මේ
පෝස්ට් එක දාන්න කලින් ඊයේ දැම්මා story එකකුත් වැඩියෙන්
සෙස් කරන්න ආසාව වැඩි ගැහැණුන්ට ද? පිරිමි අයටද
කියලා. දාපු story එකට ආව vote 400 ගාණකින් ගැහැණු
පිරිමි දෙගොල්ලන්ටම 50% - 50% වගේ තමා vote හම්බෙලා තිබ්බේ.
මම නම් ඇත්තටම හිතුවේ ඔය දෙක අතර ලොකු වෙනසක් එයි කියලා.
📌ඒ story දැමිල්ල කෙසේ
වෙතත්. ගැහැණු සහ පිරිමි අයගේ ලිංගික ආශාව ගැන 2007 අධ්‍යනයක් කරලා තියෙනවා. මේකට
200ක් දෙනා සහභාගී කරගෙන තියෙනවා. ඒ අයගෙන් ඒ අයගේ ලිංගික ක්‍රියාකාරකම් ගැන ප්‍රශ්න
කරලා තියෙනවා. කොච්චර වාර ගණනක් ස්වයං වින්දනය කරනවද, කොච්චර වාර
ගණනක් පෝර්න් වීඩියෝ බලනවද, සහකරුවන් කොච්චර ගාණක් ඉන්නවද වගේ
ප්‍රශ්න තමා අහලා තියෙනවා.
ඒ
ලැබුන උත්තර අනුව ඒ අයව අදියර 3 කට බෙදනවා. මේ විදියට
අදියර 3 කට බෙදලා කරන මේ වගේ ක්‍රමයට කියන්නේ Bogus
pipeline study
කියලා. ඒක මෙතනට අදාළ නෑ. නිකන් නම දැන ගන්න කිව්වේ.
👉පළවෙනි අදියරේදී මේ අයව lie detective ටෙස්ට්
එකකට ගන්නවා. ඒ කියන්නේ අර බොරු කියද්දී අහු වෙන මැෂින් එකකට. හැබැයි ඒ අයව මැෂින්
එකට සම්බන්ධ කරලා තිබ්බට ඒ මැෂින් එක on කරන්නේ නෑ.
👉දෙවෙනි අදියරේ කියනවා ඔයාලගේ අධ්‍යනය
සම්පුර්ණයෙන්ම කරන්නේ නිර්ණාමිකව කියලා. ඒ හින්දා කවුරු මොනා කියනවද කියලා කවුරුත්
දැන ගන්නේ නෑ.
👉තුන් වෙනි අදියරේදී ඒ අයට කියනවා
එයාලා ලබා දෙන උත්තර research එක කරන අය පරික්ෂා කරනවා කියලා. මේ research එක
කරන්නේ College එකක හින්දා මේ අය දෙන උත්තර පරික්ෂා
කරන්නේ College එකේ එයාලගේ බැජ් වල එයාලා එක්කම ඉගෙන
ගත්ත අනිත් අය.
කොහොම
හරි මේ අදියර 3 දී, මේ අය දීපු උත්තර දිහා බැලුවම එයාලා දීපු උත්තර සෑහෙන්න පරස්පර
බව පේනවා.
ඔය 3 වෙනි
කණ්ඩායමේ අය, ඒ කියන්නේ එයාලා දෙන උත්තර තව කට්ටියක් බලනවා
කියලා කියපු කණ්ඩායම සාන්ත දාන්ත තීන්ත කුප්පි වගේ තමා උත්තර දීලා තිබ්බේ. තමන්
ස්වයං වින්දනය කරන එක, පෝර්න් වීඩියෝ බලන එක සහ පාට්නර් ලා
තියා ගන්න ගණන ගැන හරිම අඩු ඉලක්කමක් තමා උත්තර විදියට දීලා තිබ්බේ.
හැබැයි
අනිත් කණ්ඩායම් 2, ඒ කියන්නේ lie detective ටෙස්ට් එකට
ගත්ත අය සහ නිර්ණාමිකව අධ්‍යනය කරපු අයගේ දත්ත අරන් බැලුවම ඒවා ගොඩක් දුරට සමානයි.
