සමහර ගැහැණු උදවිය ඉන්නවා උපත් පාලන පෙති වගේ දේවල් පාවිච්චි කරන්න කැමති නෑ. අනික තමා රේන් කෝට් දාගෙන නාළා වැඩක් නෑ වැස්සෙම තෙමෙන්න ඕන කියන පිරිමි අයත් ඉන්නවා. ඉතින් ඔන්න ඔය වගේ අයට ගැබ් ගන්නේ නැතුව සෙස් කරන්න පුළුවන් ස්වභාවික උපත් පාලන ක්රම පාවිච්චි කරන්න පුළුවන් ක්රම මොනාද කියලා තමා මේ පොස්ට් එකේ තියෙන්නේ.
ඔයාලා හැමෝම දන්නවා දරු කළලයක් හැදෙන්නේ ශුක්රාණුක් සහ ඩිම්බයක්
එකතු වෙලා කියලා. ගැහැණු කෙනෙක්ගේ ඇඟ ඇතුලේ ඩිම්බයක් නැත්නම් යෝනි මාර්ගය ඇතුලේ
කොච්චර ශුක්රාණු පිට කරත් ගැබ් ගන්නේ නෑ. ඉතින් ඩිම්බ පිට වෙන දවස මොකද්ද කියලා
හරියටම හොයා ගන්න පුළුවන් නම් ඒ දවස් ටිකේ ලිංගිකව එකතු නොවී හිටියොත් ගැබ් ගන්නේ
නෑ.
මේ ස්වාභාවික උපත් පාලන ක්රම වල තියෙන ලොකුම වාසිය තමා
කෘතීම උපත් පාලන ක්රමයක් පාවිච්චි නොකරන හින්දා පිටින් හෝමෝන ඇඟට එන්නේ නෑ. ඒ
හින්දා කිසිම අතුරු ආබාධයක් එන්නේ නෑ. හැබැයි ලොකුම අවාසිය තමා ඩිම්බ පිට වෙන දවස
හොයා ගන්නේ අනුමාන කරලා හින්දා ඒ දවස කණා ෂොට් එකක් වෙන්න අවස්තාවක් තියෙන්න පුළුවන්.
Failure rate එක ටිකක් වැඩියි.
සරු කාලය කියන එක ගැන එහෙම අහලා ඇතිනේ. ඔසප් චක්රයක
ගැබ් ගැනීමක් වැඩියෙන්ම සිද්ද වෙන්න පුළුවන් දවස් කිහිපය තමා සරු කාලය කියන්නේ. ඒ
දවස් ටික ඇරුණම අනිත් දවස් ටිකේ ගැබ් ගන්න තියෙන සම්භාවිතාව අඩුයි. හොඳට මතක තියා
ගන්න, අඩුයි
මිසක් “නෑ” නෙමේ.
ඔබේ වාසනාවේ තරම, ඔබ ඕනෑම දවසක ගැබ් ගැනීමට ඇති සම්භාවිතාවයට
අනුලෝමව සමානුපාතික වේ.
මේ පොස්ට් එකේ වැඩියෙන්ම පාවිච්චි වෙන වචනය ඔසප් චක්රය.
ඒ හින්දා ඔසප් චක්රය කියලා කියන්නේ මොකද්ද කියලා දැන ගන්න ඉස්සෙල්ලම. මේ පෝස්ට්
එක අනුව ඔසප් චක්රය කියලා කියන්නේ පීරියඩ් හැදිලා ඊළඟ මාසේ පීරියඩ් හැදෙන දවස
වෙනකම් තියෙන දවස් ගාන.
මම දැන් කියලා දෙන්නම් මේ විදියට ආරක්ෂිතව ලිංගිකව එකතු
වෙන්න පුළුවන් දවස් හොයා ගන්නේ කොහොමද කියලා.
මෙන්න මෙහෙමයි ඔය දවස හොයා ගන්නේ.
👉 පියවර අංක 1:
ඉස්සෙල්ලම ඔයාගේ ඔසප් චක්රය ක්රමවත් ද, අක්රමවත්ද කියලා
බලන්න.
හිතන්න ඔයාට දවස් 30න් 30ට පීරියඩ් හැදෙනවා කියලා. එහෙම
නැත්නම් දවස් 28න් 28 ට. එක්කෝ දවස් 29න් 29 ට. ඔය විදියට හැමදාම එකම දවස් ගාණකට පාරක්
පීරියඩ් හැදෙනවා නම් අන්න ඒ කියන්නේ ඔසප් චක්රය ක්රමවත්.
පීරියඩ් හැදෙන දවස් දෙකක් අතරේ දවස් ගාණ මාසෙන් මාසෙට
වෙනස් වෙනවා නම් ඔසප් චක්රය අක්රමවත්.
📌 ඔසප් චක්රය ක්රමවත් නම් දිගටම ඊළඟ පියවර කියවන් යන්න.
අක්රමවත් නම් මේ ටික පොඩ්ඩක් skip කරන් ගිහින් ඉස්සරහ බස්
හෝල්ට් එකේ කියවන්න නවතින්න.
👉 පියවර 2:
ඔසප් චක්රය ක්රමවත් කෙනෙක්ගේ ඩිම්බ පිට වෙන්නේ ඊළඟ පීරියඩ්
හැදෙන්න තියෙන දවසට දවස් 14 කට කලින්. ඒක හැමෝටම පොදු අගයක් කියලා පිළිගන්නවා.
