ටයිමින් ටැබ්ලට් වල ඇත්ත කතාව : The truth about Delay tablet

 


අලුතෙන් ලියන්න පෝස්ට් එකක් ඔලුවට එන්නේ නැති උනාම මම කරන්නේ ෆේස්බුක් එකේ තියෙන ලිංගික ගැටළු වලට උත්තර අහලා දාන ගෘප් පැත්තේ වටයක් දාලා එන එක. ඕවට දාන කමෙන්ට් අස්සේ බලද්දී තමා දැක්කේ ගොඩක් අය මේ ටැබ්ලට් ගැන දාලා තියෙනවා. ඒ හින්දා ඔය කියන මැජික් පෙති ගැන හරි විස්තරයක් දෙන්නම් ඔයාලට. 

ව්‍යාග්‍රා, කොටියා පෙත්ත, ටයිමින් ටැබ්ලට්, delay ටැබ්ලට්, 50 ටැබ්ලට්, 100 ටැබ්ලට් වගේ එක එක නම් කියනවා මේ පෙත්තට. මම වැඩිය වෙළඳ නාම කියන්න යන්නේ නෑ. 

ඇත්තටම ව්‍යාග්‍රා කියන්නේ මේ පෙත්ත මුලින්ම හොයා ගත්ත ෆයිසර් සමාගම මේ පෙත්තට දාපු නම. එයාලා පේටන්ට් එකක් අරන් තිබ්බා, ඒ හින්දා ඒ දවස් වල ව්‍යාග්‍රා පෙත්ත විතරයි තිබුනේ. පස්සේ පේටන්ට් එක ඉවර උනාම තව තව අය මේ පෙත්ත එයාලගේ වෙළඳ නාම වලින් හැදුවා. 
 
Sildenafil සහ Adenafil ඖෂධ තමයි ඔය එක එක brand නම් වලින් එන්නේ.
 
Sildenafil එක සෙස් කරන්න පැයකට විතර කලින් ගන්න එකක්. පෙත්ත අරන් විනාඩි 30- 60 න් වගේ ඒක ඇඟ ඇතුලේ වැඩ කරන්න ගන්නවා.
පැය 4ක් විතර කාලයක් යනකම් පෙත්ත වැඩ කරනවා.

Adenafil එක සෙස් කරන්න විනාඩි 20 ක් විතර කලින් ගන්න එකක්. පෙත්ත අරන් විනාඩි 20 න් වගේ ඒක ඇඟ ඇතුලේ වැඩ කරන්න ගන්නවා.
පැය 36ක් විතර කාලයක් යනකම් පෙත්ත වැඩ කරනවා.

Sildenafil පෙත්ත මාත්‍රා 3 කින් එනවා. 25mg, 50mg, 100mg විදියට.
Adenafil එක එන්නේ 10mg සහ 20mg විදියට.

හැබැයි කිසිම වෙලාවක ඉස්සෙල්ලම ලොකුම මාත්‍රාවට යන්න එපා. හැම වෙලේම අඩුම මාත්‍රාවෙන් පටන් ගන්න. මොකද එක පාරම high dose එකකට ගියොත් අතුරු ආබාධ එන්න ගන්නවා.

දැන් මේ ටික විතරක් කියවලා බේසිකයෝ ටික ටැබ්ලට් එක ගන්න යන්න එපා. පෝස්ට් එක ඉවර වෙනකල් කියවන්න.

👉 ඇත්තටම මේ ටැබ්ලට් පාවිච්චි කරන්නේ මොකටද?

ටයිමින් ටැබ්ලට්, delay ටැබ්ලට් කියලනේ කියන්නේ. වැඩි වෙලාවක් සෙස් කරන්න පුළුවන් වෙනවා ඇති කියලනේ හිතන්නේ නේද? 
වැරදියි මිත්‍රවරුණි.

ටයිමින් ටැබ්ලට් කියලා අපේ උන් නමක් දාලා තිබ්බත් මේක හදලා තියෙන්නේ එහෙම දේකට නෙමේ. මේක හදලා තියෙන්නේ Erectile dysfunction වලට ප්‍රතිකාරයක් විදියට. ඒ කියන්නේ ලිංගික අප්‍රාණිකත්වයට එක ප්‍රතිකාරයක් විදියට. 

පුදන කොටම කාපි යකා. නම දාන තැනම අපේ අය වැරදියිනේ ඉතින්.

පෝස්ට් එකේ භයානක හරියට යන්න කලින් ඉස්සෙල්ලම ඔයාලා දැන ගන්න ඕනා පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන්නේ කොහොමද කියලා. සරලව කියලා දෙන්නෙම් හිතින් මවා ගන්න වැඩේ වෙන විදිය.

