කිස් එකක් හොඳ කිස් එකක් වෙන්න නම් ඔයාට වගේම ඔයා කිස්
එක දෙන කෙනාටත් ඒක අමුතුම, ලස්සන, එයාව
අපහසුතාවයට පත් නොවෙන දෙයක් වෙන්න ඕනා.
ජිවිතේ කවදා හරි තව කෙනෙක්ට කිස් එකක් දෙන්න චාන්ස් එකක්
හම්බෙලා ඇතිනේ. මේ පෝස්ට් එකෙන් කියන්නේ හොඳට කිස් එකක් දෙන්න උදව් වෙන ටිප්ස්
කිහිපයක්. කිස් කරනවා කිව්වට ලිප් කිස් හාද..
කිස් එකක් දෙන්න පුලුවන් හරි විදිය, වැරදි විදිය
කියලා දෙයක් නැහැ. ඔයාලා දෙන්නට ඔයාල කිස් කරන විදිය හරි කියලා හිතෙනවා නම් මේ
පෝස්ට් එක බල්ලට දාලා ඔයාලා කරන විදියටම කරගෙන යන්න.
තාම කිස් කරන්න කෙනෙක් නැති අය පෝස්ට් එක කියෝන ගමන් ගෙදර
තියෙන දොඩම් ගෙඩියක් සුද්ද කරලා අරගෙන, දොඩම් බික් දෙකකට හරි කිස් එකක් දීලා
පුරුදු වෙන්න.
කපල් එකේ පිරිමියාට තමයි ගොඩක් වෙලාවට වැඩේට මුල පුරන්න
වෙන්නේ. ගැහැණුත් කැමති පිරිමි කෙනා එයාව lead කරනවට. එහෙනම්
දත කට මැදගෙන කිස් කරන විදිය දැනගන්න ලැස්ති වෙන්න.
📌අවාසනාවට කට කියන්නේ නිතරම සුවඳ එන තැනක් නෙමේ. ඒ හින්දා
කිස් කරන්න යන වෙලාට දත් මැදලා යන්න, mouth wash එකක්
පාවිච්චි කරලා යන්න. චුයින් ගම් එකක්, මින්ට් එකක් වගේ කාලා යන්න. මනුස්සයෙක්ට ළඟ
ඉඳගෙන කතා කරන්න පුළුවන් ගානට හිටියා නම් ඇති. වැඩිය මේක ගැන හිතලා කිස් එක
දෙන්නත් කලින් මානසික ආතතිය ඇති කර ගන්න එපා. මොකද කොහොමත් කිස් කරන වෙලාවට අපේ
මොළේ ඔක්සිටෝසින් හෝමෝන වැඩි වෙලා ඒ වෙලාවට අප්‍රසන්න දේවල් ගැන දැනෙන සංවේදනය ටිකක්
අඩු කරනවා.
📌කිස් එකක් දෙන්න කලින් ඔයා එයාව රොමැන්ටික් mood එකට ගන්න ඕනා.
කතා කර කර ටිකක් වෙලා ඉද්දි ඔයාලා දෙන්නව ටිකක් සන්සුන් වෙනවා. ඔයලාටම ඒක තේරෙනවා.
දැන් ඔයාලා දෙන්නා ඉන්න වටපිටාව ගැන පොඩ්ඩක් බලන්න. වටේ කවුරුත් වැඩිය පේන්න නැත්නම් දැන් පුළුවන් ඔයා පෙරුම් පුරාගන බලාගන හිටිය කිස් එක දෙන්න.
ඔයා එයාට කැමති ඇයි, එයා අද හරිම ලස්සනයි එහෙම නැත්නම් "මම ඔයාට ආදරෙයි" කියලා එයාව අගය කරන්න.
