තනපුඩු වලින් කියවෙන දේවල් : Facts you should know about Women Nipples

 

ගැහැණු කෙනෙක්ගේ ඇඟේ තියෙන ආකර්ශනීයම දේවල් වලින් එකක් තමා පියයුරු කියන්නේ. මුහුණට මුහුණ ගැහැණු කෙනෙක් හම්බුනොත් මුණ දිහා බලන්නත් කලින් කුම්කු දිහා පිරිමි කට්ටිය බලන අවස්ථා පවා තියෙනවා. කිරි දෙන අනිත් හැම සතෙක්ගේම පියයුරු තියෙන්නේ පහළට එල්ලා වැටෙන විදියට. මිනිස් වර්ගයාගේ විතරයි ඕක ඉස්සරහට පිම්බිලා තියෙන්නේ. මව් කිරි දෙන්න උනත් වැඩියෙන් පහසු කුම්කු එල්ලිලා තියෙන එක මිසක් ඉස්සරහට පිම්බිලා තියෙන එක නෙමේ. ඒ අතින් බැලුවම කාන්තා පියයුරු ඉස්සරහට ස්වභාවදර්මය විසින්ම පුම්බලා හදලා තියෙන්නේ ආකර්ශනය ගන්නම තමා.

ඒ වගේම තනපුඩු වලට සෑහෙන ස්නායු සැපයුමකුත් දීල තියෙනවා. ඒ හින්දා තනපුඩු කියන්නේ හරිම සංවේදී කොටසක්. කුම්කු එක්ක සුරතල් කරද්දී ගැහැණු අයට ලිම්ගික තෘප්තියක් ලැබෙන්නෙත් ඒකයි. තේරෙනවද ස්වභාවදර්මය කුම්කු මවලා තියෙන්නේ නිකම් බබාලට කිරි දෙන්න විතරක්ම නෙමෙයි කියලා. එහෙමෙ බැලුවොත් ඉතින් ඔච්චර දේවල් මවලා තියෙන එකේ පිරිමි ඕවා දිහා බලන එකේ ඇති වරදකුත් නෑ.

ඒ කතා කෙසේ වෙතත් පියයුරු වල හරි මැද තියෙන්නේ තන පුඩු ගැන තමා මේ පෝස්ට් එක. මේ එක එක ස්වභාවයෙන් තියෙන තන පුඩු වලින් කියවෙන දේවල් ගැන තමා පෝස්ට් එකේ තියෙන්නේ.

📌තනපුඩු වල තියෙන රවුම

තනපුඩුව වටේට තියෙන තද පාටින් තියෙන රවුම තියෙනවනේ, ඕකට කියන්නේ areola කියලා. තනපුඩුවට තමා මව් කිරි ශ්‍රාවය වෙන ග්‍රන්ථි විවෘත වෙන්නේ. ඒ හින්දා තමා එහෙම හැදිලා තියෙන්නේ.

මේ කුම්කු වල areola රවුමත් එක එක්කෙනාගේ එක එක size වලින් තියෙන්න පුළුවන්. ගර්භණි කාලය ආවම එහෙම size එක පොඩ්ඩක් ලොකු වෙනවා. areola රවුම එක එක පාට වලිනුත් තියෙන්න පුළුවන්. හමේ පාට අනුවත් ඔය රවුමේ පාට වෙනස් වෙනවා. සුදු හම තියෙන අයගේ නම් ඕක ලාවට ඉදිගෙන එන ජම්බු ගෙඩි වල පාට වගේ. අපේ වගේ රටවල් වල නම් ගොඩක් දෙනාගේ ඕවා තද දුඹුරු පාට තමා. ලංකාවේ වෙන පාට වල ඒවා දැකල තියෙන අය ඉන්නව නම් කමෙන්ට් කරන්න.

ඒ වගේම හෝමෝන වල වෙන වෙනස්කම් හින්දත් තනපුඩු වල පාට වෙනස් වෙනවා. ගර්භණි උනාම, දරුවාට මව් කිරි දෙන කාලය වගේ වෙද්දී තනපුඩු වල පාට පොඩ්ඩක් තද පාටක් වෙනවා.

📌තනපුඩු වටේ එන බිබිලි

තනපුඩු වටේට පොඩි බිබිලි වගේ තියෙනවා නේද, ඒවා hair follicle. ඒවා වලින් තමා රෝම වැවෙන්නේ.

එතකොට දැන් එන අනිත් ප්‍රශ්නේ තනපුඩුවක් වටේට රෝම වැවෙන එක අවුලක්ද?

