ගැබ් ගන්නේ නැතුව එකතු වෙන්න පුළුවන් දවස් ලේසියෙන්ම හොයා ගන්න ක්‍රම 5 ක් : Natural birth control methods – Part 2

 

මීට කලින් දැම්ම පෝස්ට් එකක් දැම්මා ස්වභාවික ක්‍රම වලින් ගැබ් නොගෙන සෙස් කරන විදිය මොකද්ද කියලා. එකේදී සරු කාලය හොයා ගන්නේ කොහොමද? ඒ දවස් මඟ ඇරලා සෙස් කරාම ගැබ් ගන්න තියෙන අවස්තාව අඩු වෙන විදිය ඕව සේරම විස්තර ඇතුවම කිව්වා. ඒක කියවන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඉස්සෙල්ලම කියවලා මේකට එන්න. පෝස්ට් එකේ ලින්ක් එක ඕන්නම් පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා.

ඔසප් චක්‍රය වෙද්දී ගැහැණු අයගේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන නිකුත් වෙනවා. මේ හෝමෝන වලින් ගැහැණු අයගේ ශරීරයේ එක එක වෙනස්කම් කරනවා.

📌 ගැහැණු කෙනෙක්ගේ ඇඟේ ශ්‍රාවයන් වෙනස් වෙන විදිය බලලත් මේ සරු දවස් මොනාද සරු නැති දවස් මොනාද කියලා හොයා ගන්න පුළුවන්. ඔසප් උනාට පස්සේ පලවෙනි දවස් කිහිපයෙදී යෝනි මාර්ගය ගොඩක් වියළිව තමා තියෙන්නේ. (dry vagina) එතකොට ඒ කාලයේ සෙස් කරාට ගැබ් ගන්න තියෙන සම්භාවිතාව අඩුයි.

ඔය දවස් ටික පහු උනාට පස්සේ ටික ටික යෝනි මාර්ගයේ ශ්‍රාවයන් පිට වෙන්න පටන් ගන්නවා.

📌 තව දෙයක් තමා යෝනි ශ්‍රාව ටිකක් ඇළෙන සුළුයි. ඇඟිලි දෙකට පොඩ්ඩක් ගත්තම ඔය ඇළෙන සුළු ගතිය හොඳටම තේරෙනවා. ඔන්න ඔය ඇලෙන සුළු ශ්‍රාව පිට වෙන්නේ ඩිම්බ පිට වෙන එක ලං වෙනකොටයි. අන්න ඒ හින්දා ඇලෙන සුළු ශ්‍රාවය පිට වෙන දවස් වලටත් ගැබ් ගන්න තියෙන අවස්තාව වැඩියි.

📌 ළමයි ලැබිලා ඉන්න අය නම් දන්නවා හැබැයි ටිකක් තරුණ අය පේජ් එකේ වැඩියෙන් ඉන්න හින්දා වැඩි දෙනෙක් නොදන්න දෙයක් තමා දරුවෙක් ලැබිලා දරුවට මව් කිරි දෙන කාලයේ මාස කිහිපයක් යනකම් අම්මට පීරියඩ් හැදෙන්නේ නෑ. දරුවාට මව් කිරි දෙද්දී ඇඟේ හැදෙනවා ප්‍රෝලෑක්ටින් කියන හෝමෝනය. ඔය හෝමෝනය ඇඟේ ඩිම්බ පිට වෙන එක පරක්කු කරවනවා. ඒ හින්දා තමා ඔය කාලෙට අම්මලාට පීරියඩ් හැදෙන්නේ නැත්තේ. එතකොට  පීරියඩ් හැදෙන්නේ නැත්නම් ඒ කාලේ ගැබ් ගන්න ඉඩක් ඇත්තෙම නැති තරම්.