පුරුෂ ලිංගය ඇතුලේ තියෙනවා සිලින්ඩර් හැඩේට තියෙන ස්පොන්ජ් වගේ පටක 3 ක්. ඔය ස්පොන්ජ් වගේ ඒවා ඇතුලේ තමා රුධිරය තැන්පත් වෙන්නේ. ඔන්න දැන් වෙලාව ආවම මොළෙන් පණිවිඩේ යවනවා ගැජට් එක පණ ගහලා ගන්න කියලා. එතකොට රුධිරය පොම්ප කරලා යවනවා පුරුෂ ලිංගය දිහාවට. ඒ හින්දා පුරුෂ ලිංගයේ තියෙන අර කලින් කිව්ව ස්පොන්ජ් පටක ඇතුළට රුධිරය පිරෙනවා. රුධිරය පිරෙන හින්දා ස්පොන්ජ් එක පිම්බිලා පුරුෂ ලිංගය කෙලින් වෙලා එනවා. පුරුෂ ලිංගය ඇතුළට ගිය රුධිරය එළියට යන්න තියෙන වෑල් එකත් ඒ එක්කම වැහෙනවා. එහෙම කරලා පුළුවන් වෙනවා දිගටම පුරුෂ ලිංගය ඇතුළේ රුධිර පීඩනය තියාගෙන පුරුෂ ලිංගය දිගටම කෙලින් කරවලා තියාගෙන ඉන්න.

ඒ කියන්නේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන එක සම්පුර්ණන්ම රුධිර පීඩනය හින්දා වෙන දෙයක්.

දැන් තේරෙනවා නේද කතන්දරේ වෙන විදිය.
පුරුෂ ලිංගය කෙලින් වෙන්න පුරුෂ ලිංගයට වැඩියෙන් රුධිර සැපයුමක් ඕනා. එතකොට මේ ටැබ්ලට් ගත්තම වෙන්නේ රුධිර වාහිනී ලොකු වෙලා පුරුෂ ලිංගයට යැවෙන රුධිර සැපයුම වැඩි වෙන එක.  

හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය වැඩේ වෙන්නේ පුරුෂ ලිංගයට විතරක් නෙමේ. මුළු ඇඟටම මේ වෙන රුධිර පීඩන වල වෙනස බලපානවා. හෘදය වස්තුවේ, මොලයේ තියෙන රුධිර නාල වලට පවා මේ වැඩේ බලපාන්න පුළුවන්.

ඔය හින්දා තමා අතුරු ආබාධ එන්නේ.

▶ මොළයේ රුධිර නාල විස්තාරණය වෙනකොට හිසේ කැක්කුමක් වගේ එන්න පුළුවන්. 
▶ හෘදයේ රුධිර නාල විස්තාරණය වෙනකොට පපුවේ කැක්කුමක් වගේ එන්නත් පුළුවන්. 
▶ නහයේ ඕක උනාම නහය බර වෙන්න පුළුවන්.
▶ මුහුණේ රුධිර නාල විස්තාරණය උනාම මුහුණ රතු වෙනවා.

ඉතින් ඔය වගේ අතුරු ආබාධ එන්න පුළුවන්. 

විද්‍යාව පාඩම් හරියට මතකයි නම් ධමනි කියන්නේ හෘදයෙන් එළියට රුධිරය අරන් යන ඒවා. ශිරා කියන්නේ හෘදය ඇතුලට රුධිරය අරන් එන ඒවා. 

මේ ටැබ්ලට් ගත්තම ඇඟේ තියෙන ධමනි විස්තාරණය කරනවා. හැබැයි ශිරා වල එහෙම මොකුත් වෙනසක් වෙන්නේ නෑ. 

▶ ඒ කියන්නේ හෘදයෙන් එළියට රුධිරය වැඩියෙන් යනවා, හැබැයි හෘදය ඇතුලට රුධිරය එන්නේ අඩුවෙන්. තේරෙනවා නේද අවුල මොකද්ද කියලා. ඔන්න ඔය සිද්ධිය හින්දා ඇඟේ රුධිර පීඩනය confused unga bunga වෙනවා. 

▶ තව කලාතුරකින් ඇස් පේන එකේ ප්‍රශ්නත් එන්නත් පුළුවන්, සඳ බොඳ වෙලා වගේ පේන්න ගන්නවා, පාට පේන්නේ නැතුව යනවා. 
“යකු.. එහෙම කොහොමද මේ ටැබ්ලට් එකක් හින්දා ඇස් පේන එක නැති වෙන්නේ?” 
ඉන්න කියලා දෙන්නම්. වෙන්නේ මෙහෙමයි.

