම වෙන් කර ගන්න පුළුවන් වෙනවා.
 
👉 ආදරය නැතුව රාගය තියෙන්න පුළුවන්ද?
 
අපෝ පුළුවන්.
ආදරය නැතුව රාගය ඕන තරම් තියෙනවා. සෙස් කරන්න එහෙම සල්ලි වියදම් කරගෙන කට්ටිය යන්නේ ඒකනේ.
 
👉 රාගය නැතුව ආදරය තියෙන්න පුළුවන්ද?
 
ඔව්. ඒත් පුළුවන්.
 
බැඳලා අවුරුදු ගාණක් ගිහින්, ළමයි එහෙම ලොකු වෙලා ඉන්න කපල් වලට සෙස් කරන්න වැඩි උවමනාවක් නෑ. ඒ අයගේ දැන් රාගය නැති වෙලා ආදරය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ අයට උනත් බොහොම සතුටින් ආදරය මත විතරක් පදනම් වෙලා ලස්සනට ජිවත් වෙන්න පුළුවන්.
 
හැබැයි ඔතන හෙනම බාල්දියක් වැටෙන්නේ කපල් එකේ එක්කෙනෙක්ට ලිංගික තෘප්තිය ඕන වෙලා අනිත් කෙනාට ඒ ආසාව නැති උනොත් තමා.
රාගය නැතුව ආදරේ පවතින්න පුළුවන් වෙන්නේ දෙන්නම එකම බෝට්ටුවේ ඉන්නවා නම් විතරයි. තමන්ට රාගය ගැන ආසාවක් නැති උනාට තමන්ගේ පාට්නර් ට ඒ ආසාව තියෙනවා නම් එයාගේ ඒ ආසාව අහක දාලා ඉන්න ඔයාට බෑ.
 
ඒ වගේ වෙලාවක ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමා දෙන්නගෙන් එක්කෙනක් වෙනස් වෙන්න ඕනා.
වෙනස් වෙන එක දෙන්නගෙන් ඕන කෙනෙක්ට වෙන්න පුළුවන්.
එක්කෝ පාට්නර් එක්ක මේ ගැන විවෘත ව කතා කරලා, උපදේශන සේවා වල උදව් එහෙම අරගෙන නැතිවුන ආසාව ඇති කර ගන්න උත්සාහ කරන්න පුළුවන්. එක්කෝ තමන්ගේ විවාහය ගැන හිතලා හරි ළමයි ගැන හිතලා හරි කොහොම හරි කමක් නෑ එයත් එක්ක දිගටම ඉන්නවා කියලා හිතාගෙන රාගය නැතුව හරි කමක් නෑ දිගටම එයා එක්ක ඉන්නවා කියලා හිත හදා ගන්න පුළුවන්.
 
එහෙම කරලත් බැරි නම් දෙවෙනි ඔප්ෂන් එක තමා ඒ කෙනාගෙන් වෙන් වෙන එක. හිතේ දෙයක් හිර කරන් ඉන්නවට වඩා ඒකෙන් ගැළවෙන එක හොඳයි.
 
රාගය ආදරයේ කොටසක් උනොත් ඒක හරි ලස්සනයි.
හැබැයි, රාගය කියන්නේ ආදරය නැති කරලා දාන දෙයක් උනොත් ඒක හරිම විනාශකාරී.
 
#XeducationSL

Previous Post Next Post