ඔයාගේ පාට්නර් එක්ක සෙස් කරන්න පොඩි ටිප්ස් ටිකක් තමා මේ පෝස්ට් එකෙන් කියන්නේ. ඔයාගේ පාට්නර් කිව්වට ඉතින් ගැහැණු පාර්ශවය ගැන තමා මේ පෝස්ට් එක. පිරිමි ගැනත් හිතලා ඉස්සරහට පෝස්ට් එකක් දාන්නම් හාද. එතකන් මේක කියවන්න.
📌ඒකටම වෙලාවක් වෙන් කර ගන්න
පාට්නර් එක්ක සෙස් කරන්න වෙලාවක් වෙන් කර ගන්න. මොන ජෝක්ස්ද මේ! දෙන්නට හිතෙන වෙලාවට කරනවා මිසක් මෙහෙම වෙලාවක් වෙන් කරගෙන කරන්න ඕන එකක් නෙමේනේ සෙස් කියන්නේ. බඳිනකල්ම එහෙම තමා ගොඩක් අය හිතාගෙන ඉන්නේ. බැන්දට පස්සේ ඉස්සර වගේ දැන් සෙස් කරන්නේ නැති අයට නම් තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා.
ටිකක් තරුණ කාලේ නම් ඇඟේ හෝමෝන උපරිමයෙන් තියෙනවා, ගෙදරින් වැඩ ටිකත් සේරම කරලා දෙනවා, වගකීම් එහෙමත් අඩු හින්දා ඇත්තටම සෙස් කරන්න කියලා වෙනම වෙලාවක් වෙන් කර ගන්නවා. ඒ වෙලාව වෙන් කර ගන්නේ ෆිල්ම් එකක් බලන්න යන්න, දෙන්නා එක්ක රූම් එකකට රිංගන්න හරි ඔය වගේ කොහේ හරි හොර ගමනක් යන්න. ඉතින් ඒ වෙන් කර ගත්ත දවස එනකල් බලාගෙන ඉද්දි ඒකට තියෙන ආසාව වැඩි වෙනවා. විවාහ උනාට එහෙම පස්සේ ගොඩක් අය හිතන දෙයක් තමා පවුල් වෙලා එහෙම එක ගෙදරක ඉද්දි හිතෙන හිතෙන ඕන වෙලාවක සෙස් කරන්න පුළුවන්නේ කියන එක. ඒත් කියන්න සන්තෝසයි. ඒක එහෙම වෙන්නේ නෑ මහත්තයෝ. බැන්දට පස්සේ අනිත් වැඩත් එකක බිසී වෙලා වෙලා, අන්තිමේ ඕක කරන්න බැරි වෙනවා. විවාහ උනාට පස්සේ ගෙදර වැඩ, ළමයින්ගේ වැඩ අනම් මනම් රටේ නැති වැඩ හින්දා ඒ සේරම කරලා වෙලාවක් තිබ්බොත් තමා ඕක කරන්නේ. වෙලාවක් තිබ්බොත් කරනවා කිව්වට ඉතින් වැඩ වැඩි උනාම ඕක කරන්න වෙන්නේ නෑ. එහෙම නැතුව ඒ වැඩේ කරන්න දෙන්නටම පුළුවන් එක දවසක්, වෙලාවක් දා ගන්න.
📌වෙනස්කම් දැන ගන්න
කළලයක් විදියට ඉන්න කාලේ ගැහැණු පිරිමි වෙනසක් හොයන්න බෑ. දෙගොල්ලන්ම එක වගේ තමා.
ඔය කාලේදී පිරිමි කෙනෙක්ගේ වෘෂණ කෝෂ හැදිලා තියෙන තැන තමයි ගැහැණු කෙනෙක්ගේ යෝනි තොල් හැදෙන්නෙත්.
පිරිමි කෙනෙක්ගේ පුරුෂ ලිංගය හැදිලා තියෙන තැන තමයි ගැහැණු කෙනෙක්ගේ භගමණිය හැදෙන්නෙත්.
