ඉර එළියක්
දකින්න වත් නැතුව වහලම තියන් හිටියත් ඇඟේ අනිත් තැන් වලට වඩා ඇයි අපේ පස්සවල් කළු? ලංකාවේ අපිට තියෙන ලොකුම
ප්‍රශ්නේ මේක නොවුනත් මේකත් එක ප්‍රශ්නයක් තමා. ඇයි අපේ පස්සවල් මෙච්චර කළු වෙන්නේ
කියන එක ගැන තමයි මේ පෝස්ට් එකේ කතා කරන්නේ.
📌 ලබා උපන් හැටි
සම අඳුරු
වෙන්න ලොකුම හේතුව තමා අපේ සමේ හැදෙන මෙලනින් කියන වර්ණකය. මෙලනොසයිට්ස්/ Melanocytes කියන විශේෂ සෛල ජාතියෙන්
තමා මෙලනින් හැදෙන්නේ. අපේ සමේ, කොන්ඩේ සහ
ඇස් වල පවා පාට තීරණය කරනවා මේ මෙලනින් වලින්. ඒ වගේම මෙලනින් වලින් වෙන තවත් ප්‍රධානම
කාර්යක් තමා හිරු එළියෙන් එන හානිකර UV විකිරණ block කරනවා. මෙලනින් තිබ්බේ නැත්නම් UV විකිරණ සමේ සෛල වල DNA පවා හානි කරලා
විකෘතිතා ඇති කරලා පිස්සුවක් නටලා සමේ පිළිකා පවා ඇති කරවනවා. හිරු එළිය සමේ
වැදුනම මෙලනින් විසින් UV විකිරණ උරා
ගන්නවා, එක්කෝ ඒවා විසුරුවලා හරිනවා. කොහොම හරි සමේ ඇතුළට රිංගන්න නොදී මෙලනින් අපිව
බේර ගන්නවා.
එතකොට මේ
ලංකාවේ වගේ කර වෙන්න පායන රටක ඉන්න අපි කොහොමත් අව්වේ කර වෙන හින්දා ස්වභාවයෙන්ම
අපේ ඇඟේ වැඩියෙන් මෙලනින් හැදෙනවා. මොකද අපිව වැඩියෙන් UV විකිරණ වලට නිරාවරණය
වෙන හින්දා. ඉතින් වැඩියෙන් මෙලනින් තියෙන අය ටිකක් පැහැයෙන් අඳුරුයි.
දැන් ප්‍රශ්නේ
මේක නෙමේනේ. අව්වක් දකින්නේ වත් නැතුව එහෙනම් කොහොමද පස්ස කළු වෙන්නේ?
මේක ගැන කරපු research 3-4 ක්ම මට හම්බුණා.
ඒවගේ තිබ්බ විදියට පස්ස, අත් යට, දණහිස් වගේ තැන් වල
සමේ ඇඟේ අනිත්
තැන් වලට වඩා Melanocytes වැඩියෙන් තියෙනවා. Melanocytes වැඩි හින්දම මෙලනින් වැඩියෙන් නිෂ්පාදනය
වෙනවා. ඒ තැන් වල සම අව්වෙන් ආරක්ෂා කරන්න ඕන කමක් නැති උනාට, ඒ තැන් වල ඇති වෙන සම
හැකිලීම, නැමෙන-දිග
ඇරෙන එක වගේ දේවල් වලින් ඇති වෙන ඝර්ෂණයෙන්, පීඩනයෙන් සම ආරක්ෂා කරන්න Melanocytes ඒ තැන් වල වැඩියෙන්
තියෙනවා ඇති කියලා තමා කියන්නේ.
ඉතින් ලංකාවේ
අව්වත් වැඩියි, ඒ මදිවට
පස්සේ Melanocytesනුත් වැඩියෙන්
තියෙන හින්දා පස්සවල් කළු වෙනවා තමා.
📌 නිතර වසා නොතබනු! 🛑
අපේ ගොඩක්
වෙලාවට ඇඳුම් වලින් පස්ස වැහිලම තමා තියෙන්නේ. ඒ මදිවට ලංකාව කියන්නේ ටිකක්
රස්නෙත් වැඩි රටක්නේ. ඒ හින්දා ඒ ප්‍රදේශයේ උණුසුම වැඩි වෙලා, දහදිය හින්දා,
වැඩියෙන් තෙත සහිත වටපිටාවක් හැදෙනවා. ඔය හැදෙන පරිසරය බැක්ටීරියා සහ දිලීර වලට
හරිම හිතකරයි. ඒවා හින්දා කැසීම් වගේ ඒවත් එන්න පුළුවන්, ඒකෙන් ටිපර් වෙලා ඇඟේ
cytokines කියන කෙමිකල් එක
නිදහස් වෙනවා. ඒ ටිපර් වෙන ටිපර් වීම කොච්චරද කියනවා නම් තව තව මෙලනින් හැදෙන්න
ගන්නවා සමේ. කාලයක් තිස්සේ ඕක උනාම ඉතින් පස්ස කළු වෙන්න ඕකත් හේතුවක් වෙනවා.
📌 අහෝ ස්ක්‍රබ් නොදුටු
මොක්පුර
ගැහැණු ළමයි
සැලුන් වලට එහෙම ගිහින් ස්ක්‍රබ් කරනවා කියල එකක් මුණට කරන් එනවා නේද?
අන්න ඒකෙන්
කරන්නේ මුහුණේ තියෙන මැරුණු සෛල අයින් කරන එක (exfoliation). ඒක කළාම ඇත්තටම මුහුණේ පෙනුම පොඩ්ඩක්
වැඩි වෙනවා තමා. කොහොම හරි ඔය මැරුණු සෛල එකතු වෙන එකෙන් මුහුණේ සමේ මතුපිට ගොරෝසු
වෙනවා සහ මුහුණේ පාට තැන තැන අසමාන වෙන්නත් ඒක හේතුවක් වෙනවා.
ඉතින් ඔය
මුහුණට වෙන ටික පස්සට වෙන්නේ නැද්ද? වෙනවා මිත්‍රවරුනි.
මොකද නැත්තේ.
ඒකට ඉතින්
කරන්න දෙයක් නෑ. සැලුන් එකට ගිහින් “අක්කේ පොඩ්ඩක් ස්ක්‍රබ් කරලා දෙන්න” කියලා
ගලෝල පස්ස දික් කරන්නද! බෑනේ..
ඉතින් ඔය
විදියට මැරුණු සෛල එකතු වෙන හින්දත් පස්ස කළු වෙනවා.
කොහොම හරි
අවසානේ කියන්න තියෙන්නේ, පස්සවල් කළු
වෙන එක එක්කෙනාගෙන් තව එක්කෙනෙක්ට වෙනස් වෙනවා. ලංකාවේ අපිටම විතරක් තියෙන ප්‍රශ්නෙකුත්
නෙමේ මේක. අනික තමා පස්ස කළු උනා කියන එක හරිම සාමාන්‍ය දෙයක්. ඒ ගැන වැඩිය හිත
හිත වද වෙන්න දෙයක් නෑ.
#XeducationSL