📌 තවත් ක්‍රමයක් තමා basal body temperature ක්‍රමය, ඒ කියන්නේ ශරීරයේ උෂ්ණත්වය අනුව ඇඟේ ඩිම්බයක් පිට වෙන දවස කවද්ද කියන එක කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩිම්බ පිට වෙන දවස් කිට්ටු වෙද්දී සහ ඩිම්බ පිට වෙලා දවසක් දෙකක් පහු උනාට පස්සෙත් ඇඟේ උෂ්ණත්වය පොඩ්ඩක් වැඩි වෙනවා. හැබැයි මේක නම් හරියටම නිර්ණය කරන්න අමාරු වැඩක්, ඒ හින්දා වැඩිය sure කරන්න හොඳ ක්‍රමයක් නෙමේ.

📌 Withdrawal method.

මේක තමා ජනප්‍රියම ස්වභාවික උපත් පාලන ක්‍රමය. මේක ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. සෙස් කරලා පිරිමි කෙනාට යන්න ලං වෙද්දී පුරුෂ ලිංගය යෝනි මාර්ගයෙන් එළියට ගන්නවා. සරළයි.

හැබැයි ඉතින් වැඩේ කියන්නේ මේකත් 100% ක්ම ආරක්‍ෂිත ක්‍රමයක් නෙමේ. මේකත් අසාර්ථක වෙන්න පුළුවන්.

පිරිමි කෙනෙක්ට ශුක්‍රානු පිට වෙන්න කලින් පිට වෙන ශ්‍රාවයක් තියෙනවනේ pre- cum කියලා. කලින් ලියපු ඒවගෙත් කියලා තියෙනවා ඔය විදියට යන pre-cum වලත් කලින් එළියට ආව ශුක්‍රාණු කළවම් වෙලා එන්න පුළුවන්. ඉතින් ඒ විදියට එන ශුක්‍රාණු යෝනි මාර්ගයට ගියොත් එහෙම ශුක්‍රාණු යෝනි මාර්ගයෙන් එළියේ යැව්වා කියලා බේරීමක් නම් නෑ පුතේ. හැබැයි ඔය pre- cum වලින් ශුක්‍රාණු එළියට එන එක නවත්ත ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමා ශුක්‍රාණු කරන්න කලින් චූ කරලා එන්න. එතකොට ඇතුලේ රඟන ශුක්‍රාණු ටික සේරම එළියට ගිහින් සිස්ටම් එක සුද්ද වෙලා යනවා.

අනික තමා වැඩේ යන වෙලාවට ඔය ශුක්‍රාණු පිට වෙන වෙලාව කියන්නේ හොඳම හරියනේ. ඉතින් ඔය වෙලාවට අන්තිම ටිකේ එළියට ගන්න කලින් නොදැනීම ඇතුලෙම පොඩ්ඩක් යන්නත් පුළුවන්. ඒ හින්දත් මේක අසාර්ථක වෙන්න පුළුවන්. හොඳම හරියේ එළියට අදින්න අකමැති හින්දා මේ ක්‍රමය ටත් අකමැති අය ඉන්නවා. එහෙම හිතන අය සාධාරණයි, මොකද ඉතින් විනාඩි ගානක් තිස්සේ දාඩිය දාගෙන ඔට්ටු වෙලා මියක් කඩන්නේ අත ලෙව කන්න නෙමේ කියලා කතාවකුත් තියෙනවනේ. හැබැයි ඉතින් හරියට කරොත් ක්‍රමේ සාර්ථකයි.

මේ ස්වභාවික උපත් පාලන ක්‍රම වලට වඩා සාර්ථක උපත් පාලන ක්‍රම මොනාද කියලා දැන ගන්න ඕන නම් අපේ වෙබ්සයිට් එකට ගිහිල්ල birth control කියලා search කරලා බලන්න. කලින් ලියපු ආටිකල් තියෙනවා.

එහෙනම් ඉතින් දරු සුරතල් බලාපොරොත්තුවෙන් ඉන්න අයගේ ඒ සිහින සැබෑ වේවා, දරු සුරතල් දැන්ම බලාපොරොත්තු නොවෙන අයගෙත් ඒ ඒ සිහින සැබෑ වේවා.

#XeducationSL

 


Previous Post Next Post