එතකොට මට කියන්න ඕන දේ මෙන්න මේක. පිරිමි කෙනෙක්ට ලිංගික උත්තේජනය වැඩියෙන්ම ලැබෙන්නේ පුරුෂ ලිංගයෙන් නේ. ඉතින් පිරිමි කෙනෙක්ගේ පුරුෂ ලිංගය තියෙන තැන ගැහැණු කෙනෙක්ගේ තියෙන්නේ මොකද්ද?
භගමණිය මිත්රවරුණි...
ගැහැණු අයට ලිංගික උත්තේජනය ලැබෙන තැන කියන්නේ යෝනි මාර්ගය/ vagina එක නෙමේ. යෝනි මාර්ගයේ වටේ බිත්ති ස්පර්ශ කරලා ලිංගික උත්තේජනයක් ලබන්න පුළුවන්, බැරි කමක් නෑ, හැබැයි ගැහැණු කෙනෙක්ට ලිංගික උත්තේජනයක් ලබන්න පුළුවන් තැන තමා භගමණිය/ clitoris. පිරිමි අයට ලිංගික උත්තේජනය ලැබෙන්නේ පුරුෂ ලිංගයෙන් වගේ තමා ගැහැණු අයට ලිංගික උත්තේජනය ලැබෙන්නේ භාගමනියෙන්.
ඉස්කෝලෙදි උනත් කාන්තා ලිංගික අවයව ගැන කියලා දෙද්දී කියලා දෙන්නේ ඩිම්බ කෝෂ සහ ගර්භාෂය ගැන විතරයිනේ. ඒ දෙකෙන් හම්බෙන ලිංගික උත්තේජනයක් නැත්තටම නැති තරම්නේ.
ඒ හින්දා මල්ලිව හිල ඇතුළට දාලා කොච්චර දැගලුවත් ගැහැණු කෙනෙක්ට ලිංගික සුරතාන්තයක් ලබා දෙන්න බෑ. යෝනි මාර්ග සංසර්ගයෙන් සුරතාන්තයක් ලබන්නේ ගැහැණු අයගෙන් 20% ක් දෙනාට විතරයි. ඒ සුරතාන්තය ලැබෙන 20% ටත් ඒක හම්බෙන්නේ ඇතුළට ඔබන එකේ අමුතු මැජික් එකක් හින්දා නෙමේ ඇතුළට දාලා කරන වෙලාවට භගමණිය උත්තේජනය වෙන හින්දයි.
මේක කියවලා පිරිමි අයට ඔලුවේ අත ගහගෙන කල්පනා කරන්න දෙයක් නෑ. භගමණිය උත්තේජනය කරන්න කියලා වැඩියෙන් ඇතුළට දාන්න වත්, හනුමා වන්නම් නටන්නවත් ඕන නෑ. ගැහැණු කෙනෙක් ගේ කකුල් දෙක පළල් කරපු ගමන්ම ඕක ලස්සනට පේන්න තියෙනවා. එලියෙමයි තියෙන්නේ. ගැහැණු කෙනෙක්ට උත්තේජනයක් දෙන්න පාවිච්චි කරන්න පුළුවන් එකම දේ ඔය ඇතුළට දාන එකම නෙමේ. තව දේවල් තියෙනවා. අත, දිව උනත් මේකට පාවිච්චි කරෑකි. අපේ website එකේ Clitorous/ Clitoris කියලා search කරන්න, භගමණිය උත්තේජනය කරන එක ගැන ලිව්ව article තියෙනවා.
📌ඉක්මන් කොටයි
Research වලින් එහෙම පෙන්නලා තියෙන විදියට ගැහැණු කෙනෙක්ට වැඩේ පටන් අරන් සුරතාන්තයක් ලැබෙන තැන වෙනකල් විනාඩි 30-50ක් වගේ යනවා.
හැබැයි පිරිමින්ට ඕකට ගත වෙන්නේ විනාඩි 3- 5 ත් අතර කාලයක් විතරයි.