අපෝ නෑ. ගොඩක් ගැහැණු ළමයින්ගේ මෙහෙම තියෙනවා. Ex- gf කෙනෙක්ගේත් එක කුම්කුවක හෙන දිගට රෝම 2ක් වැවිලා තිබ්බා. ඒ කාලේ ඒ රෝම 2ට අත තියන්න වත් එපා කියලා මම නීති පනවලා තිබ්බයි කියලත් මේ පෝස්ට් එක ටයිප් කරන වෙලාවේ මාගේ සිහියට නැගෙනවා මිත්‍රවරුණි.

ඒ කොහොම හරි කමක් නෑ. තනපුඩු වටේ රෝම වැවෙන එක සාමාන්‍ය දෙයක්. ඔතන තියෙන රෝම ගස් 2-3ක් ගලෝලා දැම්මා කියලා ඔතන සිංහරාජ වැවෙන්නේ නෑ. ඒ හින්දා එපා නම් ගලෝලා දැම්මට අවුලක් නෑ. හැබැයි රෝම ඉවත් කරන ක්‍රීම් වර්ග නම් උලන්න යන්න එපා. මොකද තනපුඩු සහ ඒ අවට තියෙන සම හරිම සංවේදියි. ඒ හින්දා ඔය උලන එක එක ජාති වලින් අසාත්මිකතා වෙන්න පුළුවන්.

තනපුඩු ළඟ අමතරව බඩේ මුහුණේ වගේ තැන් වලත් අම්මට සිරි වෙන්න රෝම තියෙනවා නම් මේක Polycystic Ovary Syndrome කියන තත්වය වෙන්නත් පුළුවන්. ඒ හින්දා වැසි වනාන්තර තරමට රෝම වැවෙනවා නම් ඒ ගැන වෛද්‍ය උපදෙස් ගන්න.

📌තනපුඩු වල වේදනාව

ඔසප් දවස් වලදී වගේ ගැහැණු අයට තනපුඩු වල වේදනාවක් එන එක සාමාන්‍යයි. දරුවෙක්ට මව් කිරි දෙන කාලෙදිත් එහෙම වේදනාවක් එන්න පුළුවන්. ගොඩාක් තදට බ්‍රා එක අඳින ගැහැණු ළමයි ගේත් මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ව්‍යායාම කරාට පස්සෙත් තනපුඩු වල වේදනාවක් එන එක වැඩිය හිතන්න ඕන දෙයක් නෙමේ. මොකද ව්‍යායාම වල movement හින්දා තනපුඩු වලට පීඩනයක් එන හින්දා.

📌තනපුඩු පිපිරීම/ Cracked nipples

සමහර වෙලාවට තනපුඩු crack වෙන වෙලාවල් තියෙනවා. බබෙක්ට මව් කිරි දෙන කාලයේ මව් කිරි දෙන මුල් දවස් වල තනපුඩු පුපුරා යන්න පුළුවන්, මේක මේච්ච අය ඉන්නවා නම් දන්නවා ඇති, මේක ටිකක් වේදනාකාරියි. හැබැයි එහෙමමයි කියලා බබාට කිරි දෙන එක නතර කරන්නත් බෑනේ. මෘදු oil එකක් හරි ක්‍රීම් එකක් හරි ගාලා බබාට දිගටම කිරි දෙන්න කියලා තමා ඒ වගේ වෙලාවක වෛද්‍යවරු පවා නිර්දේශ කරන්නේ.

📌උපතින් එන ප්‍රශ්න

සමහර ගැහැණු අය ඉපදෙද්දීම තනපුඩු නැතුවත් ඉපදෙනවා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒවට Breast reconstruction සැත්කම් තියෙනවා. සමහර ගැහැණු අයගේ එක පියයුරක එක තනපුඩුවකට වඩා වැඩියෙනුත් පිහිටන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට වැඩියෙන් තියෙන තනපුඩුත් අයින් කරන්න පුළුවන්.

📌 තනපුඩු ඉදිමීම

තනපුඩු වටේ පුංචි පුංචි ඉදිමුම් තියන එක සාමාන්‍යයි. මේවට කියන්නේ Montgomery glands කියලා. තනපුඩු වලට අවශ්‍ය තෙතමනය දෙන්න තමයි මේවා පිහිටලා තියෙන්නේ.

📌 මව් කිරි නොවෙන වෙනත් ශ්‍රාවයන්

සමහර ඖෂධ හින්දා එහෙම වෙන්න පුළුවන්. පියයුරු වල එක එක හෝමෝන ශ්‍රාවය වෙන ගෙඩි වගේ තියෙනවා නම් ඒ හින්දත් මේක වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක හිතේ සැකයක් තියෙනවා නම් වෛද්‍ය පරික්ෂාවකට යන්න පුළුවන්.

හැබැයි මව් කිරි නොවන වෙනත් ශ්‍රාවයක් පිට වෙනවා නම් එතන පොඩි අවුලක් තියෙන්න ඉඩ තියෙනවා. මේ විදියේ එන ශ්‍රාවයන්ට පාටක් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. බය හිතෙනම දේ තමා මේ වගේ එකක් පිළිකාවක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්.

