AI වල අඳුරු පැත්ත : Dark side of AI Deepfake

 


AI ගැන වෙන කවදාකවත් තිබ්බේ නැති හෙනම hype එකක් ඇවිත්නේ තියෙන්නේ මේ දවස් වල.
 
වීඩියෝ හදන්න, සින්දු හදන්න, කැම්පස් වල assignment ගොඩ දා ගන්න උදව්වක් ගන්න වගේ ගොඩක් වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන් Chat GPT, DALL-E, Midjourney වගේ AI මේ දවස් වල හෝ ගාලා එළි බහිනවා.
 
මිනිස්සුන්ගේ වැඩ ලේසි කර ගන්න වගේම මිනිස්සුන්ව නැති කරලා දාන්නත් මේ AI ම දවසක හේතුවක් වෙනවා.
 
Wonder Woman ට රඟපාන Gal Gadot ගේ මුණ දාලා හදපු porn වීඩියෝ එකක් කාලෙකට කලින් එළියට ඇවිල්ලා තිබ්බා. AI එකක් පාවිච්චි කරලා porn actress කෙනෙක්ගේ ඇඟට Gal Gadot මුණ දාලා තමා මේක හදලා තිබ්බේ. මේ සීන් එක අද ඊයේ එකකුත් නෙමේ දැනට අවුරුදු 5-6 කට කලින් වෙච්ච දෙයක්.
(පෝස්ට් එකේ ෆොටෝ එකේ දාලා තියෙන්නේ ඒ වීඩියෝ එකෙන් ගත්ත ss එකක් තමා)
 
දැන් AI වල තියෙන දියුණුවත් එක්ක ඉස්සරහට එන AI වලින් ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා හොයා ගන්න බැරි වෙන ගානට වීඩියෝ හදන්න තරම් AI දියුණු වෙන්න පුළුවන්.
 
AI කියන්නෙත් වැරදි මිනිහා අතට ගියොත් වඳුරට කණ්නාඩිය හම්බුණා වගේ තමා.
 
#XeducationSL

Previous Post Next Post