උදාහරණයක් එක්ක කියනවා නම්, ඔන්න හිතන්න ඔයාගේ ඔසප්
චක්රය දවස් 30යි. එතකොට ඔසප් චක්රයේ ඔයාගේ ඩිම්බ පිට වෙන දවස කවද්ද? හරිම ලේසියි. 3 වසරේ
ගණිතය.
30 - 14 = 16
ඒ කියන්නේ 16 වෙනි දවසේ තමා ඩිම්බයක් පිට වෙන්නේ. දැන්
මේ දවසට දවස් 7 කට කලින් සහ මේ දවසට දවස් 2 කට පස්සේ ගැබ් ගන්න ලොකු හැකියාවක්
තියෙනවා. අපේ උදාහරණයට අනුව නම් 9 වෙනි දවස සහ 18 වෙනි දවස අතරේ සෙස් කරොත් ඔන්න
බඩුම තමා.
මේ උදාහරණයට අනුව නම්,
උපත් පාලන නැකත් සීට්ටුව අනුව 9 වෙනි දවස සහ 18 වෙනි දවස
හැර සෙසු නිසරු දින වලදී නිර්-වස්ත්ර වර්ණාභරණයෙන් සැරසී කැමති දිසාවක් බලා අපර
භාගයේදී සෙස් කිරීම මැනවි.
දැන් මේ දවස් ගාණ හදන එක පැටලිලා ඉන්න කෙනෙක් ඉන්නවා නම්
අපි ඔය කිව්ව ඔසප් චක්රයේ දවස් ගාන ගණන් කරද්දී 1 වෙනි දවස විදියට ගන්නේ පීරියඩ්
හැදෙන දවස. එතන ඉඳන් ඊලඟට පීරියඩ් හැදෙන දවසට තියෙන දවස් ගාන ගැන ගත්තා නම් මේ
කිව්ව ඔසප් චක්රයේ දවස් ගාන හදා ගන්න පුළුවන්.
📌 ඔසප් චක්රය අක්රමවත් කෙනෙක් ගේ සරු කාලය
ඔසප් චක්රය අක්රමවත් අයගේ ඔය උඩ කිව්ව විදියට දවස හදලා
බෑ. මේ දවස හොයන්න නම් පහුගිය මාස 6- 7 කම දත්ත ඕන වෙනවා. ඒක කරන්නේ මෙහෙමයි.
මෙන්න මෙහෙමයි දවස් හොයා ගන්නේ.
පහුගිය මාස ටිකේම පීරියඩ් හැදුන දවස් දිහා බලලා දිගම
ඔසප් චක්රය දවස් කීයක්ද කියලා ලියා ගන්න.
කෙටිම ඔසප් චක්රයත් දවස් කියක්ද කියලත් ලියා ගන්න.
මේකත් අපි උදාහරණයකින් බලමු.
ඔන්න හිතන්න, කෙටිම ඔසප් චක්රය දවස් 26යි. දිගම ඔසප්
චක්රය දවස් 29යි.
දැන් කරන්න තියෙන්නේ 3 වසර ගණිතය පාවිච්චි කරලා කෙටිම
ඔසප් චක්රයේ දවස් ගාණෙන් දවස් 18ක් අඩු කරන්න. මේ 18 කියන ඉලක්කම හැමෝගෙම පොදු
අගයක් කියලා ගන්නවා. ඒ කියන්නේ 26 – 18 = 08.
දැන් දිගම ඔසප් චක්රයේ දවස් ගානටත් ඕකම කරලා බලන්න.
හැබැයි දිගම ඔසප් චක්රයේ දී අඩු කරන්න ඕනා 18ක් නෙමේ 11ක්. මේ 11 කියන ඉලක්කම
හැමෝගෙම පොදු අගයක් කියලා ගන්නවා. එතකොට උත්තරේ 29 – 11 = 18.
ඔන්න දැන් අපිට උත්තර 2ක් ආවා.
8 සහ 18.
8 වෙනි දවස් කියන්නේ සරු කාලට පටන් ගන්න දවස. 18 වෙනි
දවස කියන්නේ සරු කාලය අවසන් වෙන දවස.
මේ උදාහරණයට අනුව නම්,
උපත් පාලන නැකත් සීට්ටුව අනුව 8 වෙනි දවස සහ 18 වෙනි දවස
හැර සෙසු නිසරු දින වලදී නිර්-වස්ත්ර වර්ණාභරණයෙන් සැරසී කැමති දිසාවක් බලා අපර
භාගයේදී සෙස් කිරීම මැනවි.
ඔන්න ඕක තමා කිසිම කෘතීම උපත් පාලන ක්රමයක් පාවිච්චි
කරන්නේ නැතුව නිසරු දවස් බලලා ලිංගිකව එකතු වෙන විදිය. ඉතින් තව කෙනෙක්ට දැන ගන්න share කරන්න.
3 වසර ගණිතය බැරි ළමයින්ට මේ පොස්ට් එකේ දෙවෙනි කොටසත් තව article එකක් දාලා
තියෙනවා. සරු දවස් මඟ ඇරලා සෙස් කරන්න ඒකෙත් පොඩි ටිප්ස් ටිකක් තියෙනවා. ඒකත්
කියවන්න.
#XeducationSL