📌 තනපුඩු වල සම වෙනස් වීම

ගොඩක් අය හිතනවා තනපුඩු වල සම තුවාලයක් වගේ පේන්න ගන්නවා නම්, රතු වෙලා තියෙනව නම්, පොඩි දියර ගතියක් වගේ තියෙනවා නම් මේක මේ මොකක් හරි සමේ ලෙඩක් කියලා. ඒ හින්දම ගොඩක් අය මොනා හරි ක්‍රීම් ජාතියක් උල උලා ඉන්නවා. හැබැයි මේ වගේ වෙනසක් තියෙනවා නම් කරන්න ඕන හොඳම දේ තමා වෛද්‍ය වරයෙක් ලවා පරික්ෂා කරවා ගන්න එක. මොකද මේකත් පිළිකා වල ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමා පියයුරු වල මොනාම හරි වෙනසක් වෙනවා නම් ඒක නොසලකා හරින්න එපා. පියයුරු වල සම දොඩම් ගෙඩියේ ලෙල්ල වගේ වෙලා නම්, එක තැනක ඝණ වෙලා තියෙනවා නම් මේ දේවලුත් වැඩියෙන් හොයල බලන්න ඕනා.

පුංචි ගැටිති තියෙනවා නම් මේවත් වෛද්‍ය පරීක්ෂාවක් කරගන්න දුවන්න යන්න ඕන වෙලාවක්.

📌 ගිලුණු තනපුඩු

ගොඩක් අය වද වෙනවා ගිලුණු තනපුඩු/inverted nipples ගැන. ඉපදුණ දවසේ ඉඳන් ඕක ඔහොම්මම තිබ්බා නම් එක අසාමාන්‍ය තත්වයක් නෙමේ. මේ විදියේ කුම්කු තියෙන ගැහැණු ළමයි වද වෙන්නෙත් මව් කිරි දෙන්න ඕන කාලෙට මේක ප්‍රශ්නයක් වෙනවද කියලා. සාමාන්‍යයෙන් ගර්භණි භාවයට පත් වෙලා දරුවෙක්ට මව් කිරි දෙන්න ඕන කාලේ ආවම මේ ගිලුන තනපුඩු ආපහු තියෙන්න ඕන විදියට එනවා. ඒ හින්දා එහෙම බයක් තියා ගන්න ඕන නෑ. බැරි වෙලාවත් ඉබේම ඉස්සරහට ආවේ නැත්නම් ඒකත් ඔපරේෂන් එකක් කරලා ආපහු යථා තත්වයට පත් කර ගන්න පුළුවන්.

හැබැයි ඉපදෙද්දීම තනපුඩු ගිලා බැහැලා තියෙන එක අසාමාන්‍ය දෙයක් නොවුනට, මේ හොඳට තිබ්බ තනපුඩු එක පාරම යට බැහැලා නම්, අන්න කේස්.

👉 ඒ හින්දා ගැහැණු ළමයි සහ ඒවාට අයිතිවාසිකම් කියන අදාළ අනිත් පාර්ශවයත් නිතර අවධානයෙන් ඉන්න ඕනා කුම්කු වල වෙන මේ වගේ වෙනස්කම් ගැන. හැම ගැහැණු කෙනෙක්ම තමන් තනියෙන් Self-breast examination එකක් කර ගන්න එක වටිනවා. ඕක කරන හැටි ගැන පියයුරු පිළිකා පොස්ට් එකේ ෆොටෝ එක්කම හොඳටම විස්තරේ තියෙනවා. පළවෙනි කමෙන්ට් එකේ ලින්ක් එක දාන්නම්. ඒ පෝස්ට් එකයි, මේ පෝස්ට් එකයි දෙකම කියෙව්වා නම් කොල්ලෙක්ට උනත් තනිකර breast examiner කෙනෙක් වෙන්න ඕන තරම් විස්තර දැන ගන්න පුළුවන්. එහෙනම් ඉතින් පෝස්ට් 2 කියවලා නිකන් ඉන්නේ නැතුව උගත් දැනුම ප්‍රායෝගිකව පාවිච්චිට ගන්න ඕනා.

“පොඩ්ඩක් ඉන්න බබා මට මේ ඔයාගේ breast examination එකක් කරන්න ඕනා. පොඩ්ඩක් ඕක ගලවන්නකෝ, පිළිකා එහෙමත් තියෙනවද දන්නෑනේ.. කෝ ඉන්නකෝ පොඩ්ඩක් ඔයා පණ්ඩිතයා නොවී, මම දන්නවා කරන විදිය”

මොළේ ඇත්තෝ තැනට සුදුසු නුවණ භාවිතා කරත්වා.

#XeducationSL


Previous Post Next Post