ප්‍රිය
භාර්යාවනි, ඔබේ නින්දෙන් ගොරවන ස්වාමි පුරුෂයා ගැන අවදානයෙන් සිටින්න.
ගොඩක් වෙලාවට
තරබාරු අයගේ තමා මේ ප්‍රශ්නේ තියෙන්නේ. නිදා ගන්න වෙලාවට උගුර කෙලවරේ තියෙන සියුම්
පටකය තද වෙලා වාතය ගමන්
කරන නාලය අවහිර වෙන හින්දා තමා මේ අද කියන්න යන obstructive sleep apnea කියන තත්වය
ඇති වෙන්නේ. මේ හින්දා වෙන්නේ
පෙනහළු වලට යන වාතය ප්‍රමාණය අඩු වෙනවා.
ඇතුළට එන වාතය
ප්‍රමාණය අඩු උනාට, ඇඟ බලන්නේ මොන ගේමක් දීලා හරි ඕන කරන තරම් හුස්ම ටික ඇතුළට
ඇද ගන්න. ඒ හින්දා හදවත සහ මහා ප්‍රාචිරයේ මාංශපේශි රෑටත් OT වැඩ කරලා හෙන ගේමක්
දෙනවා මේ වැඩේ කර ගන්න. Airway එක අවහිර වෙලා
හින්දා හරියකට ඇතුළට යා ගන්න බැරුව ඉබාගාතේ දුවන වාතය (turbulent airflow) ඒ හරිය තියෙන පටක වල
අතිල්ලිලා vibrate වෙන හින්දා
තමා ඔය ගොරවන සද්දේ එන්නේ.
ඒ කොහොම උනත් ඇඟට
ලබෙන්න ඕන තරමේ ඔක්සිජන් සැපයුමක් නම් හම්බවෙන්නේ නෑ. මේ විදියට හරියට ඔක්සිජනුත්
නැතුව හුස්ම අදින්න ඇඟත් සෑහෙන මහන්සියක් දරණ හින්දා ඒකෙ ප්‍රතිඵලයක් විදියට මොළය
විසින් නින්දෙන් ඇඟ අවදි කරවනවා. මේ විදියට ඇහැරෙන එක සමහර විට මතක නැති වෙන්න්
පුළුවන්. හැබැයි sleep cycle එක කැඩෙනවා. ඉතින් එක රැයක් ඇතුලත මේ වැඩේ කිහිප පාරක්ම
වෙන්න පුළුවන්.
ඒ කතාව පැත්තකින්
තියමුකෝ. ඒත් ඒ sleep apnea එක කොහොමද
ලිංගික අප්‍රානිකත්වයට හේතුවක් වෙන්නේ.
ඒ මෙන්න
මෙහෙමයි.
📌 sleep apnea එක තියෙන කෙනෙක්ගේ ශරීරයට ඕන කරන ඔක්සිජන් ප්‍රමාණය ඇඟට
හම්බෙන්නේ නෑ කියලා දැන් කිව්වනේ. ඉතින් ඒ හින්දා ඇඟේ රුධිර නාල හරියට වැඩ කරන්නේ
නැතුව යන්න පුළුවන්. ඒ හින්දා Endothelial
dysfunction කියන රුධිර
නාල වල අක්‍රමිකතා ඇති කරන රෝගී තත්වය එන්න පුළුවන්.
රුධිර නාල වල තත්වය සහ ලිංගික අප්‍රාණිකත්වය
කියන්නේ එකම කාසියේ දෙපැත්තක්. ඒ හින්දා රුධිර නාල අප්‍රාණික වීමක් කෙලින්ම ලිංගික
අප්රානිකත්වයකට හේතු වෙන්න පුළුවන්.
එතනින්
නවතිනවානම් බැරියෑ..