📌ඊට පස්සේ හිමීට මුණ ලං කරන්න එයාගේ මූණට. එයා ඔයාගේ ඇස් දිහායි තොල් දිහායි මාරුවෙන් මාරුවට බලනවා
නම් ඒ කියන්නේ කොළ එළියක් පත්තු වෙලා තියෙනවා කියන එක. ඔයා කිස් එක දෙන්න ඒක හොඳ
වෙලාවක්.
හැබැයි මේ වැඩේ හරිම හිමිට කරන්න ඕනා. කිස් එකක් දෙන්න
හදනවා නම් කතා කර කර ඉන්න rhythm එකේ වේගය ටිකක් අඩු
කරන්න. slow & smooth වෙන්න ඕන. එහෙම කරන
ගමන් ඔයාගේ මුණ එයාට ලං කරන්න. හැබැයි කිස් එක දෙන්න මුණ ලං කරද්දී ඔයාගේ තොල්,
කිස් එකක් දෙන්න විදියට කට හදාගෙන ඉන්න එපා. ඒ කිව්වේ මාළුවාගේ කට වගේ තොල් දෙක
හදාගෙන ලං වෙන්න එපා.
ඔන්න ඔය වෙලාවට එයා එයාගේ ඇස් දෙක ඔයාගේ ඇස් දෙකන් අහකට
ගන්නවා නම්, එයා එයාගේ මුණ පොඩ්ඩක් පැත්තට හරවනවා නම්, එයා පස්සට
යනවා නම්, එහෙම නැත්නම් ඔයා එයාගේ අතින් හරි කොහෙන් හරි අල්ලද්දී එයා එයාව අල්ලන
ඔයාගේ අත දිහා බලනවා නම්- ඒ කියන්නේ එයා තාම ඔයාගේ කිස් එකට ලැස්ති නෑ. වහාම break ගහන්න.
ඔය සංඥා ටික බලා ගන්න ඕන හින්දා තමා පලවෙනි පාර slow & smooth වැඩේ කරන්න කියන්නේ.
📌ඔය අදියර පාස් උනාට පස්සේ ඔයාට පුළුවන් කිස් එක දෙන්න.
කිස් එක දෙන්න එයාට මුණ ලං කරද්දී, එයාගේ තොල් සිප ගන්න ඔන්න මෙන්න තියෙද්දී
අන්තිම 2% විතර හරිම slow එකේ මුණ ලං කරන්න. දැනටම කතා කර කර ඉන්න වේගේ අඩු කරලා නම් කතා කරන වේගේ
තව අඩු කරන්න.
ඔය ටික වෙද්දී එයා හොඳටම දන්නවා ඔයා දැන් කිස් එකක්
දෙන්න තමා යන්නේ කියලා. එයා දැනගෙන ඉද්දි ඔයා තව තව පරක්කු කරනවා කියන්නේ එයාගේ anticipation එකත් තව වැඩි වෙනවා. ඒ හින්දා කිස් එක දෙන්න කලින් තොල්
දෙක ලං වෙලා තියෙන ඒ අන්තිම තප්පර 2-3 සෑහෙන වටිනවා.
📌බෙල්ල පිටිපස්සෙන් අත තියලා එයාව පොඩ්ඩක් ලං කරලා කිස්
එක දෙන්න පුළුවන්. එයාව ලං කර ගන්න අතරේම ඔයත් එයාට ලං වෙන්න.
තව විදියක් තමා එයාගේ නිකටෙන් ඔයාගේ ඇඟිලි තියාගෙන එයාගේ නිකට පොඩ්ඩක් උඩට උස්සලා ඔයා එයා දිහාට පොඩ්ඩක් ලං වෙලා කිස් එක දෙන්න.
එහෙම නැත්නම් එයාගේ මුණට වැටිලා තියෙන කොන්ඩේ ඔයාගේ ඇඟිලි වලින් එයාගේ කණ පිටිපස්සට අයින් කරන ගමන් කිස් එක දෙන්න.
නිකන්ම කිස් එකක් දෙන්නේ නැතුව ඒකට තව emotion එකක් එනවා එහෙම කළාම.
