බස් වල ගමන්
බිමන් යන හැම කෙනෙක්ටම වගේ, පිරිමියෙක්ගේ
මේ ඉරියව්ව හින්දා කවමදාක හරි මූගේ හොම්බට දෙකක් ඇන ගන්න තිබ්බා නම් කියන හැඟීම
හිතට ඇවිල්ලා ඇති.
වනචර කමට එහෙම
යන පිරිමිත් ඇති, හැබැයි ඉතින්
සද් ගුණවත් මහත්වරුත් ඔහොම කකුල් පළල් කරගෙන යනවා. සීමා සහිත කකුල් පළල් කරගෙන යෑමේ
නිදහස අහිමි සකළ ලෝක වාසි පිරිමින්ට තමා මේ පෝස්ට් එක.
ඇත්තටම ඇයි
පිරිමි එහෙම කකුල් පළල් කරගෙන ඉඳගන්නෙ.
ඒකට හේතු
කිහිපයක්ම තියෙනවා.
📌 ශ්‍රෝණියේ හැඩය
කොඳු ඇට පෙලේ
පහල කොටස සහ ඉණ ප්‍රදේශය සම්බන්ධ වෙන ප්‍රදේශය තමා ශ්‍රෝණිය/
pelvis
කියන්නේ. අස්ථි
කොටස් කිහිපයක්ම එකතු වෙලා තමා මේ ශ්‍රෝණිය හැදිලා තියෙන්නේ.
Femurs/
කකුලේ කළවා
අස්ථි 2ත් සෙට් වෙන්නේ ඔන්න ඔය ශ්‍රෝණියේ දෙපැත්තට.
ඉතින් පිරිමි
අයගේ ගැහැණු අයට සාපේක්ෂව ශ්‍රෝණිය ටිකක් වැඩියෙන් පළලට තමා හැදිලා තියෙන්නේ, ඒ හින්දම ඉඳ ගද්දි
කකුල් දෙකත් ටිකක් පළලට තමා තිබ්බවෙන්නේ.
📌 ඉනේ Socket වල ඇදය
හිතන්න ඔන්න
මේසයක් තියෙනවා. ඒ මෙසේ කකුල් 4ම තනි කෙලින් නෙමේ එළියට ඇද වෙන්නයි හදලා තියෙන්නේ.
අන්න ඒ මේසේ කකුල් වගේ තමා පිරිමි අයගේ Femurs/ කකුලේ කළවා අස්ථි දෙක උඩ කිව්ව ශ්‍රෝණියට
සම්බන්ධ වෙලා තියෙන්නෙම පොඩ්ඩක් එළියට ඇද වෙන විදියට. ඒ හින්දම නිකන් තියෙද්දී
පිරිමි අයගේ කලවා අස්ථි දෙක දෙපැත්තට විහිදෙන විදියට තමයි තියෙන්නේ. ඉතින් කකුල්
දෙක පළල් කරන් ඉඳ ගත්තම අස්ථි වල ස්වභාවික පිහිටීමට යන හින්දා ඒක පිරිමි අයට ගොඩක්
පහසුයි.
📌 මාංශපේෂි වල සැකැස්ම
පිරිමි අයගේ
කලවා වල ඇතුල් පැත්තේ මාංශපේශි/ adductor muscles ගැහැණු අයට සාපේක්ෂව
ප්‍රමාණයෙන් සහ ශක්තියෙන් වැඩියි. ඒ හින්දා කකුල් පළල් කරන් ඉද්දි ඒ මාංශපේශි වලට
කිසි ආතතියක් නැතුව නිදහසේ ඉන්න ලැබෙනවා.
📌 රැකගෙන ආ වස්තුව
මේක තමා ලොකුම
හේතුව.
පිරිමි ඉඳගන්නෙ
කකුල් දෙක මැද්දේ ලොකු වස්තුවක් පරිස්සම් කරගෙන. ගැහැණු අය වගේ කකුලක් උඩ කකුලක්
දාගෙන ඉද්දි කළවා වලට තද වෙලා ඔය මැද්දේ පරිස්සම් කරන් ඉන්න දේවල් තද වෙනවා.
වේදනාවක් වගේම රුධිර ගමනය උනත් බාධා වෙන්න පුළුවන් ඕවා තද උනොත්. ඉතින් ඒ ප්‍රශ්න
මොකුත් නෑ, පරිස්සම් කර ගන්න පුළුවන් දේවල් පරිස්සම් කරගෙන නිදහසේ යන්නේ පුළුවන්
කකුල් දෙක පළල් කරන් ඉඳගත්තම.
📌 එල්ලෙන සියල්ල රඹුටන්
නෙමේ
ශුක්‍රාණු
හැදෙන වැඩේ හරියටම වෙන්න ඕන කරන පරිසරය හදා ගන්න වෘෂණ කෝෂ වල උෂ්ණත්වය ශරීර
උෂ්ණත්වයට වඩා ටිකක් අඩුවෙන් තියා ගන්න තමා ඇඟ කැමති. ඒකයි රස්නේ දවස් වලට එහෙම
ඕවා ගොඩක් එල්ලෙන්නේ. ඉතින් කකුල් ටිකක් පළල් කරන ඉද්දි ඒ ප්‍රදේශයට වැඩියෙන්
වාතාශය ලැබෙනවා ඒ හින්දා වෘෂණ කෝෂ වල උෂ්ණත්වයත් අඩුවෙන් පවත්වාගෙන යන්න පුළුවන්
වෙනවා. කකුල් ටිකක් පළල් කරගෙන යන්න ඒකත් හේතුවක්.
📌 අමුකු ඩුමුක බස්
ලංකාවේ වැඩි
හරියක්ම දුවන්නේ ඉන්දියාවෙන් ගෙන්නපු ලොරි බොඩි හයි කරලා තියෙන ලේලන්ට් බස්. ඔය
බස් වල සීට් එකක දෙන්නෙක් ඉඳ ගත්තම කොහොමත් එකෙක්ගේ පස්සේ බාගයක් එළියේ. පස්ස
බාගයකුත් එළියේ තියාගෙන වැටෙන්න නොදී අල්ලන් යන අපිට කකුල් ලං කරන් යන හැටි ගැන කියන්න
එන්න එපා මහත්තයෝ.
ඉතින් බස් එකේ
එහෙම යද්දී කකුල් දෙක පළල් කරන යන පිරිමියෙක්ට දෙහි කපන්න කලින් පොඩ්ඩක් මේ පෝස්ට්
එක මතක් කර ගන්න. කකුල් පළල් කරගෙන ඉඳගෙන ගිය පළියට ඒක ඒ පිරිමියාගේ වරදක් වෙන්නේ
නෑ. දෙය්යනේ ඒ පිරිමි හැදිලා තියෙන විදිය.
හැබැයි ඉතින්
එහෙමයි කියලා අනිත් මනුස්සයා ගැනත් පොඩ්ඩක් හිතලා කකුල් දෙක පොඩ්ඩක් ලං කර ගන්න
නම් ඕනම පිරිමියෙක්ට බැරි කමක් නෑ. Gentleman කියන වචනේ පිරිමින්ට පාවිච්චි කරන්නේ ඒකනේ.
#XeducationSL