ලෝකයේ හැම පිරිමි
8 දෙනෙක්ගෙන්
එක්කෙනෙක්ටම පුරස්ථි ග්රන්ථි පිළිකා අවදානම තියෙනවා කියලා කියනවා. අපේ page එකේ ඉන්න followers ලා 15,000 න් 60% ක් ඉන්නේ පිරිමි. ඒ
කියන්නේ 9000ක්. ඒකෙන් අපි 1/8 ක් ගන්නේ නැතුව 1/10 ක් ගත්තත් මේ පෝස්ට්
කියවන 900 දෙනෙක්ට පුරස්ථි ග්රන්ථි පිළිකා අවදානම තියෙනවා.
පුරස්ථි ග්රන්ථි
වල ප්රධානම කාර්යය තමා ශුක්රාණු ආරක්ෂා කරන්න ඕන කරන තරලයක් නිපදවන එක. ඒ තරලය
පුරස්ථි ග්රන්ථි වල හැදෙන්නේ ශුක්රානු පිට කරන වෙලාවටයි.
මීට කලිනුත්
දවසක පෝස්ට් එකක කෙටියෙන් මම කියලා තියෙනවා නිතර ශුක්රාණු පිට කරන අයට මේ පුරස්ථි
ග්රන්ථි පිළිකා හැදෙන අවදානම අඩු වෙනවා කියලා.
📌මේ ශුක්රාණු පිට කරන
එකයි පුරස්ථි ග්රන්ථි වල අවදානම අඩු වෙන එකයි අතරේ තියෙන සම්බන්ධය ගැන හොයා ගත්තේ
1992
දී 40,000 ට වඩා මිනිස්සු අරගෙන
කරපු සමීක්ෂණයකින්. 1992 පටන් ගත්ත research එක 2010 අවුරුද්ද වෙනකම්ම කළා.
මේ research එක කරන්න මෙච්චර
කාලයක් ගත්තේ ඇයි දන්නවද?
ඒ මොකද, පුරස්ථි
ග්රන්ථි වල පිළිකා කියන්නේ කාලයක් තිස්සේ හරිම හිමීට වර්ධනය වෙන එකක්. හස්බන්ඩ්
ගේ අතින් මොකක් හරි වැරද්දක් උනාම, සෑහෙන කාලෙකට කලින් කරපු පුංචිම වැරද්දක් උනත්
අවුරුදු ගානකට පස්සේ හරි මතක් කරලා බනින්න පුළුවන් ගැහැණුන්ට තියෙන විශ්මිත හැකියාව
වගේ තමා, පිළිකාවක් හැදිලා තියෙනවා නම් ඒකට බලපාන පළවෙනි හේතුවත් අවුරුදු ගානකට
කලින් පටන් අරන් තියෙන්නේ. අන්න ඒ හින්දා තමා මේ research එක අවුරුදු 18ක් තිස්සේ කරලා තියෙන්නේ.
📌ඉතින් මේ research එකට සම්බන්ධ කර ගත්ත
අයව අරගෙන එයාලට ප්රශ්න වගයක් දීලා තියෙනවා උත්තර දෙන්න, ඒ ප්රශ්න වලින් එකක්
තමා ඔයා අවුරුදු 10 තිස්සෙම
මාසෙකට කී පාරක් වගේ ශුක්රාණු පිට කරාද කියන එක.
ඔය ප්රශ්නේ
විතරක් නෙමේ, ශරීරයේ ක්රියාකාරී
මට්ටම, බර, දුම් පානය, ආහාර රටාව, දික්කසාද, මානසික ප්රශ්න
තියෙනවද වගේ, මේ මෛන්ද මහත්තයගේ රටේ ඉන්න අපිට තියෙන ප්රශ්න වලටත් වඩා වැඩි සෑහෙන
ප්රශ්න තොගයක්ම ඕකේ අහලා තීබ්බා.
ඒවට හම්බෙන
උත්තට අනුව research එක කරපු අයට
තේරුනා වයස වැඩි වෙනවත් එක්ක ශුක්රාණු පිට කරන වාර ගණන අඩු වෙනවා කියලත්.
👉වයස 20-29 පිරිමින්ගෙන්, 57% ක්ම කිව්වා එයාලා
මාසෙකට 13 වතාවක් හෝ ඊට
වඩා ශුක්රාණු පිට කරනවා කියලා.
👉වයස 40-49 අයගෙන්, 32% ක් විතරයි කිව්වේ මාසෙකට 13 වතාවක් හෝ ඊට වැඩියෙන් ශුක්රානු පිට කරනවා කියලා.
ඔය විදියට
දත්ත ටික එකතු කරගෙන මාසෙකට 21 වතාවක් ශුක්රානු
පිට කරන අයව, මාසෙකට 4-7 වතාවක් වගේ
ශුක්රාණු පිට කරන අය එක්ක සංසන්දනය කරලා බැලුවා.
👉ඒ විදියට අරන් බලද්දී
එයාලට තේරුනා මාසෙකට 21 වතාවක් ශුක්රාණු
පිට කරපු සෙට් එකට පුරස්ති ග්රන්ථි වල පිළිකා හැදෙන්න පුළුවන් අවදානම මාසෙකට 4-7 වතාවක් වගේ ශුක්රාණු
පිට කරන අයට වඩා 20% ක්ම අඩුයි
කියලා.
ඉතින් ඔන්න ඔය
research
එක එළියට ආවට
පස්සේ තමා පස්සේ තමා කට්ටිය කියන්න ගත්තේ මාසෙකට 21 වතාවකට වඩා ශුක්රාණු පිට
කරද්දී පුරස්ථි ග්රන්ථි පිළිකා අවදානම අඩු වෙනවා කියලා.
හැබැයි එහෙමයි
කියලා පුරස්ථි ග්රන්ථි පිළිකාවකින් වැළකෙන්න මාසෙකට 21 පාරකට වඩා ශුක්රාණු පිට
කරන්න කියලා නම් කාටවත් නිර්දේශ කරන්න බෑ.
ඒකෙන් කියන්නේ
නෑ, ඔයා නිතර
ශුක්රාණු පිට කරන කෙනෙක් නම් ඒක නරක දෙයක් කියලා. එහෙම කරන අය ඉතින් කරගෙන යන්න.
හාරි.. හාරි..
අවුලක් නෑ.....
#XeducationSL
👉වයස 40-49 අයගෙන්, 32% ක් විතරයි කිව්වේ මාසෙකට 13 වතාවක් හෝ ඊට වැඩියෙන් ශුක්රානු පිට කරනවා කියලා.