ලෝකේ හතර වටේ ළමයි 550 දෙනෙක්ට වඩා තාත්තා කෙනෙක් උන නෙදර්ලන්තයේ පිරිමි කෙනෙක් තමා මේ. කොහොම හරි එයාට ඉස්සරහට තව තව ළමයින්ගේ තාත්තා වෙන එක ඒ රටේ උසාවිය තහනම් කරලා තියෙනවා. තාත්තා කෙනෙක් උනා කිව්වට ඇත්තටම මෙයා කරලා තියෙන්නේ ශුක්‍රාණු පරිත්‍යාග කරන එක.
ජොනතන් කියලා වයස 41ක් උන කෙනෙක් තමා මේ. උසාවි නියෝගය අනුව ආයේ එක පාරක් හරි ශුක්‍රාණු කාට හරි දෙන්න හැදුවොත් එහෙම පවුම් 88,000/- ක විතර දඩයක් කන්න වෙනවා. ලංකාවේ රුපියල් වලින් කියනවා නම් මිලියන 34 කටත් වඩා වැඩි දඩයක්.
නෙදර්ලන්තයේ උසාවියකින් එයා ශුක්‍රාණු දීලා තිබ්බ සායන වල සම්පුර්ණ
ලිස්ට් එකක් එවන්න කියලා ඉල්ලලා තියෙනවා. ඒ වෙන මොකටවත් නෙමේ මෙයාගේ ශුක්‍රාණු තාම
කොහේ හරි ඉතුරු වෙලා තියෙනවා නම් තියෙන ටිකත් විනාශ කරන්න.
නෙදර්ලන්තයේ සෞඛ්‍ය උපදෙස් අනුව ශුක්‍රාණු දෙන කෙනෙක්ට තමන්ගේ ශුක්‍රාණු
දීලා උපරිම ළමයි 25 දෙනෙක්ට වඩා හදන්න බෑ.
එහෙම සීමාවක් දාලා තියෙන්නේ ලේ ඥාති විවාහ වලින් ඉපදෙන සංකුලතා
තියෙන ළමයි හැදෙන එක අඩු කරන්න. මොකද එකම කෙනාගේ ශුක්‍රාණු වලින් හැදුනු ළමයි සෑහෙන
ගානක් ඉද්දී අහම්බෙන් අනාගතේ දවසක ඒ ළමයි ළමයි සෙට් වෙලා වෙලා අලුතෙන්
බබාලා හදන්න තියෙන ඉඩ වැඩි වෙන හින්දා.
මෙයා 2007 ඉඳන් 550-600 විතර ගැහැණු අයට ළමයි හදා ගන්න උදව්
කරලා තියෙනවා ළමයි හදන්න.
නෙදර්ලන්තයේ සායන වලම ළමයි 100කට වඩා ඉපදිලා තියෙනවා. ඒ මදිවට
ඩෙන්මාර්ක් වල සායනයකටත් මෙයා ශුක්‍රාණු දීලා තියෙනවා. එතනින් ශුක්‍රාණු තව තව
රටවල් වලටත් යවලා තියෙනවා.
ළමයෙක් හදා ගන්න කියලා හිතාගෙන මෙයාගෙන් ශුක්‍රාණු
අරගන්න දෙමාපියන්ට තමන්ගේ ශුක්‍රාණු වලින් දැනට ඉපදිලා ඉන්න ළමයි ගාන ගැන බොරු
කියලා, හිතා මතාම කපල් නොමඟ යවලා තියෙනවා කියලත් උසාවියේ කිව්වා.
අනාගතේ දවසක AI දියුණු වෙලා මිනිස්සුන්ව ආක්‍රමණය කරන්න ආව කාලෙක, මෙයාගේ ළමයි 500 එයාලා එකම තාත්තගේ කියලා දැනගෙන, ඊට පස්සේ “එක පියකගේ දරු කැළ බැවිනා, යමු යමු වී නොපමා” කියලා කට්ටිය එකට එකතු වෙලා, හමුදාවක් හදලා, මිනිස් ලෝකය බේර ගන්න යන ෆිල්ම් සීන් එකක් තමා මට නම් මේ news එක ඇහුවම හිතුනේ.
#XeducationSL