වහල් කමට ළමයි හදපු Pata Seca : Enslaved Breeder "Pata Seca"

 


මේ ඉන්නේ 1800 ගණන් වල බ්‍රසීලයේ හිටිය වහල් කමට තියාගෙන හිටිය සේවකයෙක්. නම Pata Seca.
 
වහල් කම කිව්වට අනිත් වහලුන් ට කරන්න හම්බෙන වැඩ නෙමේ මෙයාට කරන්න උනේ.
 
එයාව වහල් කමට තියාන හිටියේ ඉවරයක් නැතුව ළමයි හදන්න. (Breeding)  
 
උස අඩි7 ටත් වැඩි හොඳ වැඩුණු ශරීරයක් මෙයාට තිබිලා තියෙනවා. ඉතින් හාම්පුතා එයා යටතේ ඉන්නේ වහලුන් ගාන වැඩි කර ගන්න එයාගේ හොඳම ගැහැණු වහලුන් එක්ක මෙයාව සෙට් කරලා ළමයි හදවා ගන්නවා. මොකද වැඩ කරන්න හොඳට හයිය හත්තිය තියෙන ඒ වගේ වහළුන් හාම්පුතාට ඕන හින්දා.
 
ඔය විදියට මෙයා ළමයි 200 කට වැඩි වැඩි ගාණකට තාත්තා උනා කියලා කියනවා.
 
හැබැයි පස්සේ කාලෙක වහල් කමට මිනිස්සු තියා ගන්න එක තහනම් උනාට පස්සේ මෙයා මැරී කරලා ළමයි 9 දෙනෙකුත් හදලා ෆාම් එකක ජිවත් වෙලා තියෙනවා. කොහොම හරි මැරෙද්දි මෙයාගේ වයස අවුරුදු 130 යිලු.
 
ඒ වහලා මම උනානම් කියලා මේක කියවද්දී හිතෙන අය ඉන්නවා කියලා මම දන්නවා. ඒ උනාට තමන්ගේ කැමැත්තක් නැතුව තව කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න සිද්ද වෙන එක ඉතින් තනිකර rape එකක්. අවාසනාවට ඒ ගැන එයා මොනාද කියන්නේ කියලා අහලා දැන ගන්න විදියක් නෑ, එයා මේ වෙද්දී මැරිලා සෑහෙන කල්. ඒ කාලේ internet තිබ්බෙත් නෑ.
 
#XeducationSL

Previous Post Next Post