A/L වලට ටියුෂන් යන කාලේ යාළුවෝ
ටිකක් එක්ක පාක් එකේ සල් ගහ යට ඉඳගෙන ඉද්දී පොලිසියෙන් ඇවිල්ල කට්ටියගෙම ෆෝන් චෙක්
කරා මට මතකයි. මගේ එකේ නම් බැලුවට මොකුත් හම්බුනේ නෑ. මොකද ඒකෙ තිබ්බ ඒවා ගැලරි එකේ
බැලුවට පෙන්නන් නෑ.😉
සාමාන්‍ය කෙනෙක් ගෙන් පොලීසියට මේ විදියට ඇවිත් අනුන්ගේ
ෆෝන් චෙක් කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් “එහෙම කොහොමද අනුන්ගේ දේවල් චෙක් කරන්නේ” කියනවා
මිසක් ඇත්තටම රටේ නීතිය මොකද්ද කියලා දන්නේ නෑ ගොඩක් වෙලාවට.
වෙන දෙයක් තියා පොලීසියට තියෙන බලතල මොනාද කියලා සමහර පොලීසියේ උන්දලා වත් දන්නේ නෑ. 😕
ඒ හින්දා නිකන් ප්‍රශ්න ඇඟේ දා ගන් නැතුව හැමෝම රටේ නීතිය මොකද්ද කියන එක දැනගෙන ඉන්න එක වටිනවා.
මංජුල කරුණාරත්න මහතා ලියපු “සිවිල් හා අපරාධ නීතියේ ප්‍රායෝගික
පැතිකට” කියන පොතේ 84 වෙනි පිටුවේ මේ ගැන විස්තරයක් තියෙනවා. ඔය කිව්වට මම ඔය පොත
අරන් කියෙව්වෙ නෑ. පොත කියවපු නීතිඥ සඳලාල් විජේන්ද්‍ර ගෙන් තමා තමා මමත් මේ ගැන
හරියට දැන ගත්තේ.
👉 ඒකෙ තියෙන විදියට ජංගම දුරකථන, ටැබ්, ලැප්ටොප්, ස්මාට් වොච්
හෝ පරිඝණක වල පෝන් තියා ගන්න එක වැරද්දක් නෙමේ.
👉 පෝන් තියා ගන්න එක වැරද්දක් නෙමේ හින්දම පොලීසියට පෝන්
තියෙනවද කියලා චෙක් කරන්න බලයකුත් නෑ.
👉 කාගේ හරි device එකක් හරි
කොහේ හරි තැනක තියෙන device එකක් හරි චෙක් කරනවා
නම් ඒකට මහේස්ත්‍රාත් වරයෙක්ගෙන් සෝදිසි වරෙන්තුවක් අරන් පොලීසිය එන්න ඕනා.
හැබැයි මෙහෙමයි,
👉 කවුරු හරි තමන්ට විතරක් බලන්න කියලා අසභ්‍ය වීඩියෝ ළඟ
තියා ගත්ත පළියට, ඒක චෙක් කරන්න කියලා උසාවිය වරෙන්තු දෙන්නේ නෑ.
👉 උසාවිය වරෙන්තුවක් දෙන්නේ - වෙළඳාම් කරන්න, බෙදා හරින්න, ප්‍රසිද්ධියේ
ප්‍රදර්ශනය කරන්න, කුලියට දෙන්න, අතමාරුවට දෙන්න, ප්‍රචාරණය කරන්න
වගේ වැඩ වලට කවුරු හරි අසභ්‍ය දේවල් තියන් ඉන්නවා කියලා - පොලීසිය විසින් මහේස්ත්‍රාත්
වරයාට ඒත්තු ගැන්වුවොත් විතරයි.
ඒ කියන විදියට පොලීසියට කිසිම වෙලාවක හිතෙන හිතෙන විදියට
කාගේවත් පුද්ගලික දේවල් බලන්න බෑ. තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න. ✋
හැබැයි WhatsApp, Telegram
ගෘප් වලයි, වත්ත
වටේයි වැල බෙදා හරින අය පරිස්සමින්. මොකද මේකේ තියෙන විදියට ප්‍රශ්නයක් උනොත්
වෙන්නේ බෙදා හරින අයට තමා.
වෙන දෙයක් තියා පොලීසියට තියෙන බලතල මොනාද කියලා සමහර පොලීසියේ උන්දලා වත් දන්නේ නෑ. 😕
ඒ හින්දා නිකන් ප්‍රශ්න ඇඟේ දා ගන් නැතුව හැමෝම රටේ නීතිය මොකද්ද කියන එක දැනගෙන ඉන්න එක වටිනවා.
#XeducationSL
👉 සිවිල් හා අපරාධ නීතියේ ප්‍රායෝගික පැතිකට - මංජුල කරුණාරත්න (84 පිටුව)✋