ඊට
අමතරව මේ අධ්‍යනයට සහභාගී උන කපල් වල ලිංගික ආශාවන් වල අසමානතා තියෙනවදත් කියලා
බැලුවා. ඒ කියන්නේ පිරිමි කෙනාට සෙස් කරන්න ආසව වැඩි වෙලා ගැහැණු කෙනාට සෙස් කරන්න
ආසව අඩුයිද වගේ කේස් තියෙනවද කියලා. හැබැයි තේරුණ දේ තමා සෙස් කරන්න ආසාව අඩු කපල්
වල ගැහැණු, පිරිමි දෙන්නම සෙස් කරන්න තියෙන ආසාව අඩුයි.
ඉතින්
මේකෙන් තේරුනා පිරිමි අයට වගේම ගැහැණු අයටත් සෙස් කරන එක ගැන හැඟීම් එක සමානව
දැනෙනවා කියලා.
ඒ
කියන්නේ ඔයාට හරි ඔයාගේ හස්බන්ඩ් ට, වයිෆ් ට හෝ ඔයාගේ සෙස් පාට්නර් ට සෙස් කරන්න
ආශාව අඩුයි නම් ඇත්තටම එතන ප්‍රශ්නයක් තියෙනවා.
මේ ගැන
තව පොඩි විතරයක් ලියන්න ඕන හින්දා ලිංගික ආශාව ගැනත් පොඩියට විස්තරයක් දාන්නම්.
📌සෙස් කරන ක්‍රියාවලිය කොටස් 4කට වෙන්
කරන්න පුළුවන්.
👉Excitement:-
මේක
ඉතින් අමුතුවෙන් විස්තර කරන්න නම් දෙයක් නෑ. මේ වචනෙන් කියවෙන සිංහල තේරුමම තමා.
👉Plateau:-
හිතන්න
සුරතාන්තය කියන්නේ කඳු මුදුනක් නම් ඒ කඳු මුදුන පල්ලෙහා තියෙන සානුව තමා මේ අදියර.
👉Orgasm/ සුරතාන්තය
(මේ ගැන ඉතින් මට අමුතුවෙන් කියන්න ඕන නෑ. ඔයාලා මට කියලා දෙයි)
👉Resolution:-
සුරතාන්තය
කියන කන්දට නැගලා ආපහු හිටිය තැනට එනකම් කන්ද බහින අදියර තමා Resolution
කියන්නේ.
මෙන්න
මේ අදියර 4න් මේ පෝස්ට් එකේ කතා කරන්නේ Excitement සහ Plateau කියන
පළවෙනි අදියර 2 ගැන විතරයි.
ගැහැණු
අයට සාමාන්‍යයෙන් මේ අදියර 2 පහු කරන්න වැඩි කාලයක් යනවා. එයාලට ඒකට පාට්නර් ගෙන් පොඩි
උදව්වක් එහෙම ඕනා. පිරිමින්ට නම් මේ ගියර් 2 දා ගන්න තප්පර 2ක් තිබ්බත් ඇති. ඔය ගියර් 2 වැටුණ
ගමන් ආයේ එනවා ඒමක් තනි කෙලින් වෙලා.
ඒ
කියන්නේ හැම වෙලේම පිරිමියා ඉස්සර වෙලා ගැහැණු කෙනා එක්ක සෙස් කරන්න මුල පුරන්න ඕන
කියන එකද? - අපෝ නෑ..
ඒ
කියන්නේ කවදාවත් ගැහැණු කෙනා සෙස් කරන්න පටන් ගන්නේ නෑ කියන එකද? අපෝ එහෙමත් නෙමේ
මෙහෙමනේ...
නිකමට
පිරිමි සහ ගැහැණු අයගේ ලිංගික අවයව ගැන හිතන්න. පිරිමි කෙනාගේ තියෙන්නේ ඇතුළට දාන
එකක්. ගැහැණුන් ට තියෙන්නේ ඇතුළට ඔබා ගන්න එකක්. ඉතින් ශරීරයේ
සැකැස්ම ගත්තත් පිරිමි කෙනා මුලින් දෙයක් කරන්න ඕනා. මුලින් enter වෙන්න
ඕනා. හඹා යන්න ඕනා.