ඇස් පේන එකට උදව් වෙන ස්නායු/ optic nerve තියෙනවනේ. මේ ස්නායුවට යැවෙන රුධිර සැපයුමත් අඩු වෙන්න පුළුවන් මේ පෙත්ත ගත්තම එන අතුරු ආබාධයක් විදියට. හරි විදියට රුධිරය සැපයෙන්නේ නැති උනාම ස්නායුව හානි වෙලා තමා ඇස් පේන එක අවුල් යන්නේ. මේක තාවකාලිකව වෙන්නත් පුළුවන්. සදාකාලිකවම වෙන්නත් පුළුවන්. 

ඒ වගේම තව සමහර ඖෂධ වර්ග තියෙනවා ඒවා මේ පෙත්ත එක්ක ගන්න හොඳ නෑ.

▶ ඒ වගේ එකක් තමා හෘදයාබාධ එන අය ගන්න බෙහෙතක් තමා DTN කියන්නේ, මේක දිව යට තියා ගන්න ටැබ්ලට් එකක්. DTN පාවිච්චි කරනවා නම් කිසිම වෙලාවක මේ එක එක ටැබ්ලට් ගන්න එපා. 
කොටින්ම හෘදය ආශිත මොකක්ම හරි රෝගයක් තියෙනවා නම් මේ ටැබ්ලට් ගන්න එපා. 

▶ තව අධික රුධිර පීඩනය තියෙන අයත් මේක ගන්න එපා. මේ ටැබ්ලට් එක හින්දා ඇඟේ රුධිර පීඩනය confused unga bunga වෙන විදියට උඩ කිව්වනේ.

▶ කොලෙස්ටරෝල් වලට බෙහෙත් අධි මාත්‍රා වලින් ගන්න අයත් මේ ටැබ්ලට් හිතුමතේ ගන්න එපා. 

▶ ඒ වගේම අක්මාවේ රෝග තියෙන අය මේ ටැබ්ලට් ගන්න එපා. මොකද Sildenafil ඖෂධය එහෙම අන්තිමේ ඇඟේන් බැහැර වෙන්නේ අක්මාව හරහා. අක්මාව නිරෝගී නැත්නම් මේ ටැබ්ලට් ගන්න හොඳ නෑ. 

ඒ කොහොම හරි කමක් නෑ මේ ටැබ්ලට් අරගෙන සෙස් කරා කියමුකෝ. එයාලට දෙන්න තියෙන උපදෙස් තමා මේ.

▶ සෙස් කරද්දී පපුවේ වේදනාවක්, උරහිසේ ලොකු වේදනාවක් වගේ දෙයක් තේරෙනවා නම් සෙනිකවම සෙස් කරන එක නවත්තලා වෛද්‍යවරයෙක් හමු වෙන්න යන්න. 

▶ ඒ වගේම සෙස් කරාට පස්සේ පුරුෂ ලිංගය ආපහු තිබ්බ විදියට පත් වෙන්නේ නැත්නම් වහාම වෛද්‍යවරයෙක් හමු වෙන්න යන්න. Priapism කියලා කියන්නේ ඕකට. එහෙම එකක් ආවොත් එහෙම ශල්‍යකර්මයක් කරලා තමා ආපහු හරිගස්සන්න වෙන්නේ. ඒ කියන්නේ සෙස් කරලා ඉවර වෙලා පැය 4ක් ගිහිල්ලත් කෙලින් උන එක බහින්නේ නැත්නම් වෛද්‍ය උපදෙස් ගන්න වෙනවා. 

▶ ඒ වගේම තව කට්ටිය හිතන් ඉන්න දෙයක් තමා මේ ටැබ්ලට් ගත්තම ඒ එක්ක තව විටමින් එකක් ගන්න ඕනා කියන එක. ඒක කොහොමටවත් කරන්න එපා. මොකද ඔය ඖෂධ දෙකේ තියෙන ඒවා එකට වැඩ කරලා මොන මොනා වෙනවද දන්නේ නෑ. ඒ හින්දා එහෙම හිතෙන හිතෙන බෙහෙත් එකට කලවම් කරගෙන බොන්න එපා. 

▶ තව සමහරු එකම දවසේ දෙතුන් පාරක් සෙස් කරනවා නම් කරන කරන හැම පාරම මේක ගන්නවා. එහෙම කරන්න එපා මහත්තයෝ. 

ඔයාලට තේරෙනවා නේද මම මේ පණ දාගෙන ටයිප් කරලා ඔයාලට කියන්න හදන දේ.

කවුරුත් කිව්වා කියලා වත්, ෆාමසියෙන් ගන්න පුලුවන් උනා කියලා වත් වෛද්‍ය නිර්දේශයක් නැතුව මේ ටැබ්ලට් ගන්න එපා. යකා කියන තරම් කළු නැති වෙන්න පුළුවන්. ඒත් අපි යක්කු බැඳන් වැඩ ගන්න ඕන නෑ.

#XeducationSL

Previous Post Next Post