කොහොම හරි ලිප්ස් කිස් කරන වෙලාවට කරනන් දේවල් කිහිපයක්
තියෙනවා.
📌තොල් කිස් කරන එක, දිවත්
පාවිච්චි කරලා කිස් කරන එක, තොල් උරණ එක. ඔන්න ඔය
3 මාරුවෙන් මාරුවට කරන්න.
කිස් කරන වෙලාවට ඔන්නම් එයාගේ දිව පොඩ්ඩක් උරන්නත් පුළුවන්. ඒකත් දෙන්නා මාරුවෙන් මාරුවට කරන්න.
📌හැබැයි ඕනෑවට වඩා දිව පාවිච්චි කරන්න එපා. ඒක පොඩ්ඩක්
අවුල්. ඕන නැති ඒවට දිව දාන්න ගිහින් වැඩේ අල කර ගන්න එපා. French කිස් technique එකේ එහෙම කියන්නේ වැඩියෙන් දිව පාවිච්චි කරන්න කියලනේ. ඒත්
දිව තමා අඩුවෙන්ම පාවිච්චි කරන්න ඕනා.
පෙනිසිල්වේනියා වල Albright College එකෙන් කරපු කරපු
research එකකින් හෙළි වෙලා තියෙනවා පිරිමි අය වගේ නෙමේ, ගැහැණු අය
කිස් එකකදී දිව පාවිච්චි කරන එකට කැමැත්ත සාපේක්ෂව අඩුයි කියලා.
දිව වැඩියෙන් පාවිච්චි වෙනවා කියලා දැන ගන්න විදියක් තියෙනවා. කිස් කරන වෙලාවට කට ගොඩක් ඇරිලා තියෙනවා කියන්නේ දිව ඕනෑවට වඩා පාවිච්චි වෙනවා කියන එක. ඒ වගේ වෙලාවක අඩියක් පස්සට ගන්න.
කොහොම හරි කිස් එක දුන්නා කියලා හිතමු.
📌කිස් එක දුන්නට පස්සේ එක පාරම එයාගේ මුණ පස්සට ගන්නවා
කියන්නේ එයා ඒ දුන්න කිස් එකට තාම ලැස්ති නෑ කියන එක. ඒ හින්දා එහෙම වෙලාවකදීත්
දෙවෙනි කිස් එක දෙන්න කලින් break ගහන්න ඔයා දැන ගන්න
ඕනා.
📌කිස් කරන වෙලාවට හදවත ගැහෙන වේගය වැඩි වෙනවා. ඇසේ බබා
ලොකු වෙනවා. ඒ හින්දා තමා කිස් කරන වෙලාවට ඇස් දෙක එහෙම auto වැහෙන්නේ. Polly Dalton සහ Sandra Murphy 2012 දි කරපු අධ්‍යනයකට
අනුව එයාලට තේරුම් ගිහින් තියෙනවා ඇස් දෙකෙන් දකින දේවල් හින්දා ශාරීරික ස්පර්ශ වල
සංවේදී බව අඩු වෙනවා කියලා.
ඒ හින්දා දෙන්න තියෙන තවත් ටිප් එකක් තමා ඇස් ඇරගෙනම කිස් කරන්න එපා. සැරින් සැරේ පොඩ්ඩක් ඇස් ඇරලා බැලුවට කමක් නෑ. ඒත් නිතරම් ඇස් දෙක අරගෙන කිස් කරන වෙලාවට එයා දිහා බලාගෙන ඉන්න එපා.
📌කිස් කරන එක ගමනාන්තය කර ගන්න.
ඒ කියන්නේ අනිත් වැඩ වලට මුළ පුරන දේ විදියට කිස් එක පත් කර ගන්නේ නැතුව, කිස් කරන එක ඔයාලා දෙන්නා අතර වෙන අන්තිම දේ කර ගන්න. තවත් තේරෙන සිංහලෙන් කියනවා නම් සෙස් කරන්න බලාගෙනම කිස් කරන්න එපා.