හැබැයි
ගැහැණු අයගේ ලිංගික ආශාව වෙන්නේ එයාට එන්න ඉඩ දීම. හඹා එන පිරිමි ආශාව වැළඳ ගැනීම.
ඒ
හින්දා තමා ගොඩක් වෙලාවට සෙස් කරන එක පිරිමින්ම පටන් ගන්නේ. ගැහැණු කෙනෙක්ට ලිංගික
ආශාවක් ඇති උනාම එයා බාධක ලිහිල් කරලා පිරිමි කෙනාට එන්න ඉඩ දීලා භාර ගන්නවා.
මෙන්න
මේක තේරුම් ගත්තා නම්, “හැම තිස්සෙම සෙස් කරද්දී ඇයි මම ම පටන් ගන්න ඕනා” කියන
පිරිමින්ට තමන්ගේ පාට්නර් ගැන තියෙන ප්‍රශ්නේ නැති වෙනවා. ගැහැණු අයටත් “ඇයි එයාට
වගේ මට සෙස් කරන එක පටන් ගන්න හිතෙන්නේ නැත්තේ” කියන වරදකාරී හැඟීමත් විසඳෙනවා.
හැබැයි
කලින් කිව්වා වගේ මේක හැම වෙලාවේම මේ විදියටම වෙන්නේ නෑ. එහෙම වෙන්න අවශ්‍යත් නෑ.
පටන් ගන්න කෙනා දෙන්නගෙන් ඕන කෙනෙක් වෙන්න පුළුවන්.
පෝස්ට්
එක ඉවර වෙනකම් කියවපු අයට ඔන්න පොඩි ටිප් එකක් තියෙනවා. මෙන්න මේ පහළ කියන දවස්
ටික පිරිමි මතක තියා ගන්න. එදාට ඔයාගේ පාට්නර් එක්ක වැඩේට enter
වෙන්නේ ලේසියි.
📌ගැහැණු අයට ලිංගික හැඟීම් වැඩි
වෙන්නේ එයාලගේ ඇඟේ ඊස්ට්‍රජන් හෝමෝන ප්‍රතිශතය වැඩි උනාම. සාමාන්‍යයෙන් ගැහැණු
කෙනෙක්ගේ ඩිම්බයක් පිට වෙන/ ඩිම්බ මෝචනය වෙන දවස් වලට එයාලගේ මේ
හෝමෝන වැඩි වෙනවා. පීරියඩ්
චක්‍රයේ ඔය දවස් ටික හරියට හොයා ගන්න
හැටි කලින් පෝස්ට් දෙකේ keyboard එක ගෙවෙනකම් type කරලා දාලා තියෙනවා, ඕන අය ඒ දෙක කියවන්න. සාමාන්‍යයෙන්
ක්‍රමවත් පීරියඩ් චක්‍රයක් තියෙන කෙනෙක් ගේ නම් 13-15 වගේ දවස් වල එයාලගේ ඊස්ට්‍රජන්
හෝමෝන වැඩියි, ඒ හින්දා ඒ දවස් වලට ගැහැණු අයගේ ලිංගික ආශාවත් වැඩියි.
📌ඒ වගේම පීරියඩ් හැදුනට පස්සේ ගැහැණු
අයගේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන අඩු වෙනවා. ඒ අඩු වෙනවත් එක්කම ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම
වැඩි වෙනවා. ඒ හින්දා පීරියඩ් හැදුන දවසටත් ගැහැණු කෙනෙක් පොඩ්ඩක් වැඩියෙන් horny වෙනවා.
ඒ
අතින් පිරිමි නම් වාසනාවන්. පිරිමින්ට නෑනේ ඔය චක්‍ර අනම් මනම් කැටයම්. එයාලට ඕන
වෙලාවක පුළුවන් horny වෙන්න.
Horny වෙනුවට සිංහලෙන් ලියන්න පුළුවන්
විදියේ පොඩ්ඩක් ශිෂ්ට සම්පන්න වචනයක් නැද්ද අම්මපා.
#XeducationSL