ඉතින් එතනම හෙනම අවුලක් තියෙනවනේ. ඒ හින්දා ගැහැණු කෙනාගේ සතුට ගැන වෙනමම හිතන්න වෙනවා. අනික තමා සෙස් කරන එක ගැන කිව්වම ගොඩක් දෙනාට තියෙන්නේ ඒ ගැන හරිම පටු අදහසක්. යෝනි මාර්ගය ඇතුළට දාලා කරන එක විතරක් නෙමෙයි සෙස් කරනවා කියන්නේ. හැබැයි සෙස් කරනවා කියන එක මුළු ඇඟම ස්පර්ශ කරලා කරන්න පුළුවන් නම් සුරතාන්තය ලබන්න දෙන්නට යන වෙලාවල් දෙකේ වෙනස පොඩ්ඩක් අඩු කර ගන්න පුළුවන්. ඒ කියන්නේ foreplay ටිකක් කරන්න.
📌ලිහිසිකාරක පාවිච්චි කරන්න
ලිහිසිකාරක ගැන තියෙන පොඩි වැරදි මත ටිකක් ගැන ඉස්සෙල්ලම කියලා ඉන්නම්.
❌ගැහැණු කෙනාගේ යෝනි මාර්ගය තෙත් වෙලා නැත්නම් එයාට සතුටක් ලැබෙන්නේ නෑ.
❌ගැහැණු කෙනාගේ යෝනි මාර්ගය තෙත් වෙලා තියෙනවා කියන්නේ එයාට සතුටක් ලැබෙනවා.
ඔය දෙකම මිත්යා මත.
Arousal- desire mismatch කියලා කියන්නේ ඕකට. ඒ කියන්නේ ලිංගික ආශාවක් ආවට එයාගේ යෝනි මාර්ගයේ ලිහිසිකාරක ශ්රාවය වෙන්නේ නෑ. වයසත් එක්ක එහෙම ඇඟේ ඉස්ට්රජන් මට්ටම අඩු උනාම සම වියළි වෙන හින්දා මේක වෙන්නත් පුළුවන්.
මේ 2 ලිංගික උත්තේජනයක් ලැබෙන්න බලපාන්න පුළුවන් වෙන වෙලාවල් තියෙනවා. හැබැයි ලිංගික උත්තේජනයක් ලැබිලාද නැද්ද කියන එක ඔය දෙකෙන් තීරණය කරන්න බෑ. ඒ කියන්නේ යෝනි මාර්ගය තෙත් වෙලා නැතුවත් එයාට සතුටක් ලැබෙන්න පුළුවන්. ඒකෙම අනිත් පැත්ත යෝනි මාර්ගය තෙත් වෙලා තියෙද්දිත් එයාට සතුටක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්.
ලිහිසිකාරක වලින් සංසර්ගය ලේසි කරනවා.
ලිහිසිකාරක වලින් කරන්නේ එකට ඇතිල්ලීම හින්දා ඇති වෙන ඝර්ෂණය අඩු කරන එක විතරයි. ඝර්ෂණය අඩු උනාම සෙස් කරන එක සුමට වෙලා ලිංගික තෘප්තියක් ලබා ගන්න ඒක උදව් කරනවා, ඝර්ෂණය වැඩි උනාම වේදනාවක් දැනෙනවා. එතකොට ඉතින් කිසිම උත්තේජනයක් නෑ.
ඒ හින්දයි කියන්නේ ලිහිසිකාරක ලිංගික උත්තේජනයක් ලබා ගන්න හරිම වැදගත් කියලා. ලිහිසිකාරක පාවිච්චි කරන අය වැඩියෙන් සහ වැඩි වාර ගණනක් ලිංගික උත්තේජනය ලබනවා කියලා මේ ගැන research කරලා තියෙන දේවල් වලින් හොයාගෙන තියෙනවා, ඔයාට ගැළපෙන ලිහිසිකාරකය මොකද්ද කියලා දැන ගන්න website එකේ lubricant කියලා search කරලා ඒ ගැන තියෙන article බලන්න.
#XeducationSL