📌වේගය මරු කැඳවයි
හිමීට කිස් කරන්න. හිමීට කිස් කරන එකෙන් ඔයාව සහ ඔයාගේ පාට්නර් ව ඒ මොහොතට තව ටිකක් ලං කරලා තියා ගන්නවා. ඒකෙන් තොල් වල සංවේදනය වැඩි කරනවා. ඔයාලා දෙන්නගේ හැඟීම් තව ශක්තිමත් කරන්න ඒක හේතුවක් වෙනවා.
මුහුදු රැල්ල එක පෙළට වෙරළට හැපී හැපී පස්සට යනවා වගේ
වගේ තොල් දෙකෙනුත් ඒ රිද්මයට කිස් කරන එක කරන්න.
හුස්ම ගන්න එකත් දෙන්නම එකට කරන්න. එහෙමයි කියලා හිතලම එයා එක්ක හුස්ම ගන්න යන්න එපා.
📌අත පාවිච්චි කරන්න
කිස් කරන ගමන් එයාගේ මුණ, බෙල්ල පිටිපස්සට, එයාගේ කොන්ඩේ අස්සට, එයාගේ පිට වගේ තැන් හිමීට ස්පර්ශ කරන්න. අත් දෙකත් කිස් එකේම කොටසක් කර ගන්න.
📌සැරින් සැරේ මාරු කරන්න
ඒ කියන්නේ ඔයා එයාගේ කිස් කරන්නේ මොන තොලද කියන එක සැරින් සැරේ වෙනස් කරන්න. තොල් 2ම එක පාර කිස් කරනවද, උඩු තොල කිස් කරනවද, යටි තොල කිස් කරනවද, කියලා ඔය ඕන එකක් සැරින් සැරේ මාරුවෙන් මාරුවට කරන්න පුළුවන්. වැඩි හරියක් යටි තොල කිස් කරන්න. ඒක ලේසියි.
තොල් දෙක වගේම මුහුණත් හරවන් ඉන්න පැත්ත සැරින් සැරේ මාරු කරන්න. මුණ වමට, දකුණට මාරු කරන්න.
මේක තමා දෙන්න තියෙන වැදගත්ම සහ කොහෙන්වත් හම්බෙන්නේ
නැති ටිප් එක.
පළවෙනි පාර කිස් කරන කොල්ලෙක් නම් මේක අනිවාර්යෙන්
අදාළයි.
📌කිස් එක දෙන්න පටන් ගන්න කෙනා තමා ඉස්සෙල්ලම කිස් එක නතර
කරන්නත් ඕනා. එහෙමයි කියලා එක පාරම මුණ පස්සට ගන්න එපා. ඔයාට තේරෙනවනේ දැන් නම්
එයා නවත්තයි වගේ කියලා. අන්න ඒ වෙලාව ආවා කියලා තේරුණ ගමන් කිස් එක නවත්තන්න. එතකොට
එයාට ඔයාගේ කිස් එක ගැන තියෙන ආසාව තව වැඩි වෙනවා.
එයාට තව තව කිස් එක ඕනා වගේ කියලා තේරෙනවා නම් අන්න ඒකත්
කිස් එක නවත්තන්න හොඳ වෙලාවක්. හැබැයි ඒ වෙලාවට නිකන් බුම්මගෙන ඉන්න එපා. එයාගේ
කිස් එක හින්දා ඔයා සතුටින් ඉන්නවා කියලා පේන්න පොඩි හිනාවක් දාගෙන ඉන්න.
📌කිස් කරලා ගෙදර ආවට පස්සේ එයාව පොඩ්ඩක් අගය කරන්න. “ඔයා
මාව කිස් කරපු විදියට මම කැමතියි” වගේ මැසේජ් එකක් වත් අඩුම තරමේ දාන්න එයාට.
#XeducationSL