📌 ඔය රුධිර නාල වල ප්‍රශ්න
හෘදයාබාධ වෙනකල්ම එන්න පුළුවන්. ඒ හින්දම හෘදයාබාධ සහ නින්දෙන් ගෙරවීම කියන දෙක
අතරත් සම්බන්ධයක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා.
📌 පෝස්ට් එකේ උඩම
කිව්වා ස්වාසනාලය අවහිර වෙන හින්දා නින්දෙන් එක පාර ඇහැරෙනවා කියලා. මතකද? ඒ
හින්දා sleep cycle එක කැඩෙන නිසා
හොඳ නින්දක් දාන්න බැරි වෙනවා.
පිරිමින්ට
නැතුවම බැරි පිරිමි හෝමෝනය, ඒ කියන්නේ
ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය නිෂ්පාදනය වෙන්නේ ගැඹුරු නින්දක ඉන්න වෙලාවක. (rem sleep) ඉතින් හරියට නින්ද හම්බෙන්නේ නැති එක
ටෙස්ටෙස්ටරෝන් හෝමෝන හැදෙන එක අඩු වෙන්න කෙලින්ම බලපාන්න පුළුවන්. ඒ හින්දා පිරිමි
හෝමෝන අඩු වෙන එකෙනුත් ලිංගික අප්‍රාණිකත්වය එන්න පුළුවන්.
ඒකෙනුත්
නවතින් නෑ.. තව තියෙනවා..
📌 ඔක්සිජන් ඇඟට ලැබෙන
ප්‍රමාණය අඩු වෙන එක සහ නින්ද හරියට ලැබෙන්නේ නැති එක හින්දා neurochemical/ ස්නායුගත රසායනික වලත් වෙනස්කම් වෙනවා.
ලිංගික ප්‍රාණවත් වීම හරියට වෙන්න මේ neurochemical සෑහෙන වැඩ කොටසක්
කරනවා.
Nitric Oxide/ නයිට්‍රික්
ඔක්සයිඩ් තමා ලිංගික ප්‍රාණවත් වීමක් වෙන්න ඕන කරන වැදගත්ම neurochemical ඒක. ලිංගික
උත්තේජනයක් ලැබුනම ස්නායු සෛල වලින් මේ කෙමිකල් එක නිකුත් වෙනවා. ඒ හින්දා රුධිර
නාල ලිහිල් වෙලා වැඩි රුධිරය ප්‍රමාණයක් ලිංගික අවයව වලට අරන් යන්න පුළුවන් වෙනවා.
මෙන්න මේ විදියට පුරුෂ ලිංගයට අරන් යන රුධිරය හින්දා තමා ඕක ඒ වෙලාවට කෙලින් වෙලා
හිටින්නේ.
Nitric oxide (NO) අණුව හැදිලා
තියෙන්නේ නයිට්රජන්/ N සහ ඔක්සිජන්/ O පරමාණු දෙකක එකතුවෙන්.
ඉතින් sleep apnea එක හින්දා ඇඟට ලැබෙන
ඔක්සිජන් ප්‍රමාණය අඩු උනාම Nitric oxide (NO) හරියට හැදෙන්න බැරි වෙලා පුරුෂ ලිංගය ප්‍රාණවත්
වෙන එකට ප්‍රශ්න ඇති කරනවා.
📌 ඊටත් අමතරව මේ sleep apnea තියෙන අයට සාමාන්‍යයෙන්
පොදුවේ තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. අධික තරබාරු කම, දුම් පානය, දියවැඩියාව වගේ ප්‍රශ්න
නින්දෙන් ගොරවන ගොඩක් අයට පොදුවේ පේන්න තියෙනවා. සමහර වෙලාවට නින්දෙන් ගොරවන එක
ඇති වෙන්නේ ඔය ප්‍රශ්න හින්දා.
ඉතින් මේ ප්‍රශ්න
එකකට එකක් සම්බන්ධ වෙන විදිය තේරුණා නේද